විද්‍යාර්ථ සුක්කානම සත්සරට

186

2020 පාසල් රග්බි ලීග් තරගාවලිය සඳහා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ නායකත්වය සත්සර කළුගම්පිටියට හිමිව තිබේ. ඔහු විද්‍යාර්ථ කණ්ඩායම නියෝජනය කරන සිව්වැනි අවස්ථාව මෙයයි. කණ්ඩායමේ උපනායකත්වය හිමිව ඇත්තේ රුක්ශාන් වීරසිංහ හටය. 

මහනුවර අපරාජිතව පළමු වටය නිමා කරයි

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් සතියේ තරග…

විද්‍යාර්ථ විද්‍යාලය පසුගිය (2019) වසරේ දී සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දී ඉතා හොඳින් දක්ෂතා අතර සිටිමින් සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලියේ A කාණ්ඩයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. 

2012 වසරේ දී A කාණ්ඩයේ ප්‍රබල කණ්ඩායම් සියල්ලටම අභියෝගයක් වෙමින් සමස්ත තරගාවලියේ මුල් පුටු 5 අතර තම අසුන ද වෙන්කර ගත් විද්‍යාර්ථයින්, එම වසරේ කුමේන්ද්‍ර ධර්මදාසගේ නායකත්වයෙන් ශූරතාවය දිනා ගත් ඉසිපතන කණ්ඩායම සමඟ තරගය ද සමව අවසන් කළේය.

A කාණ්ඩයේ තරගවල හොඳින් ක්‍රීඩා කරමින් සිටි පාසලක් වූ විද්‍යාර්ථ විද්‍යාලය 2012 වසරේ දී පහළ කාණ්ඩයකට ඇද වැටෙන්නේ අනපේක්ෂිත ලෙසිනි. නමුත් අතීතය අතීතයක්ම බව පසක් කරමින් එදා පටන් අද දක්වා විද්‍යාර්ථ විද්‍යාලය නව මංපෙත් සොයා ගනිමින්, තමන්ගෙන් ගිලිහී ගිය අභිමානය සොයා නැවතත් ඉදිරියට යන්නේ පහළ කාණ්ඩයේ සිට ඉහළ නැගීමේ චේතනාවෙනි.

මේ වසරේ තරගවල දී ඉහළ මට්ටමේ දක්ෂතා පෙන්වමින් ඉදිරියට ඇදෙන විද්‍යාර්ථයින් පසුගිය වසරේ ලීග් තරගාවලිය ආරම්භ කරන ලද්දේ මහානාම විද්‍යාලය ලකුණු 75–20ක් ලෙස පරාජය කරමිනි. 

යුද – පොලිස් ගැටුමට ජයග්‍රාහකයෙක් නැහැ

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හත්වැනි සතියේ තරගයක් යුද හමුදා…

ඉන්පසු සාන්ත සිල්වෙස්තර විද්‍යාලය ලකුණු 45–12ක් ලෙස පරාජය කළ ඔවුන්, ලකුණු 70–07ක් ලෙස C.W.W. කන්නන්ගර විද්‍යාලය හමුවේ දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. 

පසුව තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව පැවති තරගය ලකුණු 10–06ක් ලෙස ජය ගත් විද්‍යාර්ථයින් ධර්මරාජ විද්‍යාලයට එරෙහි තරගය ලකුණු 22–20ක් ලෙස පරාජය විය. 

එසේම සහිරා විද්‍යාලය සමඟ පැවති තරගය ලකුණු 24–24ක් ලෙසින් ලකුණු සම තත්වයෙන් අවසන් වුවත් සාන්ත අන්තෝනි විද්‍යාලය සමඟ පැවති තරගය ලකුණු 22–19ක් ලෙස ජයගත්තේය. 

මහනුවර සුමංගල විද්‍යාලය සමඟින් පැවති තරගය ලකුණු 29-03ක් ලෙස ජයග්‍රහණය කරන විද්‍යාර්ථ කණ්ඩායම ඩී. එස්. සේනානායක විද්‍යාලය ලකුණු 29-21ක් ලෙස පරාජය කරමින් A කාණ්ඩයේ තම අසුන වෙන්කර ගැනීමට සමත් විය. 

2018 වසරේ B කාණ්ඩයෙන් A කාණ්ඩයට සුදුසුකම් ලැබීමට ඔවුන්ට අවශ්‍යව තිබුණේ මලියදේව විද්‍යාලයට එරෙහි තරගය ජය ගැනීම පමණි. නමුත් විද්‍යාර්ථයින්ගේ A කාණ්ඩයේ  සිහින බොඳ කරමින් මලියදේව විද්‍යාලය එම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 26-22ක් ලෙසිනි.

විද්‍යා විදුහලට විදේශ බලවේගයක්!

එළඹෙන පාසල් තරග වාරයේ දී ගල්කිස්ස විද්‍යා විදුහලට නව ශක්තියක් වෙමින් කෙටි කාලීන…

ශ්‍රී ලංකා ජාතික රග්බි සංචිතයට ද කවිඳු පෙරේරා, අශාන් බණ්ඩාර වැනි විශිෂ්ට ක්‍රීඩකයින් බිහිකර ඇති විද්‍යාර්ථ විද්‍යාල කණ්ඩායම තමන්ගේ ගිලිහී ගිය ශ්‍රේෂ්ඨත්වය සොයා ඉදිරියට ඇදෙමින් සිටියි.

වසර 8කට පසුව A කාණ්ඩයට පැමිණෙන විද්‍යාර්ථ කණ්ඩායම කෙරෙහි සියලු දෙනාගේ අවධානය යොමුව ඇත. ඔවුන් නැවතත් තම ආධිපත්‍යය පැතිරවීමට සූදානමින් සිටි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<