පිළිමතලාවේ සංජය ඕස්ට්‍රේලියානුවාව බිමහෙලයි

25
Sanjaya Bandara

මේ වන විට බහමාස් හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ සංජය බණ්ඩාර, ඕස්ට්‍රේලියාවේ ජෝශප් බෙන්ජමින්ව බිමහෙලමින් ඊයේ (20) ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

කි.ග්‍රෑ. 46-49 බරපන්තියේ සටන්කරුවෙකු වන බණ්ඩාර එහි ශ්‍රී ලංකා පාසල් ශූරයා ද වන අතර පිට පිට 6 වරක් සමස්ත ලංකා ශූරතාවය දිනා ඇත. පිළිමතලාව දේවානන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන ඔහු 2014 එල්. වී. ජයවීර බොක්සිං ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ද විය.

සංජය සහභාගී වූ අර්ධ අවසන් පූර්ව තරගය අද (21) වේල්සයේ ජේම්ස් නේදන්ට එරෙහිව පැවැත්වුණු අතර එහි දී බණ්ඩාරට හිමි වූයේ පරාජය යි. ඔහුත් සමඟින් ඊයේ (20) තරගාවලියට එක්වූ ශ්‍රී ලංකාවේ එරන්ගා ප්‍රියදර්ශනී නවසීලන්තයේ වයිකි හමුවේ පරාජය වූයේ 4-1ක ජූරි තීරණයකට අනුවයි.

  >> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<