එංගලන්ත කණ්ඩායමට සංගක්කාරගෙන් පණිවිඩයක්

272

2020 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එංගලන්තය කණ්ඩායමේ තරග සංචාරය අවලංගු නොවනු ඇතැයි කුමාර් සංගක්කාර තම විශ්වාසය පල කර තිබේ. පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඇතිවූ ආරක්ෂක තත්වය නිසාවෙන් එම සංචාරය තවමත් අස්ථාවර මට්ටමක පවතී.

මහේලට මෙවර ලෝක කුසලානයේ දී අලුත් තනතුරක්

2019 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වූ නිල සන්නාම ………..

IS ත්‍රස්ත කණ්ඩායම විසින් පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 250කගේ පමණ ජීවිත අහිමි වූ අතර තවත් 500ක පමණ පිරිසකට තුවාල සිදු විය. එම ත්‍රස්ත ප්‍රහාරය පාස්කු ඉරිදා දේව මෙහෙයට පැවති සිද්ධස්ථානවලට හා ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කීපයක් ඉලක්ක කරගෙන එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් සංචාරකයන් කිහිප දෙනෙකුගේ ද ජීවිත අහිමි විය.

එංගලන්තය ලබන වසරේ මාර්තු මාසයේ දී කොළඹ හා ගාල්ල ක්‍රීඩාංගණවල දී ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට නියමිතයි. නමුත් මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාව සංචාරය කිරීම සඳහා අවදානම් රටක් ලෙස බොහෝ රටවල් වලින් නම් කර තිබීම නිසා මෙම සංචාරය තවමත් අස්ථාවර මට්ටමක පවතී. ශ්‍රී ලංකාව ද පාකිස්තානය මෙන් අන්තර්ජාතික තරග සංචාර සඳහා තහනම් කලාපයක් වීමේ අවදානමක් ඇතිවී තිබේ.

2009 වසරේ පාකිස්තානයේ තරග සංචාරයකට සහභාගි වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් කළ බස් රථයට එරට ලාහෝර් නගරයේ දී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ඉන්පසු පාකිස්තානය තම සියලු ජාත්‍යන්තර තරග එක්සත් අරාබි එමීර් හි පවත්වන අතර වසර 10ක් ගතවී තිබුණ ද තවමත් එරට ජාත්‍යන්තර තරගයක් සඳහා විවෘත වී නොමැත.

ශ්‍රී ලංකාව බිහි කළ සුපිරිතම ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන කුමාර් සංගක්කාර පසුගිය දා පවසා සිටියේ තම රටට එවන් ඉරණමක් අත්නොවිය යුතු බවයි. සංගක්කාර පසුගිය දා Marylebone Cricket Club (MCC) හි සභාපති ලෙස පත්වූ අතර බ්‍රිතාන්‍යයේ නොවන ක්‍රීඩකයෙකු එම දූරයට පත්වූ ප්‍රථම අවස්ථාව ද එය වේ.

“මම 2009 ප්‍රහාරය සිදු වන වෙලාවේ ඒ බස් එකේ හිටියා. මේ වගේ සිද්ධියක් වුනාට පස්සේ ගන්න ඕන තීරණ ගැන මට තේරෙනවා. විශේෂයෙන්ම සිද්ධියට මුහුණ දුන්න කෙනෙක් විදිහට” පසුගිය දා ලෝඩ්ස් හි පැවති මාධ්‍ය හමුවක දී සංගක්කාර පවසා ඇත.

“අපි විවෘත සාකච්ඡාවක් කරන්න ඕන අවශ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන්. රටවල් දෙකේම ක්‍රිකට් ආයතන සම්බන්ධ වෙලා තමයි අවශ්‍ය සියලුම දේවල් කරන්න ඕන.”

“අපි හැමවෙලේම ක්‍රිකට්වල දියුණුව ගැන කතා කරනවා. මේ වගේ වෙලාවල් වලදීත් ඒක තමයි අපි හිතන්න ඕන. ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම ගන්න පුළුවන් නම් හැම රටක්ම කැප වෙලා ඒ ආරක්ෂක වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි.”

අභියෝගයට අභියෝග කරන්නට දිමුත් සූදානම්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ……….

ඔහු තවදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව 2009 වන තෙක් දරුණු යුද්ධයක සිටි බවත් එම කාලයේ පවා මෙරට ආරක්ෂක අංශ විසින් සැපයූ උපරිම ආරක්ෂාව නිසා තම රට ජාත්‍යන්තර ක්‍රීඩා සංචාර කිසිදු ගැටලුවකින් තොරව සිදු කළ බවයි. එම යුද්ධ සමයේ ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරූ ලෝක කුසලාන තරගාවලියක් පවා පැවති බව ඔහු පවසා සිටියා.

සංගක්කාර මෙම අදහස් කියා සිටියේ ලෝක කුසලානය සඳහා තවත් සතියක පමණ කාලයක් ඉතිරිව තිබිය දීයි. මැයි මස 30 වැනිදා එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර තරගයෙන් 2019 ලෝක කුසලානය ආරම්භ වනු ඇත.

සංගක්කාර ලොව බිහි වූ විශිෂ්ටතම වමත් පිතිකරුවා ලෙස සැලකේ. ඔහු ලෝක කුසලාන තරගාවලි දෙකක දී අවසන් තරග ක්‍රීඩා කිරීමේ භාග්‍ය ද හිමිකර ගත්තේය. පසුගිය ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එක්දින ක්‍රිකට් ජීවිතයට සමු දුන් සංගක්කාර එම ලෝක කුසලාන තරගාවලියේ දී නොකඩවා ශතක 4ක් ලබා ගනිමින් වාර්තාවක් ද පිහිටුවීමට සමත් විය.

ඔහු 2014 ලෝක විස්සයි විස්ස කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය. ඔහු ලෝක කුසලානය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ 2015 ලෝක කුසලානයේ පළමු වටයෙන් ඉවත් වූ එංගලන්තය එතැන් සිට ලබා ගත් දියුණුව ප්‍රශංසනීය බවයි. මේ වන විය එංගලන්තය ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ලබාගෙන ඇත.

“2015 ඉඳන් එංගලන්තය ඔවුන්ගේ ක්‍රීඩා විලාසය වෙනස් කරගෙන තියනවා. ඒ වෙනස ඔවුන්ගේ මේ දක්ෂතාවලට ප්‍රධානම හේතුවක්.” සංගක්කාර පවසා සිටියා.

“මේ වෙනස ඉතාමත් සුවිශේෂී වෙනසක්. මම පුහුණු වීම් කරන කාලයේ ශ්‍රී ලංකාවේ පුහුණු විලාසය එංගලන්තයේ විදිහට තමයි හදලා තිබුණේ. අපි අදින විදිහ, අපි ක්‍රීඩා කරන විදිහ වගේ හැම එකක්ම පැරණි විදිහට තමයි තිබුණේ.”

“පස්සේ ඒ රටාව වෙනස් වෙනවා ආසියාව ක්‍රිකට් වලට හුරුවීමත් එක්ක. ඒත් එක්කම නම්‍යශීලී විදිහට අත් භාවිතා කිරීම, අලුත් අත්හදා බැලීම් වගේ දේවල් එක්ක ක්‍රිකට් වලට විචිත්‍ර බවක් එකතු වුනා. ස්වාභාවික හැකියාවන් වලට සීමා වුනේ නෑ. දැන් එංගලන්තය ඊටත් වඩා වෙනස් තරග රටාවකින් ක්‍රීඩා කරනවා. ඒක ගොඩක් හොඳ දෙයක්.”

භයානකම කණ්ඩායම එංගලන්තය – කෝලි

2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයට තවත් ඇත්තේ ………

සංගක්කාර මෙහි දී ඉන්දියාවේ හා ඕස්ට්‍රේලියාවේ හැකියාවන් ගැන ද පවසා සිටි අතර කොදෙව් කණ්ඩායම හා පාකිස්තානය ද දස්කම් අතර සිටින නව පවසා සිටියා.  

“කොදෙව් කණ්ඩායම අතිවිශිෂ්ට විස්සයි විස්ස කණ්ඩායමක්. ඒ වගේම ඔවුන් ඔවුන්ගේ හොඳම ක්‍රීඩකයන් නැවත කණ්ඩායමට එකතු කරගෙන තියනවා.” ඔහු පවසා සිටියා

“ශක්තිමත් කොදෙව් කණ්ඩායමක් කියන්නේ ශක්තිමත් තරගාවලියක් කියන එකයි.”

“පාකිස්තානය යම් යම් පසුබෑම්වලට ලක් වුනත් ඔවුන් අවසන් පූර්ව වටයට ආවොත් ඔවුන්ට ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි.”

මැයි මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත 2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා කුමාර් සංගක්කාර විස්තර විචාරකයෙක් ලෙස එක්වීමට නියමිත අතර මහේල ජයවර්ධන සන්නාම තානාපතිවරයෙක් ලෙස තරගාවලිය නියෝජනය කිරීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<