2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ තරගකාරී තවත් එක් සතිඅන්තයක ආරම්භය සනිටුහන් කරමින් තරග ත්‍රිත්වයක් අද (05) දිනයේ දී ක්‍රියාත්මක වූයේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ ජපානය යන කණ්ඩායම් වලට ජයග්‍රාහී අවසානයක් හිමිකර දෙමිනි.

ඕස්ට්‍රේලියාව සහ උරුගුවේ – D කාණ්ඩය

නිමාවුණු සති අන්තයේ දී වේල්ස් කණ්ඩායම හමුවේ ලද අනපේක්ෂිත පරාජයත් සමඟම D කාණ්ඩයේ පෙරමුණෙහි රැඳී සිටි ඕස්ට්‍රේලියානුවන් හට දෙවන ස්ථානය දක්වා පසුබැසීමට සිදු වූ අතර නැවත වතාවක් තම සුපුරුදු රිද්මයට පැමිණීමේ අරමුණෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම අද තරග බිමට පිවිසුණි.

දකුණු අප්‍රිකානු පීඩනය හමුවේ ඉතාලිය අසරණයි!

2019 රග්බි ලෝක කුසලානයේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (04) ජපානයේ කොබේ ශිසෞකා දී ශ්‍රී ලංකා වේලාවෙන්…..

ෆීජි කණ්ඩායමට එරෙහිව වාර්තා කළ පෙරළිකාර ජයග්‍රහණයෙන් තම ලෝක කුසලාන ගමන් මඟ ඇරඹූ උරුගුවේ කණ්ඩායමට පළමු අර්ධය තුල දී සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට කිසිදු අවකාශයක් ලබා නොදීමට මයිකල් හූපර් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු ආරක්ෂක පෙළ සමත් විය.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් තෙවතාවක් ධවල රේඛාව අභිබවා දිව යද්දී උරුගුවේ කණ්ඩායමට එක් සාර්ථක දඬුවම් පහර අවස්ථාවකින් සෑහීමට පත්වීමට සිදු වූයේ ප්‍රතිවාදී ක්‍රීඩකයින්ගේ පැවති දුර්වලතා හඳුනා ගැනීමේ තිබූ අඩුපාඩුකම් නිසාවෙනි.

පළමු අර්ධය:  ඕස්ට්‍රේලියාව 19 (3T,2C) – 03 (1P) උරුගුවේ

තම සුපුරුදු  ආක්‍රමණශීලී තරග රටාවෙහි කිසිදු වෙනසක් සිදු නොකළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ විවේක කාලයෙන් අනතුරුවත් උරුගුවේ ක්‍රීඩකයින් හට දැඩි පීඩනයක් එල්ල කිරීමට වගබලාගත්හ.

අයර්ලන්තයෙන් රුසියාවට දැඩි දඬුවම්!

2019 රග්බි ලෝක කුසලානයේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (03) ජපානයේ කොබේ නුවර දී ශ්‍රී ලංකා වේලාවෙන්…..

Dane Haylett-Petty සහ Tevita Kuridrani තරගය පුරාවට උත්සාහක දිනුම් දෙක බැගින් වාර්තා කරද්දී ඔවුන් දෙදෙනාට මනා සහයක් ලබා දුන් Slipper, Genia සහ යොවුන් ක්‍රීඩක Jordan Petaia යන තිදෙනා ද තවත් අගනා උත්සාහක දිනුම ත්‍රිත්වයක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙත හිමිකර දීමට සමත් විය.

Fly Half ක්‍රීඩක Christian Lealiiffano පන්දුව ගෝල කණු අතරින් යොමුකිරීමේ භූමිකාවට සාධාරණයක් ඉටු කරමින් උදාකරගත් ප්‍රවර්තන අවස්ථාවන් 7න් 5ක්ම නිවැරදි ඉලක්කය වෙත යොමු කිරීමට යුහුසුළුව කටයුතු කළේය. 

ඒ අනුව එක් අතිරේක ප්‍රසාද ලකුණක් ද හිමිකර ගනිමින් D කාණ්ඩයේ පෙරමුණ නැවත වතාවක් තමන් සතුකර ගැනීමට දිනය අවසානයේ දී Wallabies කණ්ඩායම සමත්කම් දැක්විය.

  • තරගයේ වීරයා – Tevita Kuridrani  (ඕස්ට්‍රේලියාව)

අවසන් ලකුණු තත්වය: ඕස්ට්‍රේලියාව 45 (7T,5C)  – 10 (1T,1C,1P) උරුගුවේ

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • ඕස්ට්‍රේලියාව – Dane Haylett-Petty (2T), Jordan Petaia (1T), Tevita Kuridrani (2T), Will Genia (1T), James Slipper (1T), Christian Leailiifano (5C)
  • උරුගුවේ – Felipe Berchesi (1P,1C), Manuel Diana (1T)

එංගලන්තය සහ ආර්ජෙන්ටිනාව – C කාණ්ඩය

මූලික වටයේ පළමු තරග ද්විත්වයම අතිරේක ප්‍රසාද ලකුණු ද සහිතව ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම මෙම තරගය  වෙත අවතීර්ණ වූයේ ඉතාමත් හොඳ මානසික මට්ටමකිනි. 

ලෝක කුසලාන සිහිනය යථාර්ථයක් කර ගැනීමට නම් ආර්ජෙන්ටිනා කණ්ඩායම හට මෙම තරගය ජය ගත යුතුම වූ අතර ඔවුන් ඒ සඳහා ඉතාමත් ශක්තිමත් අඩිතාලමක් සකසාලමින් පළමු මිනිත්තු 20ක කාලය තුල එංගලන්ත කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත් විය.

කෙසේ නමුත් ලකුණු රැස් කිරීමේ කලාව මැනවින් ප්‍රගුණ කළ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් දෙදෙනෙක් වන Jonny May සහ Elliot Daly ආර්ජෙන්ටිනා ආරක්ෂක වැට බිඳ දමමින් උත්සාහක දිනුම් රේඛාව අභිබවා ගියේ එංගලන්ත ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කරමිනි.

විවේක කාලයට මිනිත්තුවකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී යලි ක්‍රියාත්මක වූ එංගලන්ත ක්‍රීඩකයින් ආර්ජෙන්ටිනාව අසරණ කරමින් තවත් එක් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය.

පළමු අර්ධය:  එංගලන්තය 15 (3T) – 03 (1P) ආර්ජෙන්ටිනාව

පළමු අර්ධයේ දී ආර්ජෙන්ටිනා ක්‍රීඩක Thomas Lavinini හට රතු කාඩ්පතක් ලබා දී තරගයෙන් ඉවත් කිරීමට ගත් විනිසුරු තීරණයත් නිසාවෙන් එක් ක්‍රීඩකයෙකු සේවය ඔවුනට අහිමි වී ගිය අතර ඉන් උපරිම ඵල නෙලාගත් එංගලන්ත ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කළේ ආර්ජෙන්ටිනාවෙන් සම්පූර්ණයෙන්ම පාහේ තරගය උඳුරා ගනිමිනි. 

එංගලන්ත නායක Farrellගේ පා පහර අවස්ථා කිහිපයක දී ම ගෝල කණුවලින් ඉවතට ඇඳී යාම කාගේත් කතා බහට ලක්විය.

සීමා ඉරක් ඇඳ හික්මීමෙන් නැරඹිය යුතු ජපානයේ රග්බි ලෝක කුසලානය

පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන විට ඔබේ ජංගම දුරකථනයෙන් ඇමතුම් ගන්න තහනම්? හ්ම්ම්ම්ම් ඔව්!….

ආර්ජෙන්ටිනාව වෙනුවෙන් වාර්තා කළ එකම ප්‍රවර්තිත උත්සාහක දිනුම Moroniගේ සුරතින් වාර්තා වූ අතර ඒ අනුව ආර්ජෙන්ටිනාවට පිළිමළුන් පිටුදැකීමේ  වටයට ගමන් කිරීමට නම් ප්‍රංශ, ටොංගා සටනේ ප්‍රතිඵලය ලැබෙන තෙක් බලාසිටීමට සිදුවේ.

  • තරගයේ වීරයා – Sam Underhill (එංගලන්තය)

අවසන් ලකුණු තත්වය: එංගලන්තය 39 (6T,3C,1P) – 10 (1T,1C,1P) ආර්ජෙන්ටිනාව 

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • එංගලන්තය – Jonny May (1T), Elliot Daly(1T), Ben Youngs (1T), George Ford (1T), Luke Cowan- Dickie (1T), Jack Nowell (1T), Owen Farrell (1P,3C)
  • ආර්ජෙන්ටිනාව – Benjamin Urdapilleta (1P), Matias Moroni (1T), Emiliano Boffelli (1C)

ජපානය සහ සැමෝවා – A කාණ්ඩය

ප්‍රබල අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින් පෙරළිකාර ජයක් වාර්තා කළ ජපානය තරග ආරම්භයේ සිටම පන්දුව තම පාලනය යටතේ තබා ගැනීමට දැඩි වෑයමක් ගනු දක්නට ලැබුණි.

කෙසේ නමුත් දෙපිලේම ක්‍රීඩකයින් අතින් අවස්ථා කිහිපයකදීම offside, නිසි වේලාවට පන්දුව මුදා නොහැරීම වැනි අත්වැරදීම් කිහිපයක් සිදු වූ අතර උදා වූ එවැනි අවස්ථාවන් තම වාසියට හරවා ගැනීමට කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් උපායශීලී විය.

සුපිරි All Blacks ක්‍රීඩකයාගේ ගැටලුවට පිළියමක් සොයාගනී

ගෙවුණු කාලසමය පුරාවටම ප්‍රබල All Blacks කණ්ඩායම නියෝජනය කරමින් කණ්ඩායමේ නිත්‍ය..

ජපානය වෙනුවෙන් Yu Tamura දඬුවම් පහර තුනක් සාර්ථක කරගනිද්දී ඔහුගේ ප්‍රතිවාදී නොම්මරය වන Henry Taefu ද දඬුවම් පහර ත්‍රිත්වයකින් ලකුණු රැස්කළේය.

එතැකින් නොනැනවතුනු ජපානය පළමු අර්ධය අවසන් වීමට මත්තෙන් ප්‍රවර්තිත උත්සාහක දිනුමක් ද වාර්තා කළේ තවදුරටත් ලකුණු පරතරය ඉහළ නංවාගනිමිනි.

පළමු අර්ධය: ජපානය 16 (1T,1C,3P) – 09 (3P) සැමෝවා

පළමු අර්ධයට සාපේක්ෂව වඩාත් උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම විවෘත වීමට ආරම්භ වූයේ සැමෝවා ක්‍රීඩක Henry Taefu විසින් වාර්තා කළ ප්‍රවර්තිත උත්සාහක දිනුමත් සමඟිනි.

කෙසේ නමුත් තම උපායමාර්ගයන් පිළිබඳ හොඳ විශ්වාසයකින් යුතුව තරග කළ ජපන් ක්‍රීඩකයින් තරගය අවසන් වන විට තවත් උත්සාහක දිනුම 3ක් කණ්ඩායමේ ගිණුමට හර කිරීමට සමත් වූයේ අමතර ප්‍රසාද ලකුණක් ද සමඟින් A කාණ්ඩයේ පෙරමුණ හිමිකර ගනිමිනි.

  • තරගයේ වීරයා – Lomano Lemeki (ජපානය)

අවසන් ලකුණු තත්වය: ජපානය 38 (4T,3C,4P) – 19 (1T,1C,4P) සැමෝවා

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • ජපානය – Timothy Lafaele (1T), Kazuki Himeno (1T), Kenki Fukuoka (1T), Kotaru Matsushima (1T) Yu Tamura (3C,4P)
  • සැමෝවා – Henry Taefu (1T,1C,4P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<