දකුණු අප්‍රිකානු යෝධයින් කැනඩාව විනාශ කරයි!

64
Rugby World Cup 2019 - South Africa v Canada

2019 රග්බි ලෝක කුසලානයේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (08) ජපානයේ කොබේ ශිසෞකා දී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.45ට ආරම්භ වුනා. දකුණු අප්‍රිකාව සහ කැනඩාව අතර පැවැත්වුණු මෙම තරගයෙන් ලකුණු 66-07ක් වශයෙන් පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනා.

මාලවනට නව කණ්ඩායමක්!

2020 අන්තර් පාසල් රග්බි තරග වාරය වෙනුවෙන් මහනුවර විද්‍යාර්ථ විදුහලේ

තරගාරම්භයේ පටන් තරගයේ සුක්කානම දකුණු අප්‍රිකාව අත තිබුනත් කැනඩාව තම සුපුරුදු රිද්මයට පැමිණීමට නොහැකිව තිගැස්සීමකින් ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබුණි.

පළමු අර්ධය තුළ දී දකුණු අප්‍රිකාව ලකුණු 47ක් රැස්කරගෙන ලෝක කුසලාන ඉතිහාසයේ තරගයක ප්‍රථම අර්ධය තුල ඔවුන් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ අතර කැනඩාවට එක ලකුණක් හෝ රැස්කිරීමට නොහැකි විය. 

පළමු අර්ධය: දකුණු අප්‍රිකාව 47 – 00 කැනඩාව 

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව කැනඩාව කොතෙක් උත්සහ කළත් දකුණු අප්‍රිකානු පීඩනය හමුවේ පන්දුව ඔවුන් සතු කරගන්නට පවා නොහැකි විය.

රග්බි ලෝක කුසලාන කාලසටහන ශ්‍රී ලංකා වේලාවෙන්!

2019 රග්බි ලෝක කුසලානය ආරම්භ වීමට තව ඇත්තේ

දකුණු අප්‍රිකාව පිට පිට පහර එල්ල කරමින් ඉතාලිය අසරණ කරන විට කැනඩා ක්‍රීඩකයින් කොතෙක් උත්සාහ කළත් තම ප්‍රතිවාදියාගේ දක්සම් පරයා ඉදිරියට ඇදෙන්නට ඔවුන්ට හැකිවුයේ නැත.

අවසන් ලකුණු තත්වය: දකුණු අප්‍රිකාව (10T, 8C) 66 – 07 (1T, 1C) කැනඩාව

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

  • දකුණු අප්‍රිකාව – Damian de Allende (1T), S’Busiso Nkosi (1T), Cobus Reinach (3T), Warrick Gelant (1T), Frans Steyn (1T), Schalk Brits (1T), Damian Willemse (1T), Frans Malherbe (1T), lton Jantjies (8C)
  • කැනඩාව – Matt Heaton (1T), Peter Nelson (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<