ජෝර්ජියාවට ඕස්ට්‍රේලියාවෙන් හානි!

84

2019 රග්බි ලෝක කුසලානයේ D කාණ්ඩයේ තවත් තරගයක් අද (11) ජපානයේ ශිසෞකා නුවර දී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.45ට ආරම්භ වුනා. ඕස්ට්‍රේලියාව සහ ජෝර්ජියාව අතර පැවැත්වුණු මෙම තරගයෙන් ලකුණු 27-08ක් වශයෙන් පහසු ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියාවට හැකි වුනා.

රග්බි ලෝක කුසලාන කාලසටහන ශ්‍රී ලංකා වේලාවෙන්!

2019 රග්බි ලෝක කුසලානය ආරම්භ වීමට තව ඇත්තේ සති දෙකක පමණ සුළු කාලයක් පමණි…

තරගයේ ආක්‍රමණය ඕස්ට්‍රේලියාව සතු වූ අතර ජෝර්ජියාව කොතෙක් උත්සහ කළත් තරගයේ වාසිය තමන් සතුකර ගන්නට නොහැකි වුනා.

ප්‍රථම අර්ධය මුළුල්ලේම ඕස්ට්‍රේලියාව එක උත්සාහක දිනුමක් හා එක දඬුවම් පහරක් වාර්තා කළ අතර ජෝර්ජියාවට රැස්කිරීමට හැකි වූයේ ලකුණු 3ක් පමණි.

ප්‍රථම අර්ධය: ඕස්ට්‍රේලියාව 10 – 03 ජෝර්ජියාව

දෙවැනි අර්ධයේ දී ජෝර්ජියාව තම සුපුරුදු රිද්මයට පැමිණෙන බවක් පෙන්නුම් කළත්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ජෝර්ජියාවට පහර පිට පහර එල්ල කරමින් තරගයේ ආක්‍රමණය නැවතත් තමන් සතුකර ගනිමින් ක්‍රීඩා කිරීමට සමත් වුනා.

මහනුවර සහ ගුවන් හමුදා කණ්ඩායම් කටාර් රාජ්‍යයට!

2019/20 අන්තර් සමාජ රග්බි තරග වාරය ආරම්භ වීමට තව සති කිහිපයක කාලයක් තිබිය දී…

ජෝර්ජියාවට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ලකුණු 27ක් රැස්කරගත් අතර ජෝර්ජියානු ක්‍රීඩකයින්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 08ක් පමණයි.

අවසන් ලකුණු තත්වය: ඕස්ට්‍රේලියාව (7T, 5C) 45 – 10 (1T, 1C, 1P) ජෝර්ජියාව

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • ඕස්ට්‍රේලියාව –Nic White (1T), Marika Koroibete (1T), Jack Dempsey (1T), Will Genia (1T), Matt Toomua (2C, 1P)
  • ජෝර්ජියාව – Alexander Todua (1T), Soso Matiashvili (1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<