කවිඳුගෙන් සුපිරි ඇරඹුමක්

249
Western South-Outer Province vs Western Central

ප්‍රීමා ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය අද (29) බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම හා බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම අතර දෙදින තරගයක් ලෙස එස්. එස්. සි. පිටියේදී ඇරඹිනි.

පසුගිය ලිපි: බස්නාහිර, දකුණ හා මධ්‍යම අවසන් අසුන් ඩැහැගනී

පළමුව පිතිකරණය සඳහා පිටියට පැමිණි බස්නාහිර පළාත් කණ්ඩායම වෙනුවෙන් ශෙරන් ලක්ෂිත හා කමිල් මින්හර ලකුණු 86ක හොඳ සබඳතාවයක් ගොඩනංවමින් කණ්ඩායමේ ලකුණු පුවරුවට විශිෂ්ට අඩිතාලමක් දමන ලදි.

තවද එම ආරම්භක සබඳතාවය සඳහා ජවය ලබාදෙමින්  සුපිරි ඉණිමක් දියත් කිරීමට කවිදු උමයංග සමත් වූ අතර ඔහු පන්දු 153කදී ලකුණු 122ක් ලබා ගනිමින් තම ශතක සිහිනය සැබෑ කරගන්නා ලදි. ඔහු තමාගේ ඉණිමට 4 පහරවල් 16ක් හා 6 පහරවල් 2ක් ඇතුළත් කරගනිමින් බස්නාහිර මධ්‍යම පන්දු යවන්නන්ට රිසිලෙස පහරදෙන ලදි.

ඔහුට අනගි සහයක් ලබාදෙමින් තමාගේ කණ්ඩායම සඳහා කමිල් මින්හාර ලකුණු 72ක් ලබාගත් අතර එම අනගි ඉණිමට 4 පහරවල් 9ක් අන්තර්ගත කිරීමට ඔහු සමත් විය.

තවද බස්නාහිර දකුණු පළාත් කණ්ඩායමේ 7වන කඩුල්ල සඳහා අශාන් දිල්හාර හා කවිදු උමයංග ලකුණු 105ක සබඳතාවයක් ගොඩනංවමින් බස්නාහිර දකුණ පළාත් කණ්ඩායමේ ලකුණු පුවරුවේ සවිමත් බව තව තවත් වැඩිකරන ලදි.

යසිරු කස්තුරිආරච්ච් බස්නාහිර මධ්‍යම කණ්ඩායම වෙනුවෙන් ලකුණු 77ක් තුළ කඩුලු 4ක් දවාලමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

බස්නාහිර පළාත් දකුණු කණ්ඩායම (පළමු දිනය අවසන් වනවිට) – 299/08 (90): කවිදු උමයංග 122, කමිල් මින්හර 72, අශාන් දිල්හාර 29, ශෙරන් ලක්ෂිත 28, යසිරු කස්තුරිආරච්ච් 4/77, මනීෂ රූපසිංහ 2/63

මෙම අවසන් මහා තරගයේ දෙවන දිනය හෙටත් ක්‍රියාත්මකයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට