ගෝල ත්‍රිත්ව රැසක් සමඟින් Leicester City නව වාර්තාවක්!

67

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ 10 වන සති අන්තය ඊයේ (26) ආරම්භ වුනා. Leicester City කණ්ඩායම ඊයේ නව ප්‍රිමියර් ලීග් වාර්තාවක් පිහිටුවද්දී, Christian Pulisic, Chelsea කණ්ඩායම වෙනුවෙන් සුපිරි දස්කම් දක්වන්නට සමත් වුනා.

Leicester City හා Southampton අතර

Leicester City කණ්ඩායම Southampton ගෝල 9-0ක් ලෙස පරාජය කරමින් නව ප්‍රිමියර් ලීග් වාර්තාවක් පිහිටවූවා. ඒ සංචාරක කණ්ඩායමක් වාර්තා කළ දැවැන්තම ජය යන නව වාර්තාව පිහිටුවමින්. 

ඒ අතරම 1995 වසරේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම පිහිටුවා තිබූ එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ විශාලතම ජය වූ ගෝල 9-0 ජයග්‍රහණ වාර්තාව ද ඔවුන් සම කළා. 

Ben Chilwell පළමු මිනිත්තු 10 ඉක්මවා යන්නට මත්තෙන් පළමු Leicester ගෝලය වාර්තා කළ අතර Southampton පසුපෙළ ක්‍රීඩක Ryan Bertrand රතු කාඩ්පතක් ලබා ආරම්භයේ දී ම පිටියෙන් ඉවත් වුනේ තරගය පුරාවට සිය කණ්ඩායම අමාරුවේ දමමින්. VAR විනිසුරු විසින් ප්‍රධාන විනිසුරු හට එම රතු කාඩ්පත ලබා දීමට උපදෙස් දීම විශේෂත්වයක්.   

Ayoze Perez මෙම තරගයේ දී ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ අතර Jamie Vardy ද මේ තරගයේ දී ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් මෙවර තරග වාරයේ සිය ගෝල වාර්තාව ගෝල අටක් දක්වා ඉදිරියට ගෙන ආවා. 

Lionel Messi තවත් වාර්තාවක්; Liverpoolට සුපිරි ජයක්

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ තෙවැනි තරග දිනය මේ දිනවල පැවැත්වෙනවා. තරගාවලියේ ඉතා වැදගත් තරග…..

Youri Tielemans ඔහුගේ ප්‍රහාරය අලංකාර ලෙස ගෝල රාමුව තුළට ස්ථාන ගත කරද්දී, James Maddisonගේ නිදහස් පහර සාර්ථක වීමත් සමඟ Leicester කණ්ඩායම මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම 1999 වසරේ සංචාරක තරගයක දී පිහිටුවා තිබූ ගෝල 8-1ක වාර්තාව ඉක්මවා ගියා.  

Jamie Vardy අවසන් මිනිත්තුවේ දී වාර්තා කළ දඬුවම් පහරින් Leicester කණ්ඩායම ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ විශාලතම ජයග්‍රහණයේ වාර්තාව සම කරන්නට සමත් වුනා.  

අවසන් ලකුණු තත්වය: Leicester City 09 – 00 Southampton

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Leicester City – Ben Chilwell 10′, Youri Tielemans 17′, Ayoze Pérez 19′, 39′, 57′, Jamie Vardy 45′, 58′, 90 +4′ (pen), James Maddison 85′

Christian Pulisicගේ සුපිරි ගෝල ත්‍රිත්වයෙන් Chelseaට ජය.

Christian Pulisic ගේ සුපිරි ගෝල ත්‍රිත්වය නිසා Burnley ගෝල 4-2ක් ලෙස Chelsea කණ්ඩායම පරාජය කරන්නට සමත් වුනා. ඒ අනුව Chelsea සිය අඛණ්ඩ සිව්වැනි ප්‍රිමියර් ලීග් ජය වාර්තා කිරීම විශේෂත්වයක්. 

ඒ අනුව 2012 වසරේ Clint Dempsey ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමෙන් අනතුරුව ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ පළමු ඇමරිකානුවා බවට පත් වන්නට ද Pulisic සමත් වුනා.

21 හැවිරිදි Pulisic 21 වැනි මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය වාර්තා කළේ සුපිරි ධාවනයකට පසුවයි. ඔහු පළමු අර්ධය නිමා වීමට පෙර සිය දෙවන ගෝලයත් වාර්තා කළ අතර දෙවන අර්ධය ආරම්භයෙන් පසුව Mason Mountගේ හරස් පන්දු යොමු කිරීමක් Pulisic ගෝලය වෙත යොමු කළේ සිය ගෝල ත්‍රිත්වය සම්පුර්ණ කර ගනිමින්.   

Video – MESSIගේ ලෝක වාර්තාව!; Mbappeගේ ගෝල ත්‍රිත්වය | Champions League 2019/20 | Football ලෝකය | Football Lokaya

සුපිරි ක්‍රීඩක Lionel Messiගේ තවත් වාර්තාවක් සමඟින්……

58 වැනි මිනිත්තුවේ දී Willian ද ගෝලයක් තමන්ගේ නමට ලියා ගත්තේ Tammy Abrahamගේ අනර්ඝ පන්දු හුවමාරුවක් ප්‍රයෝජනයට ගනිමින්.  

Burnley කණ්ඩායම අවසන් භාගයේ දී ගෝල දෙකක් වාර්තා කරමින් Chelsea කණ්ඩායමට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට සමත් වුනා. ඒ ගෝල දෙකටම සහය දුන්නේ Robbie Brady වීම විශේෂත්වයක්. Jay Rodriguez දීර්ඝ ප්‍රහාරයකින් පළමු ගෝලය වාර්තා කරද්දී Dwight McNeil දෙවන ගෝලයත් වාර්තා කළා. 

අවසන් ලකුණු තත්වය: Chelsea 04 – 02  Burnley

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • Chelsea – Christian Pulisic 21′, 45′, 56′, Willian 58′  
  • Burnley – Jay Rodriguez 86′, Dwight McNeil 89′

Manchester City හා Aston Villa අතර

Raheem Sterling, David Silva හා Ilkay Gundoganගේ සුපිරි දක්ෂතා නිසා Manchester City ගෝල 3-0 ක් ලෙස Aston Villa පරාජය කරන්නට සමත් වුනා. 

Silva නව ක්‍රීඩා සමාජ වාර්තාවක් පිහිටුවමින් සිය 267 වැනි ප්‍රිමියර් ලීග් ආරම්භය ලබා ගත් අතර පළමු අර්ධයේ ලැබුණු පළමු අවස්ථාව ඔහුගෙන් ගිලිහි ගියා.

කෙසේ වෙතත් දෙවන අර්ධය ආරම්භ වී තත්පර 22කට පසුව Gabriel Jesus ක්‍රියාත්මක වූ අතර ඔහුගේ හිසෙන් කළ පන්දු යොමු කිරීමක් Sterlingගේ පාද අසලටම වැටුණු අතර Sterling තරගයේ පළමු ගෝලය වාර්තා කළා.  

65 වැනි මිනිත්තුවේ දී De Bruyneගේ ප්‍රහාරයකින් කවාකාර ලෙස ආ හරස් පන්දු යොමු කිරීම Silva අලංකාර ලෙස දැල තුළට යොමු කරන්නට සමත් වුනා. 

70 වැනි මිනිත්තුවේ දී Gundoganගේ ප්‍රහාරයක් ලකුණු පුවරුව තෙගුන කරද්දී, Fernandinho කහ කාඩ්පත් දෙකක් ලබා ගැනීම නිසා පිටියෙන් ඉවත් වුනා. 

අවසන් ලකුණු තත්වය: Manchester City 03 – 00 Aston Villa 

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ

  • Manchester City – Raheem Sterling 46′, David Silva 65′, Ilkay Gündogan 70′

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<