ඩිලන්ක අවර්ඩ් පොලිස් බලමුළු විනාශ කරයි

119

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Premier League Tier B ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරන වමතින් දඟ පන්දු යවන ඩිලන්ක අවර්ඩ් පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු කඩුලු 7ක් දවා ගනිමින් දිනයේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්විය. 

ආරම්භක දිනයේ දී රමේෂ්ගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේ දී….

එම තරගයේ දී පොලිස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ දුලාශ් උදයංග ය. ඔහු පන්දු 161කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 81ක් රැස්කර ගත්තේය. ඊට අමතරව ලක්ෂාන් රොද්‍රිගෝ (69), සුපුන් මධුශංක (57) සහ විදෙස් ක්‍රීඩක නිසාර් අහමඩ් (57) අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ. 

වරාය සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගයේ දී වරාය අධිකාරියේ ආරම්භක පිතිකරු නායක යොහාන් ද සිල්වා ලකුණු 99කට දැවී ගියේය. ඔහු පන්දු 163කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් තම ඉනිමට ඇතුළත් කළේය. අනෙක් ආරම්භක පිතිකරුවා වූ රමේෂ් නිමන්ත පන්දු 142කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුනු 72ක් රැස්කර ගත්තේය. මොවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට සබඳතාව ලකුණු 170කි. 

මේ අතර එම කණ්ඩායමේ විදෙස් ක්‍රීඩක සෙයිඩ් බින් නසීර් දිනය අවසන් වන විට පන්දු 161කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟ නොදැවී ලකුණු 121ක් රැස්කර ගෙන සිටියේය. අදීශ නානායක්කාර ද අර්ධ ශතකයක් වාර්තා කර ගනිමින් වරාය කණ්ඩායමට තම දායකත්වය දැක්වූවේය. 

ගාල්ල සහ සෙබස්තියනයිට් අතර තරගයේ දී ගාල්ල ක්‍රිකට් සමාජයේ කවිඳු එදිරිවීර පන්දු 143කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 54ක් රැස්කර ගන්නා විට විදෙස් ක්‍රීඩකයන් වන මන්සූර් අහමඩ් සහ ජාකෝබ් සචින් ද අර්ධ ශතක වාර්තා කර ගත්හ. 

ගුවන් හමුදාව සහ කුරුණෑගල යූත් අතර පැවති තරගයේ දී ගුවන් හමුදා කණ්ඩායමේ සුමින්ද ලක්ෂාන් අද දිනයේ අවාසනාවන්තයන්ගේ ගොඩට ඇද වැටුනි. ඒ ඔහු ද ලකුණු 99කට දැවී යමිනි. පන්දු 130කට මුහුණ දුන් සුමින්ද ලක්ෂාන් හතරේ පහර 15ක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේය. මේ අතර එම කණ්ඩායමේ මාධව නිමේෂ් (87) සහ රවිඳු සෙම්බකුට්ටිගේ (67) අර්ධ ශතක වාර්තා කර ගත්හ. 

මෙන්ඩිස්ගේ අපල දුරු කරමින් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්!

පසුගිය කාලය පුරාවට මෙරට ප්‍රේක්ෂකයින්ගේ විවිධ දෝෂාරෝපණ වලට ලක්වුනු ක්‍රීඩකයෙකු වන කුසල් මෙන්ඩිස්….

වරාය සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය (බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී)

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය : පළමු ඉනිම කඩුලු 4ක් දැවී 363 (91) යොහාන් ද සිල්වා 99, රමේෂ් නිමන්ත 72, සයීඩ් බින් නසීර් නොදැවී 121, අදීශ නානායක්කාර 52. 


ගාල්ල සහ සෙබස්තියනයිට්ස් අතර තරගය (ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)

ගාල්ල ක්‍රිකට් සමාජය : පළමු ඉනිම කඩුලු 6ක් දැවී 264 (90) මන්සූර් අම්ජාඩ් 80, කවිඳු එදිරිවීර 54, ජාකෝබ් සචින් නොදැවී 68, නිමේෂ් පෙරේරා 31, සමන් කුමාර 2/64, රනේෂ් පෙරේරා 2/51. 


නුගේගොඩ සහ කළුතර අතර තරගය (හොරණ ආරොන්ස් ක්‍රිකට් පිටියේ දී)

නුගේගොඩ ක්‍රීඩා සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 56 (23) මතීෂ පෙරේරා 12, මොහොමඩ් රශාන් 4/19, ආර්. පුංචිහේවා 3/23, එරංග රත්නායක 2/00. 

කළුතර ටවුන් සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 160 (35.2) සචින් දල්පදාදු 23, එරංග රත්නායක 39, බායිට් අලි 5/41, මතීෂ පෙරේරා 3/60. 

නුගේගොඩ ක්‍රීඩා සමාජය : දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 92 (29) ඉරෝෂ් සමරසූරිය 29, මතීෂ පෙරේරා නොදැවී 26, ඉෂාන අබේසේකර 2/41. 


පානදුර සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය (පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී)

පානදුර ක්‍රීඩා සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 177 (50) විශ්ව චතුරංග 42, මින්හාජ් ජලීල් 27, ජයකිශාන් කොල්සාවල 20, හර්ෂ කුරේ 43, උමේෂ් කරුණාරත්න නොදැවී 28, චිරාග් කුරානා 4/57, උමේග චතුරංග 2/35, සචින්ත පෙරේරා 3/51. 

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම කඩුලු 4ක් දැවී 123 (38) සසිත මනුරංග 27, හසිත මධුශාන් නොදැවී 27, අසාර් අතාරි 2/23. 

ආරම්භක දිනයේ දී රමේෂ්ගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේ දී…..

නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර තරගය (වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)

පොලිස් ක්‍රීඩා සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 357 (83.2) ලක්ෂාන් රොද්‍රිගෝ 69, මධුරංග සොයිසා 36, දුලාශ් උදයංග නොදැවී 81, අසේල් සිගේරා 22, සුපුන් මධුශංක 57, නිසාර් අහමඩ් 57, ඩිලන්ක අවර්ඩ් 7/133. 

නාවික හමුදා ක්‍රීඩා සමාජය : පළමු ඉනිම කඩුලු 2ක් දැවී 11 (4) 


ගුවන් හමුදාව සහ කුරුණෑගල යූත් අතර තරගය (කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 317 (88.3) රවිඳු සෙම්බකුට්ටිගේ 67, ලක්වින් වීරසූරිය 32, සුමින්ද ලක්ෂාන් 99, මාධව නිමේෂ් 87, ලහිරු ජයරත්න 2/48, විනෝද් පෙරේරා 2/28, ශිවකුමාර් ටිරෝන් 2/72, සමීර සඳමාල් 2/08. 

මෙම තරග සියල්ල හෙට (පෙබරවාරි 01) දිනයේ දී දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<