උමේෂ් කරුණාරත්න ශතකය පසුකර යයි

112
Umesh Karunaratne

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය  Premier League Tier B ක්‍රිකට් තරගාවලියේ පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කරන උමේෂ් කරුණාරත්න කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව ශතකයක් ලබා ගනිමින් අද (01) දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් විය. 

රමේෂ් මෙන්ඩිස් ත්‍රිත්ව ශතකලාභීන්ගේ සමාජයට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ ආරම්භක

පානදුර සහ කැන්ඩි කස්ටම්ස් 

පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී දෙවැනි ඉනිමේ දී ගෞරවනීය ලකුණු පුවරුවක් ගොඩ නැගීමට පානදුර ක්‍රීඩා සමාජය සමත් විය .එහි දී උමේෂ් කරුණාරත්න පන්දු 134කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක සමඟින් ලකුණු 114ක් ලබා ගත්තේය. 

ඊට අමතරව රාජු ගයාෂාන් පන්දු 83කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 61ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වි. 

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 177 (50) විශ්ව චතුරංග 42, මින්හාජ් ජලීල් 27, ජයකිශාන් කොල්සාවල 20, හර්ෂ කුරේ 43, උමේෂ් කරුණාරත්න නොදැවී 28, චිරාග් කුරානා 4/57, උමේග චතුරංග 2/35, සචින්ත පෙරේරා 3/51

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට පන්දුවාර 38ක දී කඩුලු 4ක් දැවී 123) සියලුම දෙනා දැවී 191 (54.2) සසිත මනුරංග 27, චානක විජේසිංහ 27, හසිත මධුශාන් 27, සචින්ත පෙරේරා නොදැවී 24, චලන ද සිල්වා 4/62, අසාර් අතාරි 4/51, උමේෂ් කරුණාරත්න 2/39

පානදුර ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 331 (70.1) විශ්ව චතුරංග 36, මින්හාජ් ජලීල් 45, හර්ෂ කුරේ 28, උමේෂ් කරුණාරත්න 114, රාජු ගයාෂාන් 61, සචින්ත පෙරේරා 4/107, උමේග චතුරංග 4/109


වරාය සහ බ්ලූම්ෆීල්ඩ් 

බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී වරාය අධිකාරිය ක්‍රීඩකයෝ තම පළමු ඉනිම නිමා කළේ ලකුණු 496ක් ලබා ගනිමිනි. එම ඉනිමේ කඩුලු 5ක් ලකුණු  156කට දවා ගැනීමට ගයාන් සිරිසෝම සමත් විය. 

පිළිතුරු ඉනිමේ දී හර්ෂ විතාන පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 73ක් ලබා සිටියේය. 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට පන්දුවාර 91ක් අවසානයේ කඩුලු 4ක් දැවී 363) සියලුම දෙනාදැවී 496 (121.5)  යොහාන් ද සිල්වා 99, රමේෂ් නිමන්ත 72, සයීඩ් බින් නසීර් 121, අදීශ නානායක්කාර 52, මිතිල අරවින්ද 20, හස්නයින් බොකාරි 57, තිලාන් තුෂාර 2/69, ගයාන් සිරිසෝම 5/156

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු6ක් දැවී 221 (59) ඩිල්හාන් කුරේ 24, සමීන් කඳනාරච්චි 22, හර්ෂ විතාන නොදැවී 73, චාමර සිල්වා 25, මධුශාන් රවිචන්ද්‍රකුමාර් නොදැවී 34, චානක කොමසාරු 4/68

මුරලි-වාස් කුසලානය සාන්ත ජෝසප් විද්‍යාලයට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ


ගාල්ල සහ සෙබස්තියනයිට්ස් අතර තරගය 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දෙවැනි දිනය නිමා වන විට සත්කාරක ක්‍රීඩකයෝ ලබා ගත් ලකුණු 314ට පිළිතුරු ලෙසින් සෙබස්තියනයිට්ස් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 207ක් ලබා සිටියහ. 

එම ඉනිම වෙනුවෙන් තිලංක ද සිල්වා පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ලබා ගැනීම කැපී පෙණුනි. ගාලු ඉනිම නිමා වීමේ දී සමන් කුමාර ලකුණු 82කට කඩුලු 5ක් දවා ගත්තේය. 

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට පන්දුවාර 90ක් අවසානයේ කඩුලු 6ක් දැවී 264) සියලුම දෙනා දැවී  314 (106.2) මන්සූර් අම්ජාඩ් 80, කවිඳු එදිරිවීර 54, ජාකෝබ් සචින් 70, නිමේෂ් පෙරේරා 31, චරිත් රාජපක්ෂ නොදැවී 26, සමන් කුමාර 5/82, රනේෂ් පෙරේරා 3/51

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 207 (71) සචින් ප්‍රනාන්දු 39, තිලංක ද සිල්වා නොදැවී 60, අබිඩ් හසන් 3/41


නුගේගොඩ සහ කළුතර අතර තරගය 

හොරණ ආරොන්ස් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ තවත් දිනයක් ඉතිරිව තිබිය දී ලකුණු 119ක ජයග්‍රහණයක් ලබා ගැනීමට නුගේගොඩ ක්‍රීඩකයෝ සමත් වූහ. 

ඔවුන් මෙම ජයග්‍රහණය ලබා ගන්නේ පළමු ඉනිමේ ලකුණු 56ක් වැනි අඩු ලකුණු ප්‍රමාණයකට දැවී ගොස් තිබිය දී වීම විශේෂ වේ. 

මෙම තරගයේ දී කළුතර ටවුන් සමාජයේ ඉෂාන් අබේසේකර ලකුණු 107කට කඩුලු 6ක් ලබා ගනිමින් දක්ෂතා  දැක්විය. 

නුගේගොඩ ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 56 (23) මතීෂ පෙරේරා 12, මොහොමඩ් රශාන් 4/19, ආර්. පුංචිහේවා 3/23, එරංග රත්නායක 2/00

කළුතර ටවුන් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 160 (35.2) සචින් දල්පදාදු 23, එරංග රත්නායක 39, බායිට් අලි 5/41, මතීෂ පෙරේරා 3/60

නුගේගොඩ ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 29ක දී කඩුලු 3ක් දැවී 92) සියලුම දෙනා දැවී 307 (93.4) ඉරෝෂ් සමරසූරිය 29, මතීෂ පෙරේරා 38, පසිඳු මධුශාන් 29, ප්‍රමුද් හෙට්ටිවත්ත 84, ජහන්ගිර් මිර්සා 28, අසන්ත බස්නායක 52, ඉෂාන් අබේසේකර 6/107, එරංග රත්නායක 2/51, හසිත නිර්මාල් 2/58

කළුතර ටවුන් සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 84 (28.5) මොහොමඩ් රශාන් 23, බාසිට් අලි 2/25, පසිඳු මධුශාන් 3/17, මතීෂ පෙරේරා 3/21

ඩිලන්ක අවර්ඩ් පොලිස් බලමුළු විනාශ කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Premier League Tier B ක්‍රිකට් තරගාවලියේ


නාවික හමුදාව සහ පොලිසිය අතර තරගය 

වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනයේ දී කැපී පෙෙනන ක්‍රීඩකයා බවට පත් වීමට නාවික හමුදාවේ තරුෂ ප්‍රනාන්දු සමත් විය. ඔහු පන්දු 72කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 78ක් ලබා ගත්තේය. 

පොලිස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 357  (83.2) ලක්ෂාන් රොද්‍රිගෝ 69, මධුරංග සොයිසා 36, දුලාශ් උදයංග නොදැවී 81, අසේල් සිගේරා 22, සුපුන් මධුශංක 57, නිසාර් අහමඩ් 57, ඩිලන්ක අවර්ඩ් 7/133

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 4ක දී කඩුලු 2ක් දැවී 11) සියලුම දෙනා දැවී 290 (74.4) ශවිඳු දිසානායක 42, ඩබ්ලිව්. මයන්ත 37, ශාලිත් ප්‍රනාන්දු 21, නිලංක සඳකැන් 37, තරුෂ ප්‍රනාන්දු නොදැවී 78, ඩිලංක අවර්ඩ් 20, සතික් නිමල්ෂ 22, නිසාර් අහමඩ් 2/46, අසේල් සිගේරා 3/48, ලහිරු දියන්ත 4/92

පොලිස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 61 (16.4) සුජාන් මයුර 27, ඩිලංක අවර්ඩ් 2/31 


ගුවන් හමුදාව සහ කුරුණෑගල යූත් අතර තරගය 

කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී දෙවැනි දිනයේ දී කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජයේ විදෙස් ක්‍රීඩක ශයින් අබ්බාස් ශතකයක් ලබා ගැනීම කැපී පෙනුණි. 

ඊට අමතරව ආරම්භක පිතිකරු මාලිංග මලිගස්පේ පන්දු 201කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 98ක් ලබා ගත්තේය. 

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 317 (88.3) රවිඳු සෙම්බකුට්ටිගේ 67, ලක්වින් වීරසූරිය 32, සුමින්ද ලක්ෂාන් 99, මාධව නිමේෂ් 87, ලහිරු ජයරත්න 2/48, විනෝද් පෙරේරා 2/28, ශිවකුමාර් ටිරෝන් 2/72, සමීර සඳමාල් 2/08

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 335 (90) මාලිංග මලිගස්පේ 98, ශයින් අබ්බාස් 120, සමීර සඳමාල් 23, ඩිල්ශාන් කොල්ලුරේ නොදැවී 39, රවිඳු සෙම්බකුට්ටිගේ 3/78

මෙම තරග සියල්ල හෙට (2) තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<