විශිෂ්ට දස්කම් දක්වමින් ජයග්‍රහණය සාන්ත තෝමස් විද්‍යාලයට

279
S. Thomas' vs St. John's

වෝඩර්න් සෙල්වරත්නම් සමරු කුසලානය සඳහා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා යාපනය සාන්ත ජෝන් විද්‍යාලය අතර පැවැති වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරඟය අද (13) සාන්ත තෝමස් පිටියේදී අවසන් වූයේ තෝමසුවන්ට පළමු ඉණිමේ ජයග්‍රහණයක් අත්පත් කරදෙමිනි.

පසුගිය ලිපි:  උදාරගේ පිත්තත්, සහන්ගේ පන්දුවත් රාගමට ජය ගෙනෙයි

ඊයේ (12) දිනයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත තෝමස් කණ්ඩායමේ නායක රොමේෂ් නල්ලප්පෙරැම, පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබාගන්නා ලදි.

සාන්ත තෝමස් විද්‍යාලය තම පළමු ඉණිම වේගවත්ව සාන්ත ජෝන් පන්දු යවන්නන් හමුවේ ක්‍රියාත්මක කල අතර, දුලිත් ගුණරත්න වේගවත් හා මනරම් පහර කිහිපයක්ම සමඟින් ලකුණු 142ක් ලබා ගැනීමට සමත් විය. ඔහුට සහාය වෙමින්, මන්තිල වි‍‍ජේරත්න නොදැවී ලකුණු 103ක් ලබා ගන්නා ලදි. රවිදු කොඩිතුවක්කු හා දුලිත් ගුණරත්න ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 156ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. පන්දු යැවීමේදී සාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් කා කබිල්රාජ් නොදැවී ලකුණු 107*කට කඩුලු 3ක් දවාගන්නා ලදි.

ලකුණු 403ක් වැනි ප්‍රබල මට්ටමකට තම ලකුණු පුවරුව ගෙන ගිය සාන්ත තෝමස් ක්‍රීඩකයින්, තම ප්‍රතිවාදී සාන්ත ජෝන් විද්‍යාලයේ කඩුලු ඉක්මනින් දවාගනිමින් තරඟය සඳහා අවතීර්ණ විය.

සාන්ත ජෝන් විද්‍යාලය ලකුණු 403ක අභියෝගයක් ඇතිව තම පිළිතුරු පළමු ඉණිම දියත් කිරීමට පිටියට පැමිණියද, ඔවුන්ගේ පිතිකරණය අසාර්ථක වීම නිසා එම ඉණිම සාර්ථක කරගැනීමට නොහැකි විය. නමුත් ජේ. ක්‍රිශ්නතුජානන් ලකුණු 82ක් ලබාගෙන තම කණ්ඩායමේ පළමු ඉණිම සවිමත් කරන ලදි. ඔවුන් ලකුණු 174ක් ලබාගෙන සිටියදී ඔවුන්ගේ පළමු ඉණිම අවසන් විය. එහිදී පවිත් රත්නායක තෝමස් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 6ක් දවාගන්නා ලදි.

නැවතත් තම දෙවන ඉණිම ආරම්භ කිරීමට පිටියට පැමිණි සාන්ත ජෝන් විද්‍යාලයට දිනය අවසානයේ දී කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 100ක් පමණි. එම නිසා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉණිමක ජයග්‍රහණයකින් පමණක් සෑහීමකට පත්වීමට සිදුවිය.

පුද්ගලික සම්මාන හා දක්ෂතා

  • හොඳම පිතිකරුවා – රවිදු කොඩිතුවක්කු (සාන්ත තෝමස් කණ්ඩායම)
  • හොඳම පන්දු යවන්නා  – පවිත් රත්නායක  (සාන්ත තෝමස් කණ්ඩායම)
  • හොදම පන්දු රකින්නා –  වී. ජතුශන් (සාන්ත ජෝන් කණ්ඩායම)
  • තරගයේ වීරයා – දුලිත් ගූණරත්න  (සාන්ත තෝමස් කණ්ඩායම)

සාන්ත තෝමස් කණ්ඩායම පළමු ඉණිම406/03 (dec) (80.2): දුලිත් ගුණරත්න 143, මන්තිල විජේරත්න 103*, රවිදු කොඩිතුවක්කු 92, කා කබිල්රාජ් 2/107

සාන්ත ජෝන් විද්‍යාලය පළමු ඉණිම174/10 (67.2): ජේ. ක්‍රිශ්නතුජානන්  82, වී. ජතුශන් 46, පවිත් රත්නායක 6/47

සාන්ත ජෝන් විද්‍යාලය දෙවන ඉණිම (f/o) – 100/7 (43) ජේ. ක්‍රිශ්නතුජානන් 36, රොමේෂ් නල්ලප්පෙරැම 3/19, පවිත් රත්නායක 3/19

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට