ෆකාර්ගේ ශතකය පරදා බට්ලර්ගේ ශතකය එංගලන්තයට ජය ගෙනෙයි!

120
AFP

පාකිස්තානය හා එංගලන්තය අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ ඊයේ (11) පැවති දෙවන තරගයෙන් ලකුණු 12ක තියුණු ජයක් වාර්තා කිරීමට සත්කාරක එංගලන්ත පිළ සමත් විය.

රහ්මත් ෂාට නූලෙන් ගිලිහුණ වාර්තාව

ඇෆ්ගනිස්තාන දකුණත් පිතිකරු රාමට් ෂා වර්ෂාව නොතකමින් කළ සටනේ උපරිමය තරගයේ ජයග්‍රහණය පමණක් නොව…

පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවීම හා ලෝක කුසලානයට ඉතිරිව ඇත්තේ තවත් සති තුනක කාලයක් පමණක් වීම නිසා මෙම තරගය දෙපිළටම ඉතා වැදගත් තරගයක් විය.

කාසියේ වාසිය හිමි කර ගත් පාකිස්තානු නායකයා පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී පිළට ලබා දුන් අතර ඉන් උපරිම ඵල නෙලා ගත් එංගලන්ත ක්‍රීඩකයෝ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 373ක් වාර්තා කිරීමට සමත් වූහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු ක්‍රීඩකයන් එංගලන්තයට හොඳ අභියෝගයක් ලබා දුන් නමුත් පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 361ක් පමණි.

එංගලන්ත කණ්ඩායම වෙනස්කම් දෙකක් සමඟින් මෙම තරගයට එක් විය. ඒ ජේම්ස් වින්ස් වෙනුවට ජේසන් රෝයි හා නවක නැඟී එන තරුව වන ජොෆ්රා ආචර් වෙනුවට ඩේවිඩ් විලී කණ්ඩායමට එක් කරමිනි. පාකිස්තානු කණ්ඩායමේ මොහොමඩ් අමීර් ආබාධයකට ලක් වීම හේතුවෙන් ඔහුගේ ස්ථානය යසීර් ෂා හට හිමි විය.

එංගලන්තය වෙනුවෙන් පිතිකරණයේ යෙදුණු සියලුම පිතිකරුවන් ලකුණු අතරට පිවිසි අතර එහි දී පන්දු 55කින් නොදැවී ලකුණු 110ක් වාර්තා කළ ජොස් බට්ලර්ගේ ඉනිම කැපී පෙනිණි. ඔහුගේ ඉනිම හතරේ පහර 6කින් හා දැවැන්ත හයේ පහර 9කින් වර්ණවත් විය.

මෙය එංගලන්ත ක්‍රීඩකයෙක් විසින් වාර්තා කරන ලද දෙවැනි වේගවත්ම ශතකය වන අතර වේගවත්ම ශතකයේ වාර්තාවට ද හිමිකම් කියන්නේ ද ජොස් බට්ලර් ය. එය ද 2015 දී පාකිස්තානයට එරෙහිව වාර්තා විය.

මුම්බායි සමඟ ගැටෙන්නට චෙන්නායි සුදුසුකම් ලබයි!

නම ගිය පිතිකරුවන් දෙදෙනෙක් වන ශේන් වොට්සන් සහ ඩු ප්ලෙසිස් ලබා දුන් සුපිරි ආරම්භයත්, පන්දු යවන්නන්ගේ…

බට්ලර් වෙත අනගි සහයක් ලබා දුන් නායක ඔයින් මෝගන් පන්දු 48ක දී නොදැවී ලකුණු 71ක් වාර්තා කළේය. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 162ක සම්බන්ධතාවයක් ගොඩ නැඟුණු අතර එහි දී අවසන් පන්දුවාර 5 තුළ දී ලකුණු 74ක් වාර්තා වීම එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 372ක් වැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට මහත් පිටිවහලක් විය.

එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි ස්ථාවර ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 98කින් ලකුණු 87ක් ලබා ගත් අතර ඔහු හා ජොනතන් බෙයාස්ටෝ අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 115කි. මෙහි දී බෙයාස්ටෝ ලකුණු 51ක් හා ජෝ රූට් ලකුණු 45ක් වාර්තා කරමින් සිය ලකුණු පුවරුව ශක්තිමත් කළහ.

පාකිස්තානය වෙනුවෙන් කිසිදු පන්දු යවන්නෙකු හට කැපී පෙනෙන දස්කම් දැක්වීමට නොහැකි විය. මෙහි දී ශහීන් ෂා අෆ්රිඩි හා හසන් අලී එක් කඩුල්ල බැගින් ලබා ගත්ත ද ඔවුන් දෙදෙනා සිය පන්දු වාර 20 තුළ ලකුණු 161ක් ප්‍රතිවාදීන් හට ලබා දී තිබුණි.

පාකිස්තානය සිය පිළිතුරු ඉනිමට හොඳ ආරම්භයක් ලබා දෙමින් පළමු කඩුල්ලට ලකුණු 92ක් කරන ලදි. පළමු කඩුල්ල ලෙස ලකුණු 35ක් ලබා සිටි ඉමාම් උල් හක් දැවී ගිය නමුත් ෆකාර් සමාන් හා පිටියේ එක් වුනු බාබර් අසාම් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වන්නට විය.

තරගයේ 33වන පන්දු වාරය ක්‍රියාත්මක වන විට පාකිස්තානු ලකුණු පුවරුව කඩුලු 2කට ලකුණු 227ක් ලෙසින් දැක්වූයේ වාර්තා ගත ජයග්‍රහණයක බලාපොරොත්තු ඉහළ නංවමිනි.

ලෝක කුසලානයේ විස්සයි විස්ස ගැසූ අපි

විස්සයි විස්ස තරග අද ලෝකයේ ගොඩක් ජනප්‍රිය තරග රටාවක්. නමුත් විස්සයි විස්ස තරග ලෝකයේ ජනප්‍රිය වෙන්න බොහෝ…

නමුත් 33 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ක්‍රිස් වෝක්ස් ඒ වන විට එංගලන්තයට හිසරදයක්ව සිටි ෆකාර් සමාන් දවා ගත්තේ ලකුණු 135ක් වූ දෙවන කඩුල්ලේ සබඳතාවය බිඳ දමමිනි. ෆකාර් සමාන් දැවී යන විට ලකුණු 138ක් ලබා සිටි අතර පන්දු 106කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් හා හයේ පහර 4ක් ඇතුළත් විය. ඊළඟ පන්දුවාරයේ දී අදීල් රෂීඩ්ගේ පන්දුවක් හමුවේ ලකුණු 51ක් ලබා සිටි බාබර් අසාම් ද දැවී ගියේ යළි තරගය එංගලන්ත පිළ වෙත හරවමිනි.

හරීස් සොහේල් ලකුණු 14කට පිටියෙන් ඉවත් කිරීමට ලියම් ප්ලන්කට් සමත් වූ අතර ඒ වන විට පාකිස්තානු ලකුණු පුවරුව දැක්වූයේ ලකුණු 274ක් ලෙසිනි. අනතුරුව පිටියේ එක් වූ නායක ශෆ්‍රාස් අහම්ඩ්, අසීෆ් අලී හා එක් ව සිය කණ්ඩායම ජයග්‍රහණය කරා සමීප කළ ද ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට තරම් එම උත්සහය ප්‍රමාණවත් නොවීය. මෙහි දී අසීෆ් අලී ලකුණු 51ක් හා සෆ්‍රාස් අහම්ඩ් නොදැවී ලකුණු 42ක් ලබා ගත්තේ ය.

එංගලන්තය වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ ඩේවිඩ් විලී හා ලියම් ප්ලන්කට් කඩුලු දෙක බැගින් ලබා ගන්නා ලදි.

  • තරගයේ වීරයා – ජොස් බට්ලර්

එංගලන්ත ඉනිම – 373/3 (50): ජොස් බට්ලර් 110 (55), ජේසන් රෝයි 87 (98), ඔයින් මෝගන් 71 (48), යසීර් ෂා 1/60, ශහීන් ෂා අෆ්රිඩි 1/80, හසන් අලී 1/81

පාකිස්තානු ඉනිම – 361/7: ෆකාර් සමාන් 138 (106), අසීෆ් අලී 51 (36), බාබර් අසාම් 51 (52), ඩේවිඩ් විලී 2/57, ලියම් ප්ලන්කට් 1/64

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<