මවගේ වියෝවෙන් දුක් වූ 16 හැවිරිදි පොඩ්ඩාට ටෙස්ට් වරම්!

85

පාකිස්තාන යොවුන් ක්‍රීඩක නසීම් ෂා තවමත් 16 වන වියේ පසුවන අතර ඔහුගේ මව පසුගිය සතියේ දී මෙලොවින් නික්ම යන්නට විය. කෙසේ නමුත් පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් විශ්වාස කරන අන්දමට ඕස්ට්‍රේලියාවට එරෙහිව ‘Brisbane’ නුවර දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී මේ යොවුන් ක්‍රීඩකයා ඔවුන්ට තරග දිනවන්නෙක් විය හැකිය.

ප්‍රබලයින් රැසක් නැවතත් IPL වෙන්දේසියට

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන දෙසැම්බර් මස 19 වැනිදා පැවැත්වීමට නියමිතය.

පසුගිය දා ‘Perth’ නුවර දී ඕස්ට්‍රේලියා ‘A’ කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගයේ දී දියත් කළ අගනා පන්දු යැවීමත් සමඟ නසීම් එළඹෙන බ්‍රහස්පතින්දා (21) ‘Brisbane’ නුවර ‘Gabba’ ක්‍රීඩාංගණයේ ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට වැඩි ඉඩකඩක් ඇති බව වාර්තා වේ.

‘Cricinfo’ වෙබ් අඩවියේ අන්තර්ගත කර ඇති අන්දමට ක්‍රිකට් ඉතිහාසය තුළ ටෙස්ට් වරම් ලැබූ ළාබාලතම ක්‍රීඩකයා වන්නේ 1996 වසරේ දී 14 වන වියේ දී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ පාකිස්තානයේ හසන් රාසා යි. කෙසේ නමුත් පසුකාලීනව ඔහුගේ උපන් දිනය සම්බන්ධව ගැටලු සහ මතභේද ඇතිවන්නට විය. 

“නසීම් ෂා සම්බන්ධ හොඳම දේ තමයි ඔහුගේ පන්දු යැවීමට අදාළව ඔහු සතුව තියෙන පාලනය. ඔහු සතුව හොඳ පන්දු යැවීමේ ඉරියව්වක් තියෙනවා වගේම ඔහු දන්නවා අදාළ අවස්ථාවන් වලදී යොමු කරන්න ඕන කුමන ආකාරයේ පන්දු ද කියන එකත්. ඒ වගේම ඔහුට ඉතා හොඳ පාලනයකින් යුතුව පන්දු යැවිය හැකියි. ඒ අනුව ඔහු මේ තරග වාරයේ ක්‍රීඩා කළ පළමු පෙළ තරගවල දී ඉතාමත් හොඳින් පන්දු යැවීමේ නිරත වුනා.” පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිස්බා-උල්-හක් cricket.com.au වෙබ් අඩවිය අමතමින් පැවසීය. 

“ඒ වගේම ඔහු මෙහෙදීත් හොඳින් පන්දු යැව්වා. අපේ පන්දු යවන්නන් අතරින් ඉහළින්ම දක්‍ෂතා දැක්වූවේ ඔහු. ඔහු මේ ආකාරයෙන් දිගටම පන්දු යැව්වොත් මං විශ්වාස කරනවා ඔහුට අපේ තරග දිනවන්නෙක් බවට පත්වෙන්න පුළුවන් කියලා.” නසීම් පිළිබඳව අදහස් දක්වමින් මිස්බා තවදුරටත් පැවසීය. 

දක්‍ෂ, අනාගතයක් සහිත ක්‍රීඩකයින් ඉතා කුඩා අවදියක දීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළට රැගෙන ඒමට අදාළව පාකිස්තානය සතුව අගනා ඉතිහාසයක් ඇති අතර ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ටෙස්ට් වරම් ලැබූ ළාබාලතම ක්‍රීඩකයින් 10 දෙනාගෙන් 6 දෙනෙක්ම බිහිවී ඇත්තේ පාකිස්ථානයෙන් වීම විශේෂත්වයකි.

ගියවර ආසියානු ශූරයෝ මෙවර කලින්ම ගෙදර එයි

ආසියානු නැගී එන කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (18) ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන….

කෙසේ නමුත් මෙවන් පසුබිමක් තුළ නසීම්ගේ මව පසුගිය සතියේ දී අභාවප්‍රාප්ත වීම ඔහුට විශාල මානසික පීඩනයක් ගෙන දෙනු ඇති බව නොඅනුමාන ය. 

“ඔහු ඔහුගේ පවුලේ අය සමඟ කතා කළා. ඔවුන් කියලා තියෙන්නේ ඔහු දැන් මේ සිටින ස්ථානයේ සිටීම තමයි ඔහුගේ අම්මාටත් අවශ්‍යව තිබුණේ කියලා.” එවන් තත්වයක් තුළ නසීම් තවදුරටත් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක වසීම් ඛාන් ‘The Sydney Morning Herald’ පුවත්පත සමඟ පැවසීය. 

“හැමෝම මේ වෙලාවේ ඔහු වටේ එක්වෙලා සිටින්නේ. ඔහු හොඳින් නේද සිටින්නේ කියලා හැමෝම හැමවෙලේම හොයලා බලනවා. ඒ වගේම ඔහුට දුකක් දැනුණ වෙලේට කතා කරන්න පුළුවන් ඔහුගේ සමීපතමයින් කිහිප දෙනෙක්ම කණ්ඩායමේ සිටිනවා. ඒ නිසා ඔහුට අවශ්‍ය වුනා මේ තත්වය යටතේ වුවත් අවසානය දක්වා මෙහි රැඳී සිටින්න.” වසීම් තවදුරටත් පැවසීය.  

නසීම් තවමත් පළමු පෙළ තරග 7කට පමණක් ක්‍රීඩා කර ඇති අතර ඔහු මේ දක්වා පෙන්වා ඇති දක්‍ෂතා පිළිබඳව පාකිස්තාන තේරීම් කමිටුවට පැහැදීමක් තිබුනත් ස්ටීවන් ස්මිත් හා ඩේවිඩ් වෝනර් වැනි ලෝකයේ ප්‍රබලතම පිතිකරුවන්ට එරෙහිව දින 5ක් පුරාවට ක්‍රීඩා කිරීමේ පීඩනයට ඔහු කෙසේ මුහුණ දෙනු ඇත්දැයි යන්න පිළිබඳව තවමත් කිසිවෙකුට අදහසක් ලබා ගත නොහැක. 

ප්‍රබල පිතිකරු ස්මිත් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ නසීම් පළමු ටෙස්ට් තරගය සඳහා තේරී පත්වුවහොත් ඔහුගේ අත්දැකීම් අඩුකමින් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔහු පසුබට නොවන බවයි. 

දසුන්, මැතිව්ස්, තරංග සහ කුමාර T10 හි වැඩ පෙන්වයි

පසුගිය සතියේ දී අබුඩාබි හිදී ආරම්භ වූ අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ පළමු දින 3 නිමා වන විට දසුන් ශානක, ඇන්ජලෝ…..

“ඔහුට තාම මගේ වයසින් භාගය යි. කොහොම වුනත් ඒක හොඳ තරගයක් වෙයි. අවුරුදු 16 කියන්නේ ඉතාම තරුණ වයසක්. මට විශ්වාසයෙන් කියන්න පුළුවන් වයස අවුරුදු 16 දී ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරනවා කියන්නේ ලොකු පීඩනයක්. විශේෂයෙන් තම රටෙන් පිට දී ක්‍රීඩා කරනකොට. නමුත් ඔහුව කණ්ඩායමට ඇතුළත් කරනවා කියන්නේ ඔහු අනිවාර්යයෙන්ම දක්‍ෂතාවලින් සමන්විතයි කියන එක. අපිට කිසිම කෙනෙක්ව සුළුකොට තකන්න බැහැ. ඒත් අපි උත්සාහ කරන්නේ ඔහුට පුළුවන් තරම් පන්දුවාර යොමුකරන්න අවස්ථාව ලබා දීලා ඔහුව වෙහෙසට පත්වුණාම ඔහුගේ අත්දැකීම් අඩු බව හරහා උපරිම ප්‍රයෝජන ලබාගන්න එක. ඔහුට පන්දුවාර විශාල සංඛ්‍යාවක් යොමුකරන්න පුහුණුවක් සහ පුරුද්දක් තියෙන්න විදිහක් නැහැ. ඉතින් ඒක තමයි අපේ සැලැස්ම” මාධ්‍යවේදීන් අමතමින් ස්මිත් පැවසීය. 

මෙම වසර තුළ දී මොහොමඩ් අමීර් සහ වහාබ් රියාස් දෙපළම ටෙස්ට් පිටියට සමුදීමත් සමඟින් අඩපණ වූ පාකිස්තාන සංචිතයට තවදුරටත් 19 වැනි වියේ පසුවන තරුණ වේගපන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනෙක් ඇතුළත් ය. ඒ මූසා ඛාන් සහ ෂහීන් අෆ්රිඩී දෙපළයි. 

කෙසේ නමුත් පාකිස්තාන පන්දු යැවීමේ බලඇණිය ඔවුන්ගේ 2017 වසරේ ඕස්ට්‍රේලියානු සංචාරයෙන් අනතුරුව පළමු වරට මෙම තරගාවලිය සඳහා ටෙස්ට් සංචිතයේ සිය ස්ථානය වෙන්කරගෙන සිටින ඉම්රාන් ඛාන්, වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අබ්බාස් සහ ප්‍රබල පා දඟපන්දු යවන ක්‍රීඩක යසීර් ෂාගෙන් සවිමත් වී ඇත. 

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<