කාන්තා ක්‍රිකට් අනාගතයේ අලුත් බලාපොරොත්තුව – කවීශා දිල්හාරි

142
Kavisha Dilhari

ESPN ඇසුරිනි 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පසුගිය දා අවසන් කළේ බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ජයග්‍රහණයක් වාර්තා කරමිනි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම තරගාවලිය තුල බලාපොරොත්තු වූ දස්කම් දැක්වීමට සමත්නොවූවත් සුබවාදී අනාගතයක් සඳහා සාක්ෂි සපයන්නට සමත් විය. 

ක්‍රිකට්වලට මගේ කැමැත්තක් නැහැ – ක්‍රිස් ගේල්

90 දශකයේ ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කළ පිතිකරුවා සනත් ජයසූරිය බව විවාදයකින් තොරව සෑම ක්‍රිකට්….

ශ්‍රී ලංකා කණ්ඩායමට සුබවාදී අනාගත බලාපොරොත්තුවක් එක් කිරීමට නවක දඟපන්දු තුන් ඉරියව් ක්‍රීඩිකා කවීශා දිල්හාරි සමත් විය. ඇගේ දෙවන ජාත්‍යන්තර තරගයේ දී ඉන්දියාවට එරෙහිව අවසන් ඕවරයේ දී ලබා ගත් ඩිල්ස්කූප් හතරේ පහර බොහෝ දෙනාගේ අවධානයට ලක්විය. එමෙන්ම දකුණු අප්‍රිකානු තරගයේ දී non striker පිතිකාරිය දවා ගනිමින් ඇය දැක්වූ දක්ෂතාවය ද ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.

ඇයගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය වසරක් වැනි කෙටි කාලයක් වුවද එම කාලය තුළ දී, කවීෂා දිල්හාරි ඇගේ කඩුලු ලබා ගැනීම්, පිට දඟපන්දු ‍යොදාගැනීම් නිසා වඩාත් කැපී පෙනෙන ක්‍රීඩිකාවක් වීමට සමත්ව ඇත.  ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඇයව “වඩාත් ධනාත්මක, නිදහස් හා ජවසම්පන්න ක්‍රිකට් ක්‍රීඩිකාවක්” ලෙස හැඳින්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මින් පෙර කවදා හෝ දැක නැති” ක්‍රීඩිකාවක් ලෙස ද ඇය හඳුන්වා ඇත. 

“ඇය මා හා සමාන යැයි ම. හිතෙනවා; මගේ කුඩා වයසේ දී මම ඇය හා සමානව ක්‍රීඩා කළා – ආක්‍රමණශීලී, තවත් බොහෝ දේ කිරීමට ඇති අවශ්‍යතාව මගේ ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ඔප්පු කිරීමට මට අවශ්‍ය වුනා.” චමරි අතපත්තු espncricinfo වෙත අදහස් දක්වමින් කියා සිටියා. 

“ඇය එල්ල කල ඩිල්ස්කූප් පහර යෞවන ක්‍රිකට් ක්‍රීඩිකාවකගෙන් මා දුටු ඉතාම ධෛර්ය සම්පන්න දෙයක්. ඇය ධනාත්මක බව මම දන්නවා, නමුත් ඇය එතරම් වේගයෙන් වේගපන්දු යවන ක්‍රීඩිකාවක් වනු ඇතැයි මම සිතුවේ නෑ. එය සුවිශේෂී වූයේ, එම සංචාරයේ දී ඇය භයානක හර්මන් [හර්මන්ප්‍රීත් කෞර්] දවා ගත්තා. මම එම තරගයේ දී ශතකයක් රැස් කළා. නමුත් එම තරගය අපට වාසිදායක ලෙස හැරවූයේ කවීෂා. ඇය මගේ හදවත දිනා ගත්තා.”

මේ වන විට 19 හැවිරිදි දිල්හාරි හා ඇයගේ දෙවන විස්සයි 20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කළ අතර එම වාසනාව හිමි වූ අනෙක් එකම ශ්‍රී ලංකා ක්‍රීඩිකාව චමරි අතපත්තු පමණි. 

ක්‍රිකට් ක්‍රීඩාවේ යුගයක් වර්ණවත් කළ ග්‍රේග් චැපල්

එය 1970/71 අළුබඳුන තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයයි. එංගලන්ත කණ්ඩායමේ ජෝන් ස්නෝව්….

“මම මේ ලෝක කුසලාන තරගාවලියෙන් පසු [ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන්] විශ්‍රාම යනවා” යැයි ජ්‍යේෂ්ඨ පිට දඟපන්දු යවන ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන පැවසීය. “කණ්ඩායමේ මගෙන් හිස්වන කාර්යභාරය ඉටු කරන්නේ ඇයයි”

“මම කණ්ඩායමට පැමිණි කාලයේ දී ක්‍රීඩාව කෙරෙහි මගේ ඇල්ම සහ මගේ කුසලතා ඇයට බෙහෙවින් සමානයි. ඇයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව. දීර්ඝ කාලයක් සේවය කිරීමේ දක්ෂතාවය හා ස්ථාවරත්වය තිබෙනවා.”

ගාල්ල නගරයට ආසන්න ගම්මානයක් වන රත්ගම උපත ලද කවීශා දිල්හාරි ජාතික කණ්ඩායම තෙක් පැමිණියේ එතරම් සුවපහසු ගමනක් නොවේ. වසර ගණනාවක් පුහුණු කලිසම් යුගලයක් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ සිට මධ්‍යම ගිවිසුම්ගත ක්‍රීඩකයින් 20 දෙනා අතරට පැමිණීම සඳහා ඇය දැරූ වෙහෙස අපමණය. 

“මට වයස අවුරුදු 14 දී මගේ තාත්තා කොළඹින් මට කලිසම් කට්ටල දෙකක් මිල දී ගත්තා. ඇත්තෙන්ම ලාභ කලිසම් දෙකක්. ඒ නිසා මට පුහුණුවීම් ආරම්භ කරන්න පුළුවන් වුනා” යැයි දිල්හාරි පැවසීය.

“එහෙත් ඒ වන විටත් ඔහු මසුන් ඇල්ලීමෙන් උපයන සුළු ආදායම මම සැලකිය යුතු ලෙස භාවිතා කළා. නමුත් ඔහු තේරුම් ගත්තා මම පුහුණුවීම් ආරම්භ කළ යුතුයි කියලා. ඉනෝකා රණවීර [වම් අත දඟ පන්දු යවන්නා] සහ ඇය පිළිබඳ පුවත්පත් ලිපියක් කියවන සෑම අවස්ථාවක. මමත් ඒ වගේ වේවි කියලා ඔහු නිතරම මට කිව්වා.” 

“ඇය ශ්‍රී ලංකාවේ දක්ෂතම තරුණ ක්‍රීඩිකාවක්. ඇය සැමවිටම අපගේ දක්ෂතම ක්‍රීඩිකාවක් වනු ඇතැයි මම විශ්වාස කරනවා. ඇගේ දක්ෂතාවය හා හැකියාවන් මම දන්නවා. ඒ නිසා ඇයව ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වන්නේ ඇයි කියලා මම ඇයට නිතරම කියනවා.” චමරි අතපත්තු පවසා සිටියේය. 

“මෙය මගේ දෙවන ලෝක කුසලානයයි. ශෂිකලා සිරිවර්ධන වගේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවන් මේ තරගාවලියෙන් පස්සේ ක්‍රීඩා කරන්නේ නෑ. නමුත් ඇය, නායිකාව චමරි වැනිජ ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවන්ගේ සහය නොලැබුනේ නම් මම ඕස්ට්‍රේලියාවේ දී මෙම තරගාවලියට ක්‍රීඩා කරයි කියලා මම හිතන්නේ නෑ. මගේ මෑත කාලීන ආබාධය වලින් ඉවත් වීමෙන් පස්සේ මේ දක්වා මගේ වෘත්තීය ජීවිතයේ වඩාත්ම දුෂ්කර, පරීක්ෂණ අවධියට මම මුහුණ දුන්නා. ඒ කාලෙදි ගොඩක් අය මට උදව් කළා.”

හොකී පිටියෙන් ක්‍රිකට් පිටියට ස්ලොග් ස්වීප් පහර ගෙන ආ ටේලර්

රොස් ටේලර් නවසීලන්තය වෙනුවෙන් වගකීම තම කරට ගත් ක්‍රීඩකයෙකු බව පසුගිය ඉන්දීය තරග……

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි අන්තර් පාසල් ව්‍යුහයේ ප්‍රතිලාභියෙකු වන කවීශා දිල්හාරි මුල් අවධියේ දී දකුණත් මද වේගපන්දු යවන්නෙකු ලෙස තම ක්‍රීඩා දිවිය ආරම්භ කළ නමුත් ඇගේ පාසල් පුහුණුකරු මහේෂ් සඳරුවන්ගේ උපදෙස් පරිදි දඟපන්දු යැවීමට මාරු විය. මෙම තීරණය ඇයට ජාතික කණ්ඩායමට එක්වීමට මහත් උදව්වක් වූ නමුත් ඇතිවූ ආබාධ ඇය මාස 7ක කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් වෙන් කර තිබිණි. 

“2015-16 ශ්‍රී ලංකා ක්‍රිකට් වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් තරගාවලියක දී මම අවසන් පූර්ව වටයේ දී හා අවසන් තරගයේ දී දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3 බැගින් දවා ගත්තා.” යැයි දිල්හාරි සිහිපත් කළේය. 

“මගේ පාසලේ පුහුණුකරුවෙකු පැවසුවේ 2016 ඉන්දියාවේ පැවති විස්සයි 20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරුණ දඟපන්දු යවන්නන් සොයමින් සිටින බවත්, ඒ කාලය වන විට අවධානයට ලක්වීමට මගේ දස්කම් ප්‍රධාන බවත්ය.” 

එම වසරේ දී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කඳවුරක් සඳහා එක්වන ඇය ඉන් ලැබුණු අත්දැකීම් හා දැනුම ඇයගේ පන්දු ‍යැවීම හා පිතිකරණය තවත් වැඩිදියුණු කරගැනීමට මහත් උපකාරී වූ බව පැවසීය. 2018 මාර්තු මාසයේ දී පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවති එක්දින තරගයක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇයගේ මංගල තරගය සඳහා ක්‍රීඩා කිරීමට දිල්හාරි සමත් විය. ජාත්‍යන්තර තලයට පිවිසීමෙන් වසරක් ගත වූ පසු ඇතිවූ අස්ථි බිඳීමක් ඇයගේ ක්‍රිකට් දිවියට බලපෑම් එල්ල කළේය.

“ඒ වෙනකොට මම 17 හැවිරිදි ක්‍රීඩිකාවක්. මම හිතුවා මගේ ක්‍රිකට් දිවිය අවසන් වේවි කියලා එංගලන්ත තරගාවලියට එක්වෙන්න බැරි වුනොත්.”

“නමුත් මගේ ජ්‍යේෂ්ඨයන් මට කිව්වා මේක සෑම ක්‍රීඩකයකුගේම ජීවිතයේ කොටසක් කියලා. ඒ ගැන නොසිතා යෝග්‍යතාවය නැවත ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න මට උපදෙස් දුන්නා.”

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී කණ්ඩායම් හතරක සහභාගිත්වයෙන් පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා නැගී එන කණ්ඩායම් කුසලානය සඳහා සහභාගි වූ කවීශා දිල්හාරි එහි දී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කඩුලු ලාභියා ලෙස තරගාවලිය අවසන් කළේය. එමඟින් ඇය තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පැමිණීම සනිටුහන් කළාය. ඉන් මාස එකහමාරකට පසු ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ දී සහභාගි වූ දකුණු ආසියානු ක්‍රීඩා කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ කවීශා විස්සයි 20 ලෝක කුසලාන සංචිතයේ තම ස්ථානය වෙන්කරගත්තේය. 

ඕස්ට්‍රේලියානු දඟපන්දු ‍යවන්නෙකු වන නේතන් ලියොන් අනුගමනය කරන දිල්හාරි, මේ දක්වා ඇයගේ නවක වෘත්තීය දිවියේ ජනප්‍රියම අත්දැකීම ලෙස  ඇය එල්ල කල ඩිල්ස්කූප් පහර හඳුන්වා ඇත. 

“මගේ ධෛර්යය අඩු වූ විට මම ක්‍රීඩා කළ හොඳ තරගයක් ගැන මම හිතනවා. මම මෙතරම් කාලයක් කණ්ඩායමෙන් බැහැරව සිටිය දී මා කළේ එයයි. ඩිල්ස්කූප් පහර, දුවද්දී දවා ගැනීම, ලබාගත් කඩුලු, සිදු වූ තුවාල – සියල්ල මගේ ගමනේ කොටසක්. මගේ සිහිනය වන්නේ සියලුම ආකෘති හරහා ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම් හතරට ඇතුළත් වන්න. මට එය කළ හැකි නම්, එය ගොඩක් වටින බව මම දන්නවා. එසේම මගේ අනෙක් සිහිනයේ ප්‍රධාන කොටසක් ඉටු කිරීමට මට හැකි වේවි. ඒ ලෝකයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාවක් බවට පත්වීම. ”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<