SAG ගැන පසු විපරමක් කරන්න විශේෂ කමිටුවක්!

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ගැන පසු විපරමක් කරන්න විශේෂ කමිටුවක් පත් කිරීමට “ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශය” තීරණය කර තිබේ. 2019 වර්ෂයේ දී  නේපාලයේ දී පැවති 13 වැනි දකුණු ආසියනු ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් 40 ක් රිදී පදක්කම් 83 ක් සහ ලෝකඩ පදක්කම් 128 ක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකාව එහි තෙවැනි ස්ථානය ලබා ගත්තේය. 

රට හරහා දිවීමේ දකුණු ආසියානු තරගාවලිය ශ්‍රී ලංකාවේ දී

දෙවන දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබේ…

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහාභාගී වීමට පෙර, තරගාවලිය පැවැත්වෙන කාලය අතරතුර සහ ඉන් ඔබ්බටද ජාතික ක්‍රීඩා සංගම් සහ රජයේ ක්‍රියාකාරී දායකත්වය, අනාවරණය වූ දක්ෂතා, වැදගත් කරුණු හුවා දැක්වීම ඇතුළුව එහි අඩුපාඩුවක් පැවතියේ ද නැතිද යන්න සොයාබැලීම ට මෙහිදී අපේක්ෂා කෙරේ. ඒත් සමඟම මාධ්‍ය විසින් පෙන්වා දුන් සංවිධානයේ සහ සම්බන්ධීකරණයේ දුර්වලතා පිළිබඳව අවධානය යොමුවනු ඇත. 

එසේම මෙවර පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පෙර සූදානම,එහි ප්‍රමාණාත්මක බව සහ සෙසු සියලු අංශ සමාලෝචනය කර එහි වාර්තාවක් ලබා දීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පහත කමිටුව පත්කර ඇත. 

  • ග්‍රෙගරි ද සිල්වා – සභාපති 
  • දමින්ද ද සිල්වා – සාමාජික
  • සමන් කුමාර ගුණවර්ධන – සාමාජික 
  • එල්මෝ පෙරේරා – සාමාජික

ඒ සඳහා අවශ්‍ය සියලු තොරතුරු ලබා ගැනීමට හැකිවන පරිදි මූලාශ්‍ර පද්ධතියක් අමාත්‍යාංශය විසින් සකස් කර ඇති අතර එමඟින් මෙම කමිටුවට අවශ්‍ය කරන සියලු තොරතුරු ලබා ගෙන එම වාර්තාව අමාත්‍යාංශයට ඉදිරිපත් කරනු ඇත. 

2020 මලල ක්‍රීඩාවට කොහොම ද?

2020 වසර සඳහා වන මලල ක්‍රීඩා කාලසටහන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් පසුගියදා නිකුත් කෙරුනි…

තවද අදාළ සමාලෝචන කටයුතු වලට අවශ්‍ය කරන තොරතුරු ඔබටත් මෙම කමිටුව වෙත ඉදිරිපත් කළ හැකිවන අතර අදාල පාර්ශවයන්ගේ අනන්‍යතාවයේ රහසිගතභාවය තහවුරු වේ. 

මේ පිළිබඳ වැඩි විස්තර පහත සම්බන්ධතා යොමු ඔස්සේ දැන ගත හැක. 

විද්‍යුත් ලිපිනය – [email protected] 

දුරකථන අංකය – 0775639359 

Whatsapp / Viber – 0775639359 

ක්‍රීඩා ලෝකයේ උණුසුම් පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න, Thepapare.com සමඟින්. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<