දසුන් ශානක සහ ලක්ෂාන් සඳකැන් වෙළඳසේවා පිටිය වර්ණවත් කරයි

1963

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (23) පැවති තරගවල දී  දසුන් ශානක සහ ලක්ෂාන් සඳකැන් කැපී පෙණෙන දක්ෂතා දැක්වූහ.

සම්පත් බැංකු කණ්ඩායම නියෝජනය කරන දසුන් ශානක කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට එරෙහිව දිනයේ වේගවත්ම ඉනිම සේ ම වැඩිම ලකුණු වාර්තා වූ ඉනිම ද ක්‍රීඩා කළේය. දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ TeeJay ලංකා කණ්ඩායම නියෝජනය කරන ලක්ෂාන් සඳකැන් ය. ඔහු  MAS Silueta කණ්ඩායමට එරෙහිව ලකුණු 28කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

මිනෝද්, සචිත්‍ර සහ මිලින්ද අර්ධ ශතක ලබති

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අපරාජිත බව තව දුරටත් රැක ගැනීමට L. B. ෆිනෑන්ස් කණ්ඩායම සමත් විය. ඔවුන් අද…

මෙම දක්ෂතාවලට අමතරව උපුල් තරංග සහ මනෝජ් සරත්චන්ද්‍ර ශතක රැස් කරමින් පිතිකරුවන් ලෙසින් දක්ෂතා දක්වද්දී පන්දු යවමින් ජෙෆ්රි වැන්ඩර්සේ දක්ෂතා දැක්විය.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම නියෝජනය කළ උපුල් තරංග මෙවර තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කරමින් ඩිමෝ කණ්ඩායමට එරෙහි ව නොදැවී ශතකයක් ලබා ගත් අතර ජෝන් කීල්ස් කණ්ඩායමේ මනෝජ් සරත්චන්ද්‍ර හේලීස් කණ්ඩායමට එරෙහි ව ශතකයක් වාර්තා කරන්නේ ය.

ජෝන් කීල්ස් කණ්ඩායම නියෝජනය කරන ජෙෆ්රි වැන්ඩර්සේ හේලීස් කණ්ඩායමට එරෙහිව ලකුණු 48කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

TeeJay ලංකා සහ MAS Silueta අතර තරගය

කොළඹ වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 134ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට TeeJay ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා ගත් TeeJay ලංකා ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 274ක් රැස් කර ගත්හ. ඊට පිළිතුරු ලෙසින් MAS Silueta කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 140ක් පමණි.

TeeJay ලංකා ඉනිමේ 36 වැනි පන්දුවාරය අවසන් වෙද්දී කඩුලු 8ක් දැවී ලකුණු 183ක්ව තිබූ අතර එම අවස්ථාවේ දී සචිත් පතිරණ තනිකරම එක් අන්තයක් සියතට ගනිමින් කඩුලු 9ක් දැවී ලකුණු 276ක් දක්වා තම කණ්ඩායම රැගෙන ආවේය.

ඔහු පන්දු 73කට මුහුණ දෙමින් නොදැවෙමින් ගොඩනැගූ ඉනිම ලකුණු 88ක්. සචිත් එම ඉනිම කරා යෑමේ දී හතරේ පහර 6කින් සහ හයේ පහර 7කින් තම ඉනිම සැරසුවේය. ඔහු 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලක්ෂාන් සඳකැන් (06) එක්ව ලකුණු 47ක සබඳතාවක් ද අවසන් කඩුල්ල වෙනුවෙන් හිමේෂ් රාමනායක (00*) සමඟ එක්වෙමින් නොදැවුණ ලකුණු 44ක සබඳතාවක් ද ගොඩ නැගීමට සමත් විය.

MAS Silueta කණ්ඩායමේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ඇන්ජලෝ එමානුවෙල් ය. ඔහු පන්දු 35ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තේ ය. MAS Silueta කණ්ඩායම විනාශ කිරීමේ පෙරමුණ ගත්තේ චලන ද සිල්වා ය. ඔහු ආරම්භක කඩුලු 2 දවා ගත්තේ ය. අනතුරුව පන්දු යැවීමට පිවිසි ලක්ෂාන් සඳකැන් ලකුණු 28කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ ප්‍රධාන ප්‍රතිවාදියා විය.

TeeJay ලංකා; කඩුලු 9ක් දැවී 274 (50.0) රුවිඳු ගුණසේකර 21, මිනෝද් භානුක 36, සචිත්‍ර සේරසිංහ 30, මිලින්ද සිරිවර්ධන 35, සචිත්‍ර සේනානායක 26, සචිත් පතිරණ නොදැවී 88, බුද්ධික සංජීව 2/54, මාලිංග ද සිල්වා 2/32, නුවන් ප්‍රදීප් 2/41, නිමන්ද සුබසිංහ 2/47

MAS Silueta කණ්ඩායම; සියලුම දෙනා දැවී 140 (33.2) ඉරෝෂ් සමරසූරිය 24, ඇන්ජලෝ එමානුවෙල් 30, දෙනුවන් රාජකරුණා 28, නිමන්ද සුබසිංහ 25, චලන ද සිල්වා 2/32, ලක්ෂාන් සඳකැන් 5/28

දශක 4ක ක්‍රිකට් අභිමානය බිංදුවට බැස්සවූ ‘මාර පරාජය’

ලෝක සිතියමේ පැන්සල් තුඩකින් වැසිය හැකි තරමේ පුංචි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ අභිමානයෙන් කතා කළ හැකි දෙයක් පැවතියේ නම් ඒ ‘ක්‍රිකට්’ පමණි. ගෙවී ගිය සැප්තැම්බර් 17…

සම්පත් බැංකුව සහ කැන්රිච් ෆිනෑන්ස් අතර තරගය

පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 90ක ජයක් ලබා ගැනීමට සම්පත් බැංකු කණ්ඩායම සමත් විය.

ක්‍රීඩාංගණයේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් මෙම තරගය පන්දුවාර 45කට සීමා වෙමින් පැවති අතර සවස් වරුවේ ක්‍රීඩාංගණය වෙළාගත් අඳුරු වළාවන් සමඟින් තරගයේ විසඳුම ඉහත ආකාරයෙන් සිදු විය.

සම්පත් බැංකු කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක නොදැවී ලකුණු 124ක් ලබා ගත්තේ ය. ඔහුගේ ඉනිම පන්දු 73කින් වාර්තා වූ අතර ඊට හතරේ පහර 8ක් සහ හයේ පහර 10ක් ඇතුලත් විය.

සම්පත් බංකු කණ්ඩායම; කඩුලු 6ක් දැවී 304 (45.0) දසුන් ශානක නොදැවී 124, කෞෂාල් සිල්වා 43, රොමේෂ් බුද්ධික 43, දිනේෂ් ගුණරත්න 2/81, ප්‍රමොද් මධුශාන් 2/60

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම; කඩුලු 5ක් දැවී 93 (21.1) පැතුම් නිශ්ශංක 31


ජෝන් කීල්ස් සහ හේලීස් අතර තරගය

කෝල්ට්ස් පිටියේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත විසඳුණ මෙම තරගයේ දී ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ ලකුණු 110ක් ඉදිරියෙන් සිටියේ ය. තරගය අයහපත් කාලගුණය මත නතර කරන විට හේලීස් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 196ක් ලබා සිටි අතර ඔවුන්ට ඒ වෙද්දී ජයග්‍රහණය කිරීමට නම් ලකුණු 306ක් අවශ්‍ය විය.

කාසියේ වාසිය දිනූ ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් වාර්තා කළ දැවැන්ත ලකුණු පුවරුවට (319/7) මනෝජ් සරත්චන්ද්‍ර ලබා ගත් ශතකයත්, දිමුතු කරුණාරත්න ලබා ගත් ශතකයට ආසන්න වූ අර්ධ ශතකයකුත් විය.

මනෝජ් තම  ඉනිමට පන්දු 130ක් වැය කරමින් ලකුණු 108ක් ලබා ගත්තේ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ද එකතු කර ගනිමිනි. දිමුත් පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 91ක් ලබා ගත්තේ ය.  

ජෝන් කීල්ස් කණ්ඩායම; කඩුලු 7ක් දැවී 319 (50.0) මනෝජ් සරත්චන්ද්‍ර 108, දිමුත් කරුණාරත්න 91, ජෙහාන් ඩැනියෙල් 41, මනෙල්ක ද සිල්වා 20, ලහිරු සමරකෝන් 3/56, බිනුර ප්‍රනාන්දු 2/47

හේලීස් කණ්ඩායම; කඩුලු 9ක් දැවී 196 (35.0) රොන් චන්ද්‍රගුප්ත 30, සඳරුවන් ප්‍රනාන්දු 28, මධුරංග සොයිසා 29, ඇන්ඩි සොලමන්ස් 38, ජෙෆ්රි වැන්ඩර්සේ 5/48 සචින්ත පීරිස් 2/26

L.B. ෆිනෑන්ස් සහ MAS හෝල්ඩිංග්ස් අතර තරගය

මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 11ක තියුණු ජයක් වාර්තා කිරීමට L.B. ෆිනෑන්ස් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ MAS හෝල්ඩිංග්ස් ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ  L. B. ෆිනෑන්ස් කණ්ඩායමේ ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක ය. ඔවුන් දෙදෙනා අර්ධ ශතක වාර්තා කළහ.

ධනංජය පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 89ක් ලබා ගත්තේ ය. ඔහු චරිත් සමඟ එක්වෙමින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61ක සබඳතාවක් ගොඩ නැගුවේ ය. චරිත් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිමේ දී යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 74ක් ලබා ගන්නේ ය. මීට අමතරව චාමර සිල්වා සහ ටී. එම්. සම්පත් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ.

LB. ෆිනෑන්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 292 (49.2) ධනංජය ද සිල්වා 89, චරිත් අසලංක 60, ෂෙහාන් ජයසූරිය 28, කුසල් මෙන්ඩිස් 26, කමිඳු මෙන්ඩිස් 3/53, ධම්මික ප්‍රසාද් 3/57, ෂෙශාන් මධුශංක 2/60, අනුක් ප්‍රනාන්දු 2/46

MAS හෝල්ඩිංග්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 281 (45.5) ටී. එම්. සම්පත් 57, නිරෝෂන් දික්වැල්ල 21, චාමර සිල්වා 61, කමිඳු මෙන්ඩිස් 74, චරිත් සුදාරක 4/36, ෂෙහාන් ජයසූරිය 65/3, චරිත් අසලංක 2/46

ජෙමීමා ඉන්දීයාව නැවත ජය මාවතට ගෙන යයි

සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (22) කොළඹ සී. සී. සී. පිටියේ දී නිමා වූ විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක පරාජයකට මුහුණ…

කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ඩිමෝ අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 44ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ඩිමෝ ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පිටියට පිවිසි කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 301ක් ලබා ගත්හ. පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඩිමෝ කණ්ඩායමට අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය නතර කරන විට ලබා ගත් හැකිව තිබුණේ කඩුලු 6ක් දැවී ලකුණු 181ක් පමණි.

කොමර්ෂල් ඉනිමේ දී උපුල් තරංග නොදැවී ශතකයක් රැස් කිරීම කැපී පෙණුනි. උපුල්ගේ ඉනිම පන්දු 113කින් වාර්තා වූ අතර ඊට හතරේ පහර 9ක් සහ හයේ පහර 7ක් ඇතුලත් විය. ඩිමෝ කණ්ඩායම වෙනුවෙන් සම්මු අශාන් අර්ධ ශතකයක් වාර්තා කළේය.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම; කඩුලු 7ක් දැවී 301 (50.0) උපුල් තරංග නොදැවී 101, ලහිරු මධුශංක 34, ඩිල්ශාන් මුණවීර 22, අශාන් ප්‍රියංජන් 20, චතුරංග ද සිල්වා 23, වනිඳු හසරංග 27, මතීෂ පෙරේරා 2/29, කවිශ්ක අංජුල 2/64

ඩිමෝ කණ්ඩායම; කඩුලු 6ක් දැවී  181 ( 35.0) සම්මු අශාන් 67, නිසල තාරක 37, නිපුන් කරුණානායක 22, සුරාජ් රන්දිව් 26/2

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<