නිමන්ද සහ දනංජය සම්පත් බැංකු ක්‍රීඩකයෝ අසරණ කරයි

135

නිමන්ද සුබසිංහ සහ දනංජය ලක්ෂාන්ගේ දක්ෂ පන්දු යැවීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායම අද (04) වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන වෙළඳසේවා පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ නොමැකෙන සලකුණක් තැබූහ.

අවිශ්ක, හෂාන් සහ චතුරංග එස්. එස්. සී. පිටිය වර්ණවත් කරයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන වෙළඳසේවා පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට්…

ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ සම්පත් බැංකුව 

කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පෙරවරුවේ පැවති මෙම තරගයෙන් ලකුණු 80ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායම සමත් වීම කැපී පෙණුනි. ඔවුන් මෙම ජයග්‍රහණය වාර්තා කළේ යැවීමට තිබූ තවත් පන්දු 40ක් ම ඉතිරි කර ගනිමිනි. 

කාසියේ වාසිය දිනා ගත් සම්පත් බැංකු නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 139ක් ලබා ගත්හ. 

එම ඉනිම වෙනුවෙන් ආරම්භක වමත් පිතිකරු සංගීත් කුරේ පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තේය. එය එම ඉනිමේ හොඳම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව විය. සංගීත් සහ අනෙක් ආරම්භක පිතිකරු ජනිත් ලියනගේ අතර පළමු කඩුල්ලට එක් වූ ලකුණු සංඛ්‍යාව 72කි. ජනිත් ලියනගේ පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තේය. 

Photos: Sampath Bank vs SLC Emerging – 27th Singer-MCA Premier League T20

ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායමේ වරෙක ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 4ක් දැවී ලකුණු 100ක් ලෙසිනි. ඉන් අනතුරුව ලකුණු 19ක් තුළ කඩුලු 5ක් දවා ගැනීමට සම්පත් බැංකු ක්‍රීඩකයෝ සමත් වූහ. අවසාන කඩුල්ල ලෙසින් පිටියේ රැඳී සිටි හිමේෂ් රාමනායක පන්දු 3කට මුහුණ දී හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 7ක් ද, අමිල අපෝන්සු පන්දු 7කට මුහුණ දී හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 10ක් ලබා ගනිමින් එම කඩුල්ල වෙනුවෙන් නොදැවුණ ලකුණු 20ක් රැස් කිරීමට සමත් වීම කැපී පෙණුනි. 

පන්දු යැවීමේ දී සම්පත් බැංකු නායකයා පන්දු යවන්නෝ 9 දෙනෙක්ම උපයෝගී කර ගත් අතර ඒ අතරින් ආරම්භක වේගපන්දු යවන දසුන් ශානක සහ දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාර කඩුලු 3 බැගින් දවා ගත්හ. 

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සම්පත් බැංකු ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 59ක් පමණි. එම ඉනිම විනාශ කිරීමේ පෙරමුණ ගත්තේ වේගපන්දු යවන නිමන්ද සුබසිංහ ය. ඔහු පන්දුවාර 4ක් තුළ කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 14ක් පමණක් ලබා දෙමිනි. ඊට අමතරව දනංජය ලක්ෂාන් පන්දු 2ක් පමණක් යවමින් එම පන්දු දෙකේ දී ම කඩුලු ලබා ගනිමින් දක්ෂතා දැක්විය. 

සම්පත් බැංකු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ දසුන් ශානක ය. ඔහු පන්දු 19කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තේය. ඊට අමතරව ආරම්භක පිතිකරු සමීන් කඳනාරච්චි ලකුණු 11ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 පසුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන ක්‍රීඩකයෝ ඉඩ තැබුවේ නැත.  

ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායම; කඩුලු 9ක් දැවී 139 (20) සංගීත් කුරේ 37, ජනිත් ලියනගේ 29, ධනංජය ලක්ෂාන් 21, දසුන් ශානක 3/34, මාලින්ද පුෂ්පකුමාර 3/19

සම්පත් බැංකු කණ්ඩායම; සියලුම දෙනා දැවී 59 (13.2) දසුන් ශානක 27, නිමන්ද සුබසිංහ 4/14, දනංජය ලක්ෂාන් 2/00

SAG2019 – හර්ෂිතා – සත්‍යාගේ ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාවෙන් වාර්තාගත ලකුණක්!

දකුණු ආසියානුකරයේ ක්‍රීඩා තරු එකිනෙක ගැටෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ විස්සයි විස්ස…

MAS යුනිචෙලා සහ ජෝන් කීල්ස් 

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පෙරවරුවේ පැවති මෙම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ගැනීමට යුනිචෙලා ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් ජෝන් කීල්ස් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යුනිචෙලා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 169ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමේ දී පන්දුවාර 16ක් අවසානයේ ඇද වැටුණ වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට සිදු විය. 

තරගයේ ජයග්‍රහණය ලැබීමට නම් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ ඒ වෙද්දී ලකුණු 132ක් ලබා ගෙන තිබිය යුතු විය. එහෙත් ඒ වෙද්දී ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ ලබා සිටියේ කඩුලු 6ක දැවී ලකුණු 108ක් පමණි. 

Photos: MAS Unichela vs JKH | 27th Singer-MCA Premier League T20

යුනිචෙලා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වූයේ වනිඳු හසරංග ය. ඔහු පන්දු 16කට මුහුණ දෙමින් හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 49ක් ලබා ගත්තේය. ඊට අමතරව මහේල උඩවත්ත පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තේය. 

කඩුලු ලබා ගැනීමේ දී වේගපන්දු යවන ඉෂාන් ජයරත්න ලකුණු 33කට කඩුලු 3ක් දවා ගත්තේය. 

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ජෝන් කීල්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ රොෂේන් සිල්වා ය. ඔහු පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 45ක් ලබා ගත්තේය. ඊට අමතරව භානුක රාජපක්ෂ පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තේය. 

කඩුලු ලබා ගැනීමේ දී ලහිරු මධුශංක ලකුණු 26කට කඩුලු 2ක් දවා ගත්තේය.  

MAS හෝල්ඩිංග්ස් – යුනිචෙලා; කඩුලු 7ක් දැවී 169 (20) ටී. එම්. සම්පත් 26, මහේල උඩවත්ත 45, චාමර සිල්වා 30, වනිඳු හසරංග නොදැවී 49,  ඉෂාන් ජයරත්න 3/33

ජෝන් කීල්ස්; කඩුලු 6ක් දැවී 108 (16) භානුක රාජපක්ෂ 33, රොෂේන් සිල්වා නොදැවී 45, ලහිරු මධුශංක 2/26

අජන්ත මෙන්ඩිස් ඇතුළු තවත් කිහිප දෙනෙක් කටාර් T10 වලට

ශ්‍රී ලංකාව බිහි කළ ප්‍රබල දඟපන්දු ‍යවන්නෙකු වන අජන්ත මෙන්ඩිස් එළඹෙන කටාර් T10 ප්‍රිමියර් ලීග්…

LB ෆිනෑන්ස් සහ හේලීස් 

කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස එස්. එස්. සී. ක්‍රිකට් පිටියේ දී පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගය කාසියේ වාසිය උරගා නොබලමින්ම නතර කර දැමුණි. ඒ පිටියේ පැවති අයහපත් වාතාවරණය තත්ත්වයෙනි. 

ඒ අනුව  LB ෆිනෑන්ස් ක්‍රීඩකයන්ට මෙතෙක් මෙම තරගාවලියේ එකම හෝ තරගයක් ක්‍රීඩා කිරීමට ලැබුණේ නැත. ඔවුන්ට ඊයේ (03) දිනයේ දී ජෝන් කීල්ස් හා සමඟ තරගය මේ ආකාරයෙන්ම අහිමි වී ගියේය. 

තරගාවලියේ තෙවැනි දිනය වන හෙට (05)ත් තරග 3ක් ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ අනුව වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී ජෝන් කීල්ස් සහ හේලීස් අතර තරගයත්, හැව්ලොක් පෙදෙස කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පෙරවරුවේ LB ෆිනෑන්ස් සහ MAS යුනිචෙලා කණ්ඩායම් අතර තරගය ද, පස්වරුවේ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ ඩිමෝ අතර තරගය ද පැවැත්වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<