IPL වලට වඩා මාලිංග රට ගැන සිතා තීරණයක් ගනී

550

වර්තමාන ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ලසිත් මාලිංග අද (23) ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී (IPL) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කිරීම වෙනුවෙන් සූදානම්ව සිටි නමුත්, ඔහුට  එම තරගාවලියේ පළමු තරග කිහිපය ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව වාර්තා වේ.

ලෝක කුසලානයට ප්‍රථම අයර්ලන්තය තුන්කොන් සටනකට

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර බටහිර ඉන්දීය…

ලසිත් මාලිංග අප්‍රේල් මස 4 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා  සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර එම  තරගාවලියේ ක්‍රීඩකයින් දක්වන දස්කම් අනුව එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය තෝරාගන්නා නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා කොට මාලිංග මෙම තීරණය රැගෙන ඇත.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මම විමසුවා IPL තරගාවලියට තරග කිරීම පිළිබඳව ඔබලාගේ විරුද්ධත්වයක් තියෙනවා ද කියලා. එවිට ඔවුන් පැවසුවේ එළඹෙන ලෝක කුසලානයට යාමට අපේක්ෂාවෙන් සිටින සියලුම දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් මෙහෙ රැඳී ඉඳලා පලාත් තරගාවලියේ ක්‍රීඩා කරන්න ඕනේ කියලා.” මාලිංග ESPNcricinfo වෙබ් අඩවියට පවසා තිබුණි. පසුව ඔවුන්ට මම කිව්වා දේශීය පළාත් ක්‍රිකට් තරගාවලිය සඳහා මම ක්‍රීඩා කරනවා  කියලා. පසුව මම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මගේ තීරණය දැනුම් දුන්නා. මට IPL තරගාවලියෙන් ලැබෙන සල්ලි නැති වුනාට කමක් නැහැ ඊට වඩා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම මට ගොඩාක් වටිනවා.” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ මාලිංග පවසන ලදි.

“මට කළ හැකි ලොකුම අපරාධය මිනී මැරීම නොවේ” – දෝනි

මුදලට ක්‍රිකට් තරග පාවාදීම අප කැමති වුවත් අකමැති වුවත් මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව ගිලගනිමින් තිබේ…

මාලිංග යම් හෙයකින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතයට තේරී පත්වුවහොත් IPL තරගාවලියේ ඉතිරි තරග කිහිපය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට ගිලිහි යාමට වැඩි ඉඩකඩක් තිබේ.

මේ හේතුව නිසාවෙන් මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් බලධාරීන් හට මාලිංග වෙනුවෙන් ක්‍රීඩා කිරීමට හැකි වෙනත් ක්‍රීඩකයෙක් තෝරාගැනීමට සිදුවෙන අතර එම කණ්ඩායම ලසිත් මාලිංග මිලට ගෙන තිබුණේ ඉන්දීය රුපියල් ලක්ෂ 200ක මුදලකටයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<