Last man standing ශූරතාවය හේශාන් Flexe කණ්ඩායමට

187

“2017 Last Man Standing වාර්ෂික ක්‍රිකට් තරගාවලිය” ඊයේ (25) දිනයෙන් අවසන් විය. අවසන් දිනයේ දී තරගාවලියේ අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය පැවැත්විය. අවසන් මහා තරගයෙන් ලකුණු 130ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් හේශාන් Flexe කණ්ඩායමට ශූරතාවය හිමි විය. ඊයේ දිනයේ පැවති සියලු තරග කොළඹ තර්ස්ටන් විදුහල් පිටියේ දී පැවැත්විය.

සුසී – හොලී සුසංයෝගය නිසා ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්!

මෙවර එංගලන්තය සහ වේල්සය පදනම් කර ගනිමින් පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයේ තමන් මුහුණ..

එක් පිළකට ක්‍රීඩකයින් අට දෙනෙකු හට පමණක් ක්‍රීඩා කළ හැකි මෙම තරගයේ අවසන් ක්‍රීඩකයා හට තනිව වුවද පිතිකරණයේ නිරත විය හැකි වීම විශේෂිත කරුණක් වේ.

පළමු අවසන් පූර්ව තරගය

පළමු අවසන් පූර්ව තරගය ගියවර ශූරතාවය ජයග්‍රහණය කළ හේශාන් Flexe A කණ්ඩායම හා ස්ටැෆර්ඩ් මෝටර්ස් කණ්ඩායම අතර පැවැත්විය. ඉතාමත් තියුණු අවසානයක් කරා ගමන් කර මෙම තරගයෙන් හේශාන් Flexe A කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් හේශාන් Flexe A කණ්ඩායම, නියමිත පන්දුවාර 10 තුල කඩුලු 3ක් දැවී ලකුණු 86ක් ලබා ගත් අතර, එහි දී චලිත චමෝද් දක්ෂ පිතිකරණය නිරත වෙමින් එක් 4 පහරක් හා 6 පහර 4ක් සමඟින් ලකුණු 46ක් වාර්තා කිරීමට සමත් විය. පිළිතුරු ලෙස ලකුණු 87ක ඉලක්කයක් හඹා ගිය ස්ටැෆර්ඩ් මෝටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 3ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 83ක් පමණි.

හේශාන් Flexe A – 86/3 (පන්දුවාර 10): චලිත චමෝද් 46, අසේල ජයසිංහ 29* , ධම්මික කුමාර 1/09

ස්ටැෆර්ඩ් මෝටර්ස් (Pvt) Ltd – 83/3 (පන්දුවාර 10): කල්ප පේශාන් 48, විකුම් පීරිස් 29, රිසිත් උපමාල් 3/13

දෙවන අවසන් පූර්ව තරගය

LMS යන කෙටි නාමයෙන් හඳුන්වනු ලබන මෙම තරගාවලියේ උද්වේගකර දෙවන අවසන් පූර්ව තරගය කොළඹ බෙන්ස් කණ්ඩායම හා Sapphire ක්‍රීඩා සමාජය අතර පැවැත්විය.

එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ බෙන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුල දී ලකුණු 69කට සීමා කිරීමට ප්‍රතිවාදී Sapphire ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් සමත් වූ අතර, ලකුණු 70ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි Sapphire ක්‍රීඩකයින් පන්දුවාර 9යි පන්දු 2ක් පමණක් වැය කරමින් කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් ලබාගෙන අවසන් මහා තරගයට අසුන් වෙන්කර ගත්තේය.

කොළඹ බෙන්ස්  – 69/5 (පන්දුවාර 10): නිමේෂ් ප්‍රනාන්දු 21, විනෝද් පෙරේරා 20, නුවන් ගුණවර්ධන 1/14, නිලන්ත කුමාර 1/14

Sapphire ක්‍රීඩා සමාජය – 70/6 (පන්දුවාර 9.2): අශේන් අබේකෝන් 16*,  යෙශාන් අල්විස් 2/10, නිමේෂ් ප්‍රනාන්දු  2/30

අවසන් මහා තරගය

තරගාවලියේ උද්වේගකර අවසන් මහා තරගය හේශාන් Flexe A හා Sapphire ක්‍රීඩා සමාජය අතර පැවැත්විය. අවසන් මහා තරගය පන්දුවාර 20ක තරගයක් ලෙසින් පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබුණි.

පළමුව පිතිකරණයේ නිරත වුන ගියවර ශූරතාවය ජයග්‍රහණය කළ හේශාන් Flexe A කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 187ක් රැස්කර ගැනීමට සමත් විය.

එහි දී නිමේෂ් පෙරේරා 4 පහර 5ක් හා එක් 6 පහරක් සමඟින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය. ඔහුට තම උපරිම සහය ලබා දුන් බුද්ධික ප්‍රසාද් ලකුණු 36ක් වාර්තා කිරීමට සමත් විය. අශේන් අබේකෝන් හා නුවන් ගුණවර්ධන කඩුලු 2ක බැගින් දවා ගනිමින් Sapphire ක්‍රීඩා සමාජයට සවියක් විය.

පිළිතුරු ඉනිම දියත් කළ Sapphire ක්‍රීඩා සමාජයට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 57ක් පමණි. ඒ අනුව ලකුණු 130ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් හේශාන් Flexe A කණ්ඩායම මෙවරත් Last Man Standing තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කළේය.

ශූරතාවය ජයග්‍රහණය කළ හේශාන් Flexe A කණ්ඩායමට මුදලින් රුපියල් ලක්ෂ 3ක් ත්‍යාග ලෙස ලැබුණු අතර, ඔවුන් මේ වසර අග දී දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි පැවැත්වෙන Last Man Standing ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට ද සුදුසුකම් ලබා ගන්නා ලදි.

හේශාන් Flexe A  – 187/7 (පන්දුවාර 20): නිමේෂ් පෙරේරා  59, බුද්ධික ප්‍රසාද් 36, අශේන් අබේකෝන් 2/25, නුවන් ගුණවර්ධන 2/31

Sapphire ක්‍රීඩා සමාජය – 57/8 (පන්දුවාර 11): නුවන් ගුණවර්ධන 20, රිශිත් උපමාල් 2/06

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට