පොඩි කුසල් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට

1896

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පසුගිය දා අවසන් වූ අතර එයින් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ  කුසල් මෙන්ඩිස් ලොව ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.

නවසීලන්තයට යන ශ්‍රී ලංකා සංචිතය?

එංගලන්තය සමඟ පැවැත්වූ තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. එංගලන්ත තරගාවලියට පසුව ශ්‍රී ලංකා…

නිමා වූ ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ලොව ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හි 28 වන ස්ථානයේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් එම තරගාවලියේ දී ලකුණු 179ක් රැස්කර ගනිමින් දැක්වූ දස්කම් නිසා ඔහුට ප්‍රසාද ලකුණු 627ක් සමඟින් එම ලැයිස්තුවේ 20 වැනි ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට හැකි වී තිබේ.

පැවැත්වූ තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඉතාමත් දක්ෂ ලෙස පිතිකරණයේ නිරත වූ දකුණත් පිතිකරු ජොනී බෙයාස්ටෝව් ලොව ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හි 22 වන ස්ථානයේ සිට පියවර 6ක් ඉදිරියට පැමිණෙමින් 16 වන ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇත. ඊට අමතරව තරගාවලියේ ටෙස්ට් තරග තුනටම සහභාගි වෙමින් ලකුණු 250ක් රැස්කරගත් ජෝස් බට්ලර් ද ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 18 වන ස්ථානයට පත්ව තිබෙන්නේ දැනට පවතින එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ තෙවැනි හොඳම ටෙස්ට් පිතිකරුවා බවට පත්වෙමිනි.

දේශීය ක්‍රිකට් බිමේ වසන්තය මේ සති අන්තයේ ඇරඹේ

නොවැම්බර් මස 30 වැනිදා ආරම්භ වන ප්‍රිමියර් ලීග් ‘A’ කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියත් සමඟ 2018/19 වසර සඳහා වන දේශීය ක්‍රිකට් තරග වාරය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…

3-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්තය සමත් වීමත් සමඟින් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි 3 වැනි ස්ථානයේ සිට දෙවන ස්ථානය දක්වා උසස් වීමක් එංගලන්තයට ලැබී ඇති ඇත්තේ 6 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම 7 වැනි ස්ථානය දක්වා පහතට ඇද දමමිනි.

විරාත් කෝලි, කගීසෝ රබාඩා හා ශකිබ් අල් හසන් යන ක්‍රීඩකයින් තිදෙනා පිළිවෙළින් ලොව හොඳම ටෙස්ට් පිතිකරු, හොඳම ටෙස්ට් පන්දු යවන්නා හා හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා යන අංශවල තවදුරටත් පෙරමුණේ රැඳී සිටියි. එසේම දිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකාවේ හොඳම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ලෝක ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරිම් හි 19 වැනි ස්ථානයේ ද, ලෝක ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර 11 වන ස්ථානය ද ලබා ඉදිරියෙන් සිටිද්දී, ලොව ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හි 7 වැනි ස්ථානයේ සිටින දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාවේ හොඳම ටෙස්ට් පිතිකරුවා ලෙස කිරුළු දරා සිටියි.

ටෙස්ට් පිතිකරුවන් (හොඳම 30)

Rank (+/-) Player Team Points Avge Highest Rating
1 ( – ) Virat Kohli Ind 935 54.57 937 v Eng at Southampton 2018
2 ( – ) Steve Smith Aus 910 61.37 947 v SA at Durban 2018
3 ( – ) Kane Williamson NZ 876 50.42 893 v Aus at Perth 2015
4 ( – ) Joe Root Eng 807 50.44 917 v Aus at Trent Bridge 2015
5 ( – ) David Warner Aus 803 48.2 880 v NZ at Perth 2015
6 ( – ) C. Pujara Ind 765 49.54 888 v SL at Nagpur 2017
7 ( – ) D. Karunaratne SL 753 37.6 754 v SA at Colombo (SSC) 2018
8 ( – ) Dean Elgar SA 724 41.05 784 v Aus at Johannesburg 2018
9 ( – ) Aiden Markram SA 703* 47.27 759 v Aus at Johannesburg 2018
10 (+1) Usman Khawaja Aus 699 43.83 747 v Pak at Sydney 2017
11 (-1) D. Chandimal SL 695 44.28 755 v Win at St Lucia 2018
12 (+3) Azhar Ali Pak 683 44.47 787 v Aus at Melbourne 2016
13 (-1) Ross Taylor NZ 682 46.59 871 v Win at Hamilton 2013
14 (-1) Hashim Amla SA 673 47.23 907 v Pak at Abu Dhabi 2013
15 (-1) Faf du Plessis SA 665 42.33 734 v Ind at Centurion 2018
16 (+6) Jonny Bairstow Eng 653 37.71 772 v SA at Old Trafford 2017
17 (+3) Henry Nicholls NZ 644*! 36.07 644 v Pak at Dubai 2018
18 (+3) Jos Buttler Eng 635! 36.76 635 v SL at Colombo (SSC) 2018
19 (-2) Ajinkya Rahane Ind 633 41.4 825 v NZ at Indore 2016
20 (+8) Kusal Mendis SL 627 36.11 693 v Win at St Lucia 2018
21= (-3) Mushfiqur Rahim Ban 611 35.32 658 v Aus at Chittagong 2017
      (+2) Asad Shafiq Pak 611 39.15 758 v Eng at Lord’s 2016
23 (-7) Angelo Mathews SL 609 43.05 877 v NZ at Christchurch 2014
24= (+11) Mominul Haque Ban 608 44.35 661 v Pak at Mirpur 2015
      (+2) Lokesh Rahul Ind 608 37.71 761 v SL at Pallekele 2017
26= (+1) Brendan Taylor Zim 607* 35.38 684 v Ban at Mirpur 2014
      (-8) Kraigg Brathwaite Win 607 35.97 701 v Eng at Headingley 2017
28 (-4) Shakib Al Hasan Ban 603 39.23 694 v Aus at Mirpur 2017
29 (-5) BJ Watling NZ 601 37.61 644 v Eng at Headingley 2015
30 (-1) Quinton de Kock SA 593 36.32 802 v NZ at Hamilton 2017

 

ටෙස්ට් පන්දු යවන්නන් (හොඳම 30)

Rank (+/-) Player Team Points Avge Highest rating
1 (+1) Kagiso Rabada SA 882 21.71 902 v Aus at Port Elizabeth 2018
2 (-1) James Anderson Eng 874 26.98 903 v Ind at Lord’s 2018
3 ( – ) M. Abbas Pak 829* 16.62 838 v NZ at Abu Dhabi 2018
4 ( – ) Vernon Philander SA 826 21.54 912 v Ind at Johannesburg 2013
5 ( – ) Ravindra Jadeja Ind 812 23.5 899 v Aus at Ranchi 2017
6 (+1) Pat Cummins Aus 784* 23.81 800 v SA at Johannesburg 2018
7 (+1) R. Ashwin Ind 777 25.44 904 v Eng at Mumbai 2016
8 (-2) Trent Boult NZ 772 28.07 825 v Eng at Lord’s 2015
9 ( – ) Jason Holder Win 758* 28.5 766 v Ind at Hyderabad 2018
10 (+9) Yasir Shah Pak 752 28.23 878 v Eng at Lord’s 2016
11 (+1) Shannon Gabriel Win 749 29.73 757 v Ban at Jamaica 2018
12 (-1) Josh Hazlewood Aus 744 26.84 863 v Ind at Bengaluru 2017
13 (-3) Neil Wagner NZ 740 28.49 785 v Win at Wellington 2017
14= (+1) Nathan Lyon Aus 706 32.21 774 v Eng at Adelaide 2017
      ( – ) Tim Southee NZ 706 30.82 799 v Win at Jamaica 2014
16 (-3) Stuart Broad Eng 694 29.04 880 v SA at Johannesburg 2016
17 (-1) Mitchell Starc Aus 693 28.52 805 v SA at Durban 2018
18 (-1) Keshav Maharaj SA 692* 27.65 695 v Zim at Port Elizabeth 2017
19 (-1) Dilruwan Perera SL 689! 31.49 689 v Eng at Colombo (SSC) 2018
20 (+1) Shakib Al Hasan Ban 673 31.44 705 v Aus at Mirpur 2017
21 (+6) Taijul Islam Ban 652*! 31.1 652 v Win at Chittagong 2018
22 ( – ) M. Shami Ind 637 29.96 703 v SA at Johannesburg 2018
23 ( – ) Dale Steyn SA 635 22.64 909 v Win at Centurion 2014
24 (-4) Kemar Roach Win 628 28.59 774 v SA at Centurion 2014
25 (-1) Umesh Yadav Ind 613! 32.85 613 v Win at Hyderabad 2018
26 (-1) Ishant Sharma Ind 603 34.73 671 v Win at Dominica 2011
27 (-1) Moeen Ali Eng 600 37.44 633 v Win at Edgbaston 2017
28 (+3) Ben Stokes Eng 588 32.7 596 v Win at Lord’s 2017
29 ( – ) B. Kumar Ind 578* 26.09 626 v SA at Johannesburg 2018
30 (-2) Mehidy Hasan Ban 574* 33.12 580 v Zim at Dhaka 2018

 

ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින් (හොඳම 5)

Rank (+/-) Player Team Points Highest Rating
1 ( – ) Shakib Al Hasan Ban 405 489 v Aus at Mirpur 2017
2 ( – ) Ravindra Jadeja Ind 400 438 v SL at Colombo (SSC) 2017
3 ( – ) Jason Holder Win 372 /* 381 v Ind at Hyderabad 2018
4 ( – ) Vernon Philander SA 370 378 v SL at Galle 2018
5 (+1) Ben Stokes Eng 342 396 v Win at Lord’s 2017

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<