ICC සාමාජිකත්වය ලැබුනත් නේපාලයට තවත් ගැටලුවක්

68

නේපාල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක පරාස් කඩ්කා තම නායකත්ව ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඔහුගේ එම නිවේදනය සෘජුවම පළ කොට ඇත්තේ සිය නිල ට්විටර් ගිණුම හරහා වන අතර ඔහු එසේ සිදුකොට ඇත්තේ සම්මතය පරිදි ක්‍රිකට් පාලක මණ්ඩලය හරහා කරන ලද මාධ්‍ය නිවේදනයකට පටහැණි ලෙස ය.

මුරලි, බ්‍රෙට් ලී, තෙන්දුල්කාර් නැවතත් ක්‍රිකට් වලට?

සචින් තෙන්දුල්කාර්, බ්‍රෙට් ලී, මුත්තයියා මුරලිදරන්, බ්‍රයන් ලාරා වැනි ලෝක ක්‍රිකට් දැවැන්තයන්…

මීට පෙරාතුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පූර්ණ සාමාජිකයෙකු ලෙස නේපාලය නැවත පත් කර තිබුණේ කොන්දේසි කිහිපයක් ද සහිතවයි. ඒ සාමාජිකයන් 17 දෙනෙකුගෙන් සමන්විත නේපාල ක්‍රිකට් සංගමයේ මධ්‍යම ක්‍රියාකාරී කමිටුවක් තේරී පත්වීමෙන් පසුවයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන් 2016 වසරේ දී නේපාලයට සිය සාමාජිකත්වය අහිමි විය. රජයේ මැදිහත්වීම හේතුවෙන් ‘නිදහස් හා සාධාරණ නිලවරණයක්’ නොපැවැත්වීම යන කාරණය ද ඊට ඇතුළත් ය.  

අහිමි කළ සාමාජිකත්වය පිළිබඳ ICCය සලකා බලයි

අහිමි වූ සාමාජිකත්වය නැවත වතාවක් හිමිකර ගනිමින් කඩා වැටී තිබෙන තම ක්‍රිකට් ක්‍රීඩාව…

මේ මඟින් ඔවුන්ගේ කොන්දේසි යටතේ නැවතත් නේපාල ක්‍රිකට් ක්‍රීඩාව ස්ථාපනය කිරීම සඳහා අරමුදල් වෙන්කොට ඒ හරහා එරට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා නව මාවතක් විවෘත කිරීම ද සිදුවේ. එය ක්‍රියාත්මක වෙමින් පවතින්නේ නේපාලය පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමේ සැලැස්මක් ද ලෙසිනි.‍

සුවිශේෂී ශතකයක දායකත්වයක් ද සමඟින් මේ වසර මුලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව නේපාලය වාර්තා කළ පළමු එක්දින තරගාවලිය ජයගැනීම සඳහා නායකත්වය ලබා දීම, විස්ස ජාත්‍යන්තර ශතකයක් රැස් කළ එකම නේපාල ක්‍රීඩකයා බවට පත්වීම (පසුගිය අගෝස්තු මාසයේ දී සිංගප්පූරුවට එරෙහිව) කඩ්කාගේ ජයග්‍රහණයන් අතරට එක්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<