ක්‍රිකට් මහත්වරුන්ගෙන් ලංකාවට ලැබුණු අපූරු තෑග්ග

1394
CHESTER-LE-STREET, ENGLAND - MAY 25: Players and coaching staff keep warm during Sri Lanka Nets session ahead of the 2nd Investec Test match between England and Sri Lanka at Emirates Durham ICG on May 25, 2016 in Chester-le-Street, United Kingdom. (Photo by Mitchell Gunn/Getty Images) *** Local Caption ***

එංගලන්තයේ පවතින සීත සෘතුව අවසන් වීමත් සමඟින් ආරම්භ වූ එංගලන්ත කණ්ඩායම හා සංචාරක  ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක මේ වනවිට එංගලන්තයේ වැඩිම සීතලක් පවතින එංගලන්තයේ  උතුරු ප්‍රදේශයට අයත් ලීඩ්ස් හා ඩරම් ක්‍රීඩාංගණයන්හිදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කිරීම කර ඇතත් එය අනුමත කළ නොහැකි බව හිටපු එංගලන්ත වේග පන්දු යවන්නකු මෙන්ම වත්මන් ප්‍රවීණ ක්‍රිකට් විචාරකයකු වන ජොනතන් ඇග්නිව් මහතා  පවසයි.

දුෂ්මන්තටත් ආබාධයක්

“පළමු තරගය ජයග්‍රහණය කිරීම ගැන සත්කාරකයන්ට සතුටු වෙන්න පුළුවන් කාරණයක්. නමුත් සීත සෘතුව යාන්තම් අවසාන වූ සැණින් උප මහාද්වීපික රටක් වන ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන මෙම තරග මාලාවේ පළමු තරග දෙක පවත්වන්න එංගලන්ත ක්‍රිකට් බලධාරීන් තෝරා ගත් ස්ථාන පිළිබඳව ගැටලු කිහිපයක් මතු වෙනවා” යනුවෙන් ඇග්නිව් මහතා  බී.බී.සී යට ලිපියක් ලියමින් පවසා තිබේ.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වන ජොනතන් ඇග්නිව් මහතා “මට තේරුම් ගන්න බැරි ඇයි ශ්‍රී ලංකා පළමු තරග දෙක ලීඩ්ස් හා ඩරම් ක්‍රීඩාංගණවලට යොමු කළේ කියලා. එංගලන්තයේ උතුරු ප්‍රදේශයට වන්නට පවතින මේ ක්‍රීඩාංගණ දෙක අයත් කලාපය අනික් ප්‍රදේශයන්ට සාපේක්ෂව වැඩිම සීතලක් පවතින ප්‍රදේශයක්. එහිදී එංගලන්ත කණ්ඩායමට වැඩි වාසි ගෙන දෙන බව සත්‍යයක්. නමුත් අපි ක්‍රිකට් ක්‍රීඩාවට මීට වඩා සාධාරණයක් ඉටු කළ යුතුයි.”

“ප්‍රතිවාදීන්ට අඩියක් ඉදිරියට තියන්න නොදිය යුතුයි කියන කාරණය අපිත් පිළිගන්නව. නමුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සාධාරණයක් ඉටු කළ යුතුයි. එය දින පහක් පුරා තරගය නරඹන්න එන ප්‍රේක්ෂකයන් ගන්න ටිකට් පතට සාධාරණයක් ඉටු කිරීම කියන මූලික කාරණයේ සිට ගණනය කළ යුතුයි.”

එංගලන්ත වේග පන්දුව තරගයේ ජය සොයා යයි

” ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 91 කටත් දෙවැනි ඉනිමේදී ලකුණු  119කටත් දැවී ගියා. හෙඩ්න්ලි තරගය නිමා වෙන්න දින තුනක්වත් ගත වුණේ නෑ. ඒකෙන් සිද්ධ වුණේ හතරවැනි දිනයේ සහ පස්වැනි දිනයේ තරගය නරඹන්න හිටපු අයගේ බලාපොරොත්තු සුන් වෙච්ච එක. ඒ නිසා අපි අමතක නොකළ යුතු කාරණය තමයි ක්‍රීඩාව රදා පවතින්නෙ ප්‍රේක්ෂකයන් මත බව. එබැවින් ඔවුන්ට උපරිම ආස්වාදය ලබා දීම තරග සංවිධායකයන් සතුව පවතින ලොකු වගකීමක්” යනුවෙන්ද ඇගනිව් මහතා වැඩි දුරටත් සටහන් තබා ඇත.

තවද ඔහුගේ මතයට ඌන පූරණයක් එක්කාසු කරමින් බීබීසීයට අදහස් පළ කර ඇති යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන විධායක මාර්ක් ආතර් මහතාද මෙම මැයි මාසය තුළ හෙඩින්ග්ලි ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක් පැවැත්වීම පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කරමින් එංගලන්ත ක්‍රිකට් ආයතනය දැඩි ලෙස විවේචනයට ලක් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ආතර් මහතා පවසා ඇත්තේ ටෙස්ට් තරග පැවැත්වීමට හෙඩින්ග්ලි ක්‍රීඩාංගණය යොදා ගන්නේ නම් ඒ සඳහා සුදුසුම කාලය ජූලි මාසය හෝ ඉන් පසු කාල පරිච්ඡේදය බවයි.

තවද ලබන 27 වැනිදා ඇරඹෙන දෙවැනි ටෙස්ට් තරගය නිමාවන මැයි 31 වැනිදා සිට ජුනි 9 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ඇරඹෙන තෙවැනි ටෙස්ට් තරගය දක්වා දින 8ක පමණ කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු පුහුණු තරගයක් හෝ ලබා නොදීමද විශාල අසාධාරණයක් බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

“තවද ප්‍රේක්ෂකයින් ලෙස අප දුටු දසුන් වලට අනුව එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් සීතලෙන් ආරක්ෂා වීමට උණුසුම් ඇදුම් ඇද ක්‍රීඩා කලේ නම් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කුමන කතාද ? යන්න මට හැගේ…“

තවත් ක්‍රීඩා පුවත් සිංහලෙන් – පිවිසෙන්න