ආර්චර් නොමැතිව එංගලන්තය ලෝක කුසලාන සංචිතය නම් කරයි

496

එංගලන්තය සිය මූලික ලෝක කුසලාන සංචිතය අද (17) නම් කළ අතර කණ්ඩායමේ නායකත්වය සුපුරුදු ලෙස ඔයින් මෝර්ගන් හට පැවරී තිබෙනවා.

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිලට ඉන්දියාවෙන් අනුග්‍රාහකයෙක්

ලබන මැයි මස 30 වැනිදා සිට එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා…

15 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත මූලික සංචිතයට බොහෝ දෙනා ලෝක කුසලාන සංචිතයේ අපේක්ෂා කළ වේගපන්දු යවන ක්‍රීඩක ජෝෆ්රා ආර්චර් ඇතුළත් නොවීම විශේෂත්වයක්. කෙසේ වෙතත් ආර්චර් හා ක්‍රිස් ජෝර්ඩන් පකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය නම් කර ඇති අතර එහි දී දක්වන දක්ෂතා අනුව ඔවුන්ට ලෝක කුසලාන අවසන් සංචිතයේ ස්ථානයක් හිමි වනු ඇත. පාකිස්තාන එංගලන්ත එක්දින තරගාවලිය මැයි 19 වැනිදා නිමා වන අතර එංගලන්ත අවසන් සංචිතය ද ඉන් පසුව නිකුත් කෙරෙනු ඇත.

අවසන් වසර හතරේ දී එංගලන්තයේ පිතිකරණ ලැයිස්තුව ඉතා ස්ථාවර වූ නිසාම පිතිකරණ ලැයිස්තුවේ කිසිදු වෙනසක් නොමැති අතර වේග පන්දු බලඇණියට ක්‍රිස් වෝක්ස්, මාර්ක් වුඩ්, ලියම් ප්ලන්කට්, ඩේවිඩ් විලී හා ටොම් කුරන් ඇතුළත්. සියලු දෙනා මවිත කරන තෝරා ගැනීම නම් දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ජෝ ඩෙන්ලිගේ තෝරා ගැනීමයි. මොයින් අලී හා අඩිල් රෂිඩ් කණ්ඩායමේ අනෙක් දඟපන්දු යවන්නන් දෙදෙනායි.

බාබඩෝස් හී උපත ලැබූ ආර්චර්, ඔහුගේ වසර තුනක එංගලන්ත පුරවැසිභාවය සපුරා ගත්තේ පසුගිය මාර්තු 17 වැනිදායි. මේ ඔහු එංගලන්ත කණ්ඩායම සඳහා සලකා බැලෙන පළමු අවස්ථාවයි. ආර්චර්ගේ පියා එංගලන්ත ජාතිකයෙක්.

කැන්ගරු ආධිපත්‍යය යළිත්?

තවත් නොබෝ දිනකින් ඇරඹීමට නියමිත ICC ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන්…

“ICC නීති රීති වලට අනුව අපිට අප්‍රේල් 23 වැනිදාට ප්‍රථම ලෝක කුසලානයට සහභාගී වන 15 දෙනාගේ මූලික සංචිතය නම් කිරීමට සිදු වෙනවා” එංගලන්ත තේරීම් කමිටු ප්‍රධානි එඩ් ස්මිත් මහතා පවසා සිටියා. ”කෙසේ වෙතත් පාකිස්තානයට එරෙහි වන රෝයල් ලන්ඩන් එක්දින තරගාවලියට සහභාගී වන 17 දෙනාගෙන් සමන්විත සංචිතයේ ක්‍රීඩකයින්ටත් ලෝක කුසලාන අවසන් සංචිතයේ ස්ථානයක් නම් කර ගැනීමට හැකියාවක් තිබෙනවා, අවසන් සංචිතය එම තරගාවලිය අවසානයේ දී නම් කිරීමට නියමිතයි.”

“තේරීම් කමිටුව බොහොම සතුටුයි ජෝෆ්රා ආර්චර්ගේ දේශීය තරග පිටියේ හා විස්සයි විස්ස තරගාවලි වල දස්කම් පිළිබඳව, ඔහු බොහොම දක්ෂ නැගී එන ක්‍රීඩකයෙක්”

2016 වසරේ සිට එක්දින ජාත්‍යන්තර පිටියෙන් ඈත්ව සිටි විස්සයි විස්ස විශේෂඥ ක්‍රීඩක ක්‍රිස් ජෝර්ඩන් ශ්‍රී ලංකාවට හා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව විස්සයි විස්ස තරග වල දස්කම් දැක්වීම නිසා ඔහු පිළිබඳවත් තේරීම් කමිටුව අවධානය යොමු කර තිබේ.

“ජෝර්ඩන්, දිගින් දිගටම විස්සයි විස්ස සංචිතයේ සිටියා, ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ගොඩක් දියුණු වුනා, අපි ඒ බව බටහිර ඉන්දීය කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ දී දුටුවා, ඔහුට එක්දින සංචිතයේ ස්ථානයක් හිමි වීම සාධාරණයි” ස්මිත් ප්‍රකාශ කර සිටියා.

අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගයට හා පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට සහභාගී වීමට 14 දෙනෙකුගෙන් යුතු සංචිතයක් නම් කර තිබේ. එම තරගාවලි සඳහා මොයින් අලී, ජොනී බෙයාර්ස්ටෝව්, ජෝස් බට්ලර් හා බෙන් ස්ටොක්ස් විවේක ගන්වා තිබේ. සෑම් බිලින්ග්ස් හා ජේම්ස් වින්ස් අයර්ලන්ත තරගයට හා පාකිස්තාන විස්සයි විස්ස තරගාවලියට කැඳවා තිබේ.

ක්‍රිස් වෝක්ස් මෙම තරගාවලි දෙකට කැඳවා නොමැති අතර ඔහු Warwickshire ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතයි. “අපි ලෝක කුසලානයට ක්‍රීඩකයින් ඉතා හොඳ විවේකයකින් පසු සහභාගී කිරීමේ අරමුණින් ඔවුන්ට නිසි ලෙස විවේක ලබා දෙනවා, එම නිසා තමයි අපි සංචිත තුනක් තෝරා ගත්තේ” ස්මිත් තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.

ලෝක කුසලාන මූලික සංචිතය – ජොනී බෙයාර්ස්ටෝව්, ජේසන් රෝයි, ජෝ රූට්, ඔයින් මෝර්ගන් (නායක), බෙන් ස්ටොක්ස්, මොයින් අලී, ක්‍රිස් වෝක්ස්, ලියම් ප්ලන්කට්, අඩිල් රෂිඩ්, මාර්ක් වුඩ්, ඇලෙක්ස් හේල්ස්, ටොම් කුරන්, ජෝ ඩෙන්ලි, ඩේවිඩ් විලී.   

ලෝක කුසලාන සටනට සැරසෙන බෙංගාල ව්‍යාඝ්‍රයන්

එළඹෙන මැයි මස 30 වෙනිදා එංගලන්තය සහ වේල්සය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වීමට නියමිත ලෝක…

පාකිස්තාන එක්දින තරගාවලියට සංචිතය – ජොනී බෙයාර්ස්ටෝව්, ජේසන් රෝයි, ජෝ රූට්, ඔයින් මෝර්ගන් (නායක), බෙන් ස්ටොක්ස්, ජෝස් බට්ලර්, මොයින් අලී, ක්‍රිස් වෝක්ස්, ලියම් ප්ලන්කට්, අඩිල් රෂිඩ්, මාර්ක් වුඩ්, ඇලෙක්ස් හේල්ස්, ටොම් කුරන්, ජෝ ඩෙන්ලි, ඩේවිඩ් විලී, ජෝෆ්රා ආර්චර්, ක්‍රිස් ජෝර්ඩන්.  

අයර්ලන්තයට එරෙහිව එක්දින තරගාවලියට හා පාකිස්තාන විස්සයි විස්ස තරගාවලියට එරෙහි සංචිතය – ඔයින් මෝර්ගන් (නායක), ජෝෆ්රා ආර්චර්, සෑම් බිලින්ග්ස්, ටොම් කුරන්, ජෝ ඩෙන්ලි, ක්‍රිස් ජෝර්ඩන්, ඇලෙක්ස් හේල්ස්, ලියම් ප්ලන්කට්, අඩිල් රෂිඩ්, ජෝ රූට්, ජේසන් රෝයි, ජේම්ස් වින්ස්, ඩේවිඩ් විලී, මාර්ක් වුඩ්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<