ඉසිපතනයට නව රග්බි නායකයෙක්

397

එළඹෙන 2019 නව රග්බි තරග වාරය සඳහා ඉසිපතන විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා ලෙස ‘Flanker’ ස්ථානයේ ක්‍රීඩා කරන තෙවැනි වසරේ වර්ණ ලාභී ජනිත් සේරසිංහ පත් කිරීමට එම විද්‍යාලයීය රග්බි කළමනාකරණ සහ සංවර්ධන කමිටුව තීරණය කර ඇත.

තවදුරටත් ඔහුගේ උප නායකයා ලෙස ‘Scrum half’ ස්ථානයේ ක්‍රීඩා කරන තවත් තෙවැනි වසරේ වර්ණ ලාභියෙකු වන කිලන් චමත් කොඩිකාරගේ නම් කර ඇත.

යොවුන් රග්බි කණ්ඩායමේ සුක්කානම ගැමුණු චේතියට

වින්ග්, සෙන්ටර් මෙන්ම ෆුල් බැක් ස්ථානවල ද එක සේ දස්කම් දක්වන ක්‍රීඩකයෙකු වන මේ වසරේ සාන්ත….

ජනිත් සේරසිංහ පසුගිය වසරේ දී ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් ඉහළම දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙනෙන්නට වූ අතර ඔහුගේ එම දක්‍ෂතා හා ජ්‍යෙෂ්ඨත්වය හේතුවෙන් ඔහුට එළඹෙන තරග වාරය සඳහා කණ්ඩායමේ නායකත්වය හිමි වී ඇත. ඒ අනුව එළඹෙන තරග වාරයේ දී ඉසිපතන විද්‍යාලය නැවතත් ශ්‍රී ලංකා පාසල් රග්බි පිටියේ පෙරළිකාර කණ්ඩායමක් බවට පත්කිරීම ඔහුගේ ප්‍රධාන අරමුණ වනු ඇති බව නොඅනුමාන ය.

පසුගිය වසරේ දී ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩකයින් ඔවුන් තරමක් ඉහළ දක්‍ෂතා ප්‍රදර්ශනය කරමින් ලීග් තරගාවලියේ සිව්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වූවත් ඔවුන්ගේ ඉතිහාසය ගැන සලකා බැලීමේ දී පසුගිය වසරේ දක්‍ෂතා පිළිබඳව ඔවුන්ට සෑහීමකට පත්විය නොහැක.

හරිත රග්බි බලකායට කන්ද උඩරට පුහුණුකරුවෙක්

ලබන වසර සඳහා වන පාසල් රග්බි තරග වාරය වෙනුවෙන් නව පුහුණුකරුවකු තෝරා පත්කර ගැනීමට…

කෙසේ නමුත් සේරසිංහ හට කොඩිකාර සමඟ එක්ව එළඹෙන තරග වාරයේ දී එම තත්වය වෙනස් කිරීමට ඉතා හොඳ අවස්ථාවක් හිමිව ඇති අතර පසුගිය තරග වාරයේ දී කණ්ඩායමේ නායකත්වය දැරූ මනිල්ක රුබේරු සහ කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන නදීෂ් චමින්ද සහ නෙපුල් දේවින්දගේ දායකත්වය ද ඒ සඳහා ඉවහල් වනු ඇත.

ඒ අනුව අභිනවයෙන් පත්වූ නායක, උපනායක සහ නව පුහුණුකරු නිහාල් ‘වයිපර්’ ගුණරත්න හට ඉසිපතනය විද්‍යාලය නැවතත් පාසල් රග්බි පිටියේ දැවැන්තයින් ලෙස ඔසවා තැබීමට නම් ඔවුන්ට ඉතා ප්‍රබල කණ්ඩායමක් නිර්මාණය කිරීමට සිදුවනු ඇත.

කෙසේ නමුත් එළඹෙන තරග වාරය මතකයේ සිටින තරග වාරයක් වනු ඇති බවට පාසල් කළමනාකරණය අපේක්‍ෂාවෙන් සිටී.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<