Llorisට දරුණු ආබාධයක්; Liverpool අපරාජිත වාර්තාව තවදුරටත්

84

එංගලන්ත Premier League තරගාවලියේ අටවැනි සතියේ, ජර්මානු Bundesliga ලීග් තරගාවලියේ හත්වැනි සතියේ සහ ප්‍රංශ Ligue 1 තරගාවලියේ නවවැනි සතියේ තවත් වැදගත් තරග කිහිපයක් ඊයේ (06) දිනයේ දී පැවැත්විය.

Suarez වැඩ පෙන්වද්දී Salzburg, සත්කාරක Liverpool අන්දමන්ද කරයි

2019/20 ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන තරග දිනයට අදාළ තරග කිහිපයක් අද (3)…

Tottenhamට තවත් අනපේක්‍ෂිත දරුණු පරාජයක්

පසුගිය දා Champions League තරගාවලියේ දී Bayern Munich කණ්ඩායම හමුවේ ගෝල 7-2ක නින්දා සහගත පරාජයකට මුහුණ දුන් එංගලන්තයේ ප්‍රබල Tottenham Hotspur ඊයේ Premier League තරගාවලියේ දී තවත් පරාජයකට මුහුණ දුන්නේ Brighton කණ්ඩායම ඊයේ ඔවුන්ට එරෙහිව පැවති තරගය ගෝල 0-3ක් පහසුවෙන් ජයග්‍රහණය කිරීමත් සමඟයි.

තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළම තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් Brighton ක්‍රීඩකයින් Tottenham Hotspur ගෝල රකින ක්‍රීඩක Hugo Lloris අතින් සිදු වූ අත්වැරදීමකින් ප්‍රයෝජන ගනිමින් තරගයේ පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් විය. එහි දී එම ගෝලය වාර්තා කර ගනු ලැබුවේ Neal Maupay විසිනි. 

අනතුරුව Lloris එහි දී ආබාධයකට ලක්වීමත් සමඟ ඔහුව ‘stretcher’ එකක ආධාරයෙන් පිටියෙන් ඉවතට රැගෙන යාමට සිදු වූ අතර ඔහු වෙනුවට ගෝල රැකීමේ කාර්යභාරය ඉටු කිරීම සඳහා Paulo Gazzaniga තරගයට ආදේශ කරනු ලැබීය. 

අනතුරුව 32 වැනි මිනිත්තුවේ දී Aaron Connolly විසින් Brighton වෙනුවෙන් ඔවුන්ගේ දෙවන ගෝලය වාර්තා කර ගැනීමත් සමඟ කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවා ගන්නට ඔවුන් සමත් විය. 

තරගාවලිය පුරාවට Tottenham Hotspur ක්‍රීඩකයින් හට ගෝල වාර්තා කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත් ඔවුන් ඒවා සාර්ථක කරගැනීමට අපොහොසත් වූ අතර ඒ අනුව Connolly විසින් දෙවන අර්ධයේ දී තවත් ගෝලයක් වාර්තා කරගනිමින් මෙම තරගයෙන් ගෝල 0-3ක පහසු ජයක් Brighton හට හිමිකර දෙන්නට සමත් විය. 

සම්පූර්ණ කාලය: Tottenham Hotspur 0 – 3 Brighton

ගෝල ලාභීන් 

  • Brighton – Neal Maupay 3’, Aaron Connolly 32’ 65’

අවසන් මොහොතේ දඬුවම් පහරෙන් Liverpoolට ජය

Premier League තරගාවලිය යටතේ ඊයේ Liverpool සහ Leicester City කණ්ඩායම් අතර පැවති තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය කරන්නට Liverpool සමත් විය. 

කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ ගෝල වාර්තා කරගන්නට අවස්ථාවන් නිර්මාණය කරගැනීමට අපොහොසත් වීමත් සමඟ තරගය තරමක උදාසීන ස්වරූපයක් ගනු ලැබුවත් ඉදිරියට යත්ම කණ්ඩායම් දෙකම සිය සුපුරුදු රිද්මයට අවතීර්ණ වන්නට විය. 

ඒ අනුව පළමු අර්ධය අවසන් වන්නට පෙර ක්‍රියාත්මක වූ Liverpool ක්‍රීඩක Sadio Mane ඔහුගේ වේගය ආධාරයෙන් ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයින් පසුකර පන්දුව රැගෙන යමින් පහසුවෙන් එය ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ පළමු ගෝලය වාර්තා කර ගනු ලැබීය. 

දෙවන අර්ධයේ දී Liverpool ක්‍රීඩකයින් හට ගෝලයක් වාර්තා කරගැනීමට තවත් අවස්ථාවන් කිහිපයක්ම හිමිවූ නමුත් ඔවුන් ඒවා ගෝල බවට පරිවර්තනය කරගැනීමට සමත් වූයේ නැත.

අනතුරුව තරගයේ 80 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Leicester City ක්‍රීඩක James Maddison තරගයේ සිය කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා කරගනිමින් ලකුණු තත්වය සම කරන්නට සමත් විය.

ඒ අනුව තරගය ජය-පරාජයෙන් තොරව නිමා වන සේයාවක් දිස්වුවත් තරගයේ අවසාන මිනිත්තු කිහිපය තුළ Leicester City ක්‍රීඩක Marc Albrighton විසින් Mane හමුවේ සිදු කළ ‘foul’ කිරීමක් හේතුවෙන් Liverpool හට දඬුවම් පහර අවස්ථාවක් පිරිනැමීමත් සමඟ එය ලබා ගත් James Milner සාර්ථකව පන්දුව ගෝල රාමුව තුළට යොමුකරමින් ගෝල 2-1ක් ලෙස Liverpool ජයග්‍රහණය තහවුරු කරන්නට සමත් විය.  

සම්පූර්ණ කාලය: Liverpool 2 – 1 Leicester City

ගෝල ලාභීන් 

  • Liverpool – Sadio Mane 40’, James Milner 90+5’
  • Leicester City – James Maddison 80’

Bayern Munich ප්‍රහාරයෙන් Spurs අන්ත අසරණ වෙයි; Real Madrid බලාපොරොත්තු සුන්

2019/20 ශූරයින්ගේ ලීග් (Champions League) පාපන්දු තරගාවලියේ දෙවන දිනය ඊයේ (01)…

Hoffenheimට පෙරළිකාර ජයක් 

ජර්මනියේ Bundesliga තරගාවලිය යටතේ ඊයේ ප්‍රබල Bayern Munich සහ Hoffenheim කණ්ඩායම් අතර පැවති තරගය තියුණු තරගයකින් අනතුරුව ගෝල 1-2ක් වශයෙන් ජයග්‍රහණය කරන්නට Hoffenheim සමත් විය.  

පළමු අර්ධයේ පුරාවට Bayern Munich ක්‍රීඩකයින් හට ගෝල වාර්තා කරගැනීමට පහසු අවස්ථාවන් රැසක්ම හිමිවුවත් ඔවුන් ඒවා සාර්ථකව අවසන් කරගන්නට අපොහොසත් වූ අතර අනෙක් පසින් Hoffenheim ක්‍රීඩකයින් හට ද ඔවුන්ට ලැබුණු අවස්ථාවන් කිහිපය සාර්ථක කරගැනීමට හැකියාවක් ලැබුණේ නැත. 

කෙසේ නමුත් දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ Hoffenheim ක්‍රීඩක Sargis Adamyan විසින් Dennis Geiger ගෝල රාමු කලාපය තුළට ලබා දුන් පන්දුවක් පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකරමින් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එන්නට සමත් විය. 

අනතුරුව 73 වැනි මිනිත්තුවේ දී Robert Lewandowski විසින් Thomas Muller ලබා දුන් පන්දුවක් ඉතා දක්‍ෂ ලෙස ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය. 

ඊට වහාම පිළිතුරු දැක්වූ Adamyan විසින් මිනිත්තු කිහිපයකට පසුව ඔහුගේ මෙන්ම කණ්ඩායමේ ද දෙවන ගෝලය වාර්තා කරගනිමින් ගෝල 1-2ක් ලෙස තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට සමත් විය. 

සම්පූර්ණ කාලය: Bayern Munich 1 – 2 Hoffenheim

ගෝල ලාභීන් 

  • Bayern Munich – Robert Lewandowski 73’
  • Hoffenheim – Sargis Adamyan 54’ 79’

Dortmundට තවත් ජයග්‍රහණයක් ගිලිහෙයි

Bundesliga තරගාවලිය යටතේ ඊයේ ප්‍රබල Borussia Dortmund සහ SC Freiburg කණ්ඩායම් අතර පැවති තරගය තියුණු තරගයකින් අනතුරුව ගෝල 2-2ක් ලෙස ජය-පරාජයෙන් තොරව අවසන් විය.

තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් Dortmund ක්‍රීඩකයින් සිය සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය දියත් කරන්නට වූ අතර එය තරගයේ 20 වැනි මිනිත්තුවේ දී සාර්ථක වූයේ Alex Witsel විසින් Thorgan Hazard ලබා දුන් පන්දුවක් සාර්ථකව ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ පළමු ගෝලය වාර්තා කරගැනීමත් සමඟයි. 

පසුව දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ Freiburg ක්‍රීඩක Luca Waldschmidt විසින් සිය කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා කරගනිමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය. 

ඊට ඉක්මනින් පිළිතුරු ලබා දුන් Achraf Hakimi විසින් Dortmundහි දෙවන ගෝලය වාර්තා කරගනිමින් නැවතත් ඔවුන්ව තරගයේ පෙරමුණට රැගෙන යන්නට සමත් විය.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය Dortmund ක්‍රීඩකයින් හට හිමිවන සේයාවක් දිස්වුවත් තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී Freiburg ක්‍රීඩක Vincenzo Grifo විසින් ප්‍රතිවාදී ගෝල රාමුව ඉදිරිපිටට යොමු කළ පන්දුවක් Dortmund ක්‍රීඩක Manuel Akanjiගේ පාදයේ වැදී ගෝල රාමුව තුළට යොමුවීමත් සමඟ Freiburg හට හිමි වූ ‘own goal’ අවස්ථාවත් සමඟින් තරගය ගෝල 2-2ක් ලෙස ජය-පරාජයෙන් තොරව අවසන් වන්නට විය. 

සම්පූර්ණ කාලය: Borussia Dortmund 2 -2 SC Freiburg

ගෝල ලාභීන් 

  • Borussia Dortmund – Alex Witsel 20’, Achraf Hakimi 67’
  • SC Freiburg – Luca Waldschmidt 55’, Manuel Akanji 89’ (OG) 

මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට අමිහිරි අත්දැකීම් සමුදායක්

මැලේසියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයක දී ශ්‍රී ලංකාවට ගෝල…

PSG ආක්‍රමණය හමුවේ Angers අසාර්ථකයි

ප්‍රංශයේ Ligue 1 තරගාවලිය යටතේ ඊයේ ප්‍රබල Paris Saint-Germain (PSG) කණ්ඩායම විසින් Angers SCO හමුවේ ගෝල 4-0ක පහසු ජයග්‍රහණයක් තහවුරු කරගන්නට සමත් විය. 

PSG වෙනුවෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කරගත් Pablo Sarabia විසින් එහි දී Ander Herrera ලබා දුන් පන්දුවක් මැනෙවින් හසුරුවා ගනිමින් ප්‍රතිවාදී ආරක්‍ෂක ක්‍රීඩකයන් තිදෙනෙක් පසුකරමින් ඉතා දක්‍ෂ ලෙස එය ගෝල රාමුව තුළට යොමුකරමින් එම ගෝලය වාර්තා කර ගනු ලැබීය.

අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ Sarabia එහි දී Mauro Icardi වෙත පන්දුව බාර කළ අතර ඔහු එය සාර්ථකව ගෝල රාමුව තුළට යොමුකරමින් කණ්ඩායමේ දෙවන ගෝලය වාර්තා කරගන්නට සමත් විය. 

Sarabia නැවතත් ක්‍රියාත්මක වෙමින් මෙම අවස්ථාවේ දී ගෝල රාමු කලාපය තුළ සිටි Idrissa Gueye වෙත පන්දුව බාරකළ අතර ඔහු ඉතා පහසුවෙන් එය ගෝල රාමුව තුළට යොමුකරමින් කණ්ඩායමේ මීළඟ ගෝලයට හිමිකම් කියනු ලැබීය. 

අනතුරුව තරගය අවසන් වන්නට පෙර Neymar විසින් ද ගෝලයක් වාර්තා කරගනිමින් PSG කණ්ඩායමට මෙම තරගයෙන් ගෝල 4-0ක ඉතා පහසු ජයක් හිමිකර දෙන්නට සමත් විය. 

සම්පූර්ණ කාලය: Paris Saint-Germain 4 – 0 Angers SCO

ගෝල ලාභීන් 

  • Paris Saint-Germain – Pablo Sarabia13’, Mauro Icardi 37’, Idrissa Gueye 59’, Neymar 90’ 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<