ස්පාඤ්ඤ La Liga තරගාවලියේ සහ ඉතාලි Serie A තරගාවලියේ 13 වැනි සතියේ, ජර්මානු Bundesliga ලීග් තරගාවලියේ 12 වැනි සතියේ සහ ප්‍රංශ Ligue 1 තරගාවලියේ 14 වැනි සතියේ තවත් වැදගත් තරග කිහිපයක් ඊයේ (23) දිනයේ දී නිමාවට පත්විය.

Manchester City හඹා යාම සාර්ථක වෙද්දී Mourinhoට ජයග්‍රාහී ආරම්භයක්

Barcelona හඹා යාම සාර්ථකයි

ස්පාඤ්ඤයේ ප්‍රබල FC Barcelona සහ CD Leganes කණ්ඩායම් අතර ඊයේ පැවති තරගය ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය කරන්නට Barcelona ක්‍රීඩකයින් සමත් විය. 

Leganes කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් Youssef En-Nesyri තරගයේ පළමු ගෝලය වාර්තා කරගනිමින් ප්‍රතිවාදීන් හට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් විය. 

පළමු අර්ධයේ ගෝල වාර්තා කරගැනීමට ලැබුණු අනෙක් අවස්ථාවන් සාර්ථක කරගන්නට දෙපිළේම ක්‍රීඩකයින් අසමත් වුවත්, දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ Luis Suarez විසින් Lionel Messi ලබා දුන් පන්දුවකට හිසින් පහරක් එල්ල කරමින් පන්දුව ගෝල රාමුව තුළට යොමු කරමින් ඔවුන්ගේ පළමු ගෝලයට හිමිකම් කියන්නට සමත් විය.

අනතුරුව ක්‍රියාත්මක වූ Barcelona ක්‍රීඩක Arturo Vidal ගෝලයක් වාර්තා කරගන්නට සමත් වුවත් එහි දී ‘offside’ නීතිය උල්ලංඝණය වූ බවට විනිසුරුවරයා සංඥා කිරීමත් සමඟ එම ගෝලය ඔවුන්ට පිරිනැමුණේ නැත. කෙසේ නමුත් විනිසුරුවරයා ‘VAR’ වෙත එය යොමු කිරීමෙන් අනතුරුව එහි දී ‘offside’ නීතිය උල්ලංඝනය වීමක් සිදු නොවූ බවට තහවුරු වීමත් සමඟ ඔවුන්ට එම ගෝලය පිරිනමන ලදි. 

ඒත් සමඟ Barcelona ක්‍රීඩකයින් මෙම තරගයෙන් ගෝල 2-1ක ජයග්‍රහණයක් හිමිකර ගන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: FC Barcelona 2 – 1 CD Leganes 

ගෝල ලාභීන් 

  • Barcelona – Luis Suarez 53’, Arturo Vidal 79’
  • Leganes – Youssef En-Nesyri 12’ 

බෙල්ජියම හමුවේ හොඳට පැරදුණු රුසියාව යූරෝ 2020ට

යූරෝ 2020 පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග කිහිපයක් ඊයේ (16) පැවැත්වුණා. Hazardලා බෙල්ජියමට…..

Real Madridට පහසු ජයක්

ස්පාඤ්ඤයේ ප්‍රබල Real Madrid සහ Real Sociedad කණ්ඩායම් අතර ඊයේ පැවති තරගය ගෝල 3-1ක් වශයෙන් දැඩි අභියෝගයකින් තොරව ජයග්‍රහණය කරන්නට Real Madrid ක්‍රීඩකයින් සමත් විය. 

තරගයේ දෙවන මිනිත්තුවේ දී ම Willian Jose විසින් Real Sociedad වෙනුවෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කරගනිමින් ඔවුන්ට තරගයට ප්‍රබල ආරම්භයක් ගෙන දෙන්නට සමත් විය. 

කෙසේ නමුත් පසුව ක්‍රියාත්මක වූ Karim Benzema විසින් Luka Modric ලබා දුන් පන්දුවක් ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය. 

අනතුරුව දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ Federico Valverde සහ Modric තවත් ගෝල දෙකක් සිය ලකුණු තත්වයට එක්කරමින් Real Madrid හට මෙම තරගයෙන් ගෝල 3-1ක පහසු ජයක් හිමිකර දෙන්නට සමත් විය. 

සම්පූර්ණ කාලය: Real Madrid 3 – 1 Real Sociedad

ගෝල ලාභීන් 

  • Real Madrid – Karim Benzema 37’, Luka Modric 47’, Federico Valverde 74’ 
  • Real Sociedad – Willian Jose 2’ 

Atletico-Granada සටන ජය-පැරදුමෙන් තොරයි

ස්පාඤ්ඤයේ ප්‍රබල Atletico Madrid සහ Granada අතර ඊයේ පැවති තරගය ගෝල 1-1ක් වශයෙන් ජය-පරාජයෙන් තොරව අවසන් විය.

පළමු අර්ධය පුරාවට කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත් ඔවුන් ඒවා සාර්ථක කරගැනීමට අපොහොසත් වීමත් සමඟ එම අර්ධයේ ගෝල වාර්තා වූයේ නැත.

කෙසේ නමුත් දෙවන අර්ධයේ දී Atletico ක්‍රීඩක Hector Herrera ලබා දුන් පන්දුවක් දක්‍ෂ ලෙස ගෝල රාමුව තුළට යොමු කළ Renan Lodi තරගයේ පළමු ගෝලයට හිමිකම් කියන්නට සමත් විය.

කෙසේ නමුත් මිනිත්තු කිහිපයකට පසුව ක්‍රියාත්මක වූ German Sanchez Barahona විසින් Angel Montoro ලබා දුන් පන්දුවකට හිසින් පහරක් එල්ල කරමින් Granada වෙනුවෙන් ගෝලයක් වාර්තා කරගන්නට සමත් වූ අතර ඒත් සමඟම ගෝල 1-1ක් ලෙස තරගය ජය-පරාජයෙන් තොරව නිමාවට පත්වන්නට විය. 

සම්පූර්ණ කාලය: Atletico Madrid 1 – 1 Granada

ගෝල ලාභීන් 

  • Atletico Madrid – Renan Lodi 60’
  • Granada – German Sanchez Barahona 67’

“මට 100%ක් කණ්ඩායමට දෙන්න බැරි වුනා” – රොනාල්ඩෝ

පසුගිය දා පැවති Juventus තරගයක් අතරතුර තමන් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීම සම්බන්ධයෙන්…..

Bayern Munichට විශිෂ්ට ජයක්

ජර්මානු Bundesliga තරගාවලිය යටතේ ඊයේ ප්‍රබල Bayern Munich සහ Fortuna අතර පැවති තරගයෙන් ගෝල 4-0ක විශිෂ්ට ජයක් හිමිකර ගන්නට Bayern ක්‍රීඩකයින් සමත් විය.

තරගයට ප්‍රබල ආරම්භයක් ලබාගත් Bayern ක්‍රීඩකයින් පළමු අර්ධයේ දී ම ගෝල තුනක් වාර්තා කරගන්නට සමත් විය. එහි පළමු ගෝලය Joshua Kimmich ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුවක් පහසුවෙන් ගෝල රාමුව තුළට යොමු කළ Benjamin Pavard විසිනුත්, දෙවන ගෝලය Serge Gnabry ලබා දුන් පන්දුවක් ගෝල රාමුව තුළට යොමු කළ Corentin Tolisso විසිනුත්, තෙවැනි ගෝලය Thomas Muller ගෝල රාමුව ඉදිරිපිටට යොමු කළ පන්දුවක් පහසුවෙන් ඒ තුළට යොමු කළ Gnabry විසිනුත් වාර්තා කර ගනු ලැබීය.

අනතුරුව දෙවන අර්ධයේ දී Robert Lewandowski ලබාදුන් පන්දුවක් පහසුවෙන් ගෝල රාමුව තුළට යොමු කළ Philippe Coutinho විසින් සිය කණ්ඩායමේ සිව්වැනි ගෝලය වාර්තා කරගනිමින් ඔවුන්ට තරගයෙන් ගෝල 4-0ක පහසු ජයක් හිමිකර දෙන්නට සමත් විය. 

සම්පූර්ණ කාලය: Bayern Munich 4 – 0 Fortuna 

ගෝල ලාභීන් 

  • Bayern Munich – Benjamin Pavard 11’, Corentin Tolisso 27’, Serge Gnabry 34’, Philippe Coutinho 70’

Dortmund සහ Paderborn අතර කරට කර තරගයක්

ජර්මනියේ ප්‍රබල Borussia Dortmund සහ SC Paderborn 07 කණ්ඩායම අතර ඊයේ පැවති තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 3-3ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය.

කිසිවෙකු බලාපොරොත්තු නොවූ පරිදි තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් Paderborn ක්‍රීඩකයින් පළමු අර්ධය තුළ ගෝල තුනක් වාර්තා කරගනිමින් ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කරන්නට සමත් විය. එහි දී Streli Mamba විසින් පළමු ගෝල ද්විත්වයත්, Gerrit Holtmann විසින් තෙවැනි ගෝලයත් වාර්තා කර ගනු ලැබූහ.

කෙසේ නමුත් දෙවන අර්ධයේ දී තරගකාරී ක්‍රීඩා විලාශයක් දියත් කළ ප්‍රතිවාදී Dortmund ක්‍රීඩකයින් ද ඊට පිළිතුරු ලෙස ගෝල 3ක් වාර්තා කරගන්නට සමත් විය. එහි දී Jadon Sancho විසින් පළමු ගෝලයත්, Axel Witsel විසින් දෙවන ගෝලයත්, තරගය අවසන් වන්නට ඉතා සුළු වේලාවක් ඉතිරිව තිබිය දී Marco Reus විසින් තෙවැනි ගෝලයත් වාර්තා කර ගනු ලැබූහ. 

ඒ අනුව ඉතා තියුණු තරගයකින් අනතුරුව මෙම තරගය ගෝල 3-3ක් වශයෙන් ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය.

සම්පූර්ණ කාලය: Borussia Dortmund 3 – 3 SC Paderborn 07

ගෝල ලාභීන්

  • Dortmund – Jadon Sancho 47’, Axel Witsel 84’, Marco Reus 90+2’
  • Paderborn – Streli Mamba 5’, 37’, Gerrit Holtmann 43’ 

Ronaldo නොමැතිව Juventus හට තියුණු ජයක්

ඉතාලියේ Serie A තරගාවලිය යටතේ ප්‍රබල Juventus සහ Atalanta කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් ගෝල 3-1ක ජයක් හිමිකර ගන්නට Juventus සමත් විය. 

Juventus සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo ආබාධයකට ලක්ව තිබීම නිසා ඔහු මෙම තරගයට එක්කර තිබුණේ නැත.  

පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකටඅම ගෝල වාර්තා කරගැනීමට ලැබුණු අවස්ථාවන් සාර්ථක කරගැනීමට ඔවුන් අපොහොසත් වීමත් සමඟ එම අර්ධය තුළ ගෝල වාර්තා වූයේ නැත. 

කෙසේ නමුත් දෙවන අර්ධයේ ක්‍රියාත්මක වූ Atalanta ක්‍රීඩක Robin Gosens තරගයේ පළමු ගෝලය වාර්තා කරගනිමින් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එන්නට සමත් විය. 

කෙසේ නමුත් අනතුරුව ක්‍රියාත්මක වූ Juventus ක්‍රීඩක Gonzalo Higuain පිට පිට ගෝල දෙකක් වාර්තා කරගනිමින් ඔවුන්ව තරගයේ ඉදිරියට රැගෙන එනු ලැබීය. 

පසුව තරගය අවසන් වන්නට පෙර ක්‍රියාත්මක වූ Paulo Dybala විසින් Juventus වෙනුවෙන් තවත් ගෝලයකට හිමිකම් කියමින් ඔවුන්ට මෙම තරගයෙන් ගෝල 3-1ක ජයක් හිමිකර දෙන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: Juventus 3 – 1 Atalanta

ගෝල ලාභීන් 

  • Juventus – Gonzalo Higuain 74’, 82’, Paulo Dybala 90+2’ 
  • Atalanta – Robin Gosens 56’

PSG හට තවත් පහසු ජයක්

ප්‍රංශයේ Ligue 1 තරගාවලිය යටතේ ප්‍රබල Paris Saint-Germain (PSG) සහ Lille OSC කණ්ඩායම අතර ඊයේ පැවති තරගයෙන් ගෝල 2-0ක පහසු ජයක් හිමිකර ගන්නට PSG සමත් විය. 

තරගයට සාර්ථක ආරම්භයක් ලබාගත් PSG ක්‍රීඩකයින් පළමු අර්ධය තුළ ගෝල 2ක් වාර්තා කරගන්නට සමත් විය. එහි දී පළමු ගෝලය Idrissa Gueye ලබා දුන් පන්දුවක් ගෝල රාමුව තුළට යොමු කළ Mauro Icardi විසිනුත්, දෙවන ගෝලය Julian Draxler ලබා දුන් පන්දුවක් ගෝල රාමුව තුළට යොමුකළ Angel Di Maria විසිනුත් වාර්තා කර ගනු ලැබීය. 

දෙවන අර්ධය තුළ කණ්ඩායම් දෙකට ම ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත් ඔවුන් ඒවා ගෝල බවට පරිවර්තනය කරගන්නට අපොහොසත් වීමත් සමඟ මෙම තරගයෙන් ගෝල 2-0ක ජයක් හිමිකර ගන්නට PSG ක්‍රීඩකයින් සමත් විය. 

සම්පූර්ණ කාලය: Paris Saint-Germain (PSG) 2 – 0 Lille OSC

ගෝල ලාභීන්

  • PSG – Mauro Icardi 17’, Angel Di Maria 31’ 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<