නව වසර ආරම්භයේ දී Spurs, Chelseaට නොසිතූ ඉරණමක්!

79
Manchester city vs everton

2020 වසරේ පළමු දිනයේත් එංගලන්ත පාපන්දු පිටියට විවේකයක් ලැබුණේ නම් නැහැ.

Chelsea හා Liverpool තියුණු ජයග්‍රහණ වාර්තා කරයි

2019 වසරේ අවසන් ප්‍රිමියර් ලීග් පාපන්දු තරග කිහිපය මේ දිනවල පැවැත්වෙනවා..

Brighton – Chelsea ගෝල සම වේ

Alireza Jahanbakhsh සිය හිසට ඉහළින් එල්ල කළ අනර්ඝ ගෝලයක පිහිටෙන් Brighton & Hove Albion ගෝල 1-1ක් ලෙස Chelsea සමඟ ගෝල සම කරන්නට සමත් වුනා. 

Cesar Azpilicueta පළමු මිනිත්තු 10 තුළ තරගයේ පළමු ගෝලය වාර්තා කළේ Tammy Abrahamට මඟ හැරුණු උත්සාහයකට පසුවයි. 

පළමු අර්ධය අවසන් වීමට පෙර Brighton තරගයේ ගෝල සම කරන්නට අවස්ථාවක් උදා කර ගත්තත්, Kepa Arrizabalaga අලංකාර ලෙස එම අවස්ථාව ව්‍යර්ථ කළා. 

මිනිත්තු 10ක් ඉතිරිව තිබිය දී Aaron Connolly ගෝලයක් වාර්තා කරන්නට ගත් උත්සහයක් ද Kepa ව්‍යර්ථ කළා. කෙසේ වෙතත් ඔවුන් 84 වැනි මිනිත්තුවේ දී සාර්ථක වීමට සමත් වුනේ අලංකාර ගෝලයක් සමඟින්.  

Lewis Dunk Corner අවස්ථාවකට පසුව පන්දුව පිටියේ තබා ගත් අතර Jahanbakhsh අලංකාර ගෝලයක් සිය හිසට ඉහළින් රැස් කරමින් තරගයේ ගෝල සම කළා. 

අවසන් ලකුණු තත්වය: Brighton 01 – 01 Chelsea

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Brighton – Alireza Jahanbakhsh 84′
  • Chelsea – César Azpilicueta 10′    

Spurs නොසිතූ ලෙස පරදියි

Danny Ings මෙවර තරග වාරයේ වාර්තා කළ 13 වැනි ගෝලයත් සමඟින් Southampton ප්‍රබල Tottenham Hotspur ගෝල 1-0ක් ලෙස පරාජය කරන්නට සමත් වුනා. ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වීම ද විශේෂත්වයක්.  

Cedric Soaresගේ හිසෙන් පන්දු යොමු කිරීමක් ගෝල රාමුවෙන් ඉවතට ඇදී ගියත් 17 වැනි මිනිත්තුවේ දී Ings තරගයේ පෙරමුණ සිය කණ්ඩායමට ගෙනෙන්නට සමත් වුනා.  

Jack Stephens දිගු පන්දු හුවමාරුවක් ලබා ගත් ඔහු Toby Alderweireld පරාජය කරමින් පන්දුව ගෝල රාමුව තුලට එල්ල කළේ යාර අටක පමණ දුර සිටයි.

Harry Kane අවසන් මොහොතේ ජයග්‍රහණය උදුරා ගනියි

Harry Kane අවසන් මිනිත්තුවේ දී වාර්තා කළ දඬුවම් පහරකින්..

Nathan Redmondගේ උත්සහයක් ගෝල රාමුවේ වැදී ඉවත ගිය අතර Jan Vertonghenගේ ප්‍රහාරයක් ගෝල රාමුවට ඉහළින් ඇදී ගියා. 

Harry Kane වාර්තා කළ ගෝලයක් විනිසුරු නිෂ්ප්‍රභා කළ අතර පසුව ආබාධයක් නිසා Kaneට පිටියෙන් ඉවත් වීමට සිදු වුනා. Lucas Mouraගේ ප්‍රහාරයක් අවාසනාවන්ත ලෙස ගෝල රාමුවෙන් ඉවතට ඇදී යද්දී Southampton වැදගත් ජයග්‍රහණයකට කෙසේ හෝ එල්ලී සිටින්නට සමත් වුනා.  

අවසන් ලකුණු තත්වය: Southampton 01 – 00 Tottenham Hotspur

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ  

  • Southampton – Danny Ings 17′ 

City කණ්ඩායමට වැදගත් ජයක්

Gabriel Jesus දෙවන අර්ධයේ වාර්තා කළ ගෝල ද්විත්වයකින් Manchester City ගෝල 2-1ක් ලෙස Everton පරාජය කරන්නට සමත් වුනා.

13 වැනි මිනිත්තුවේ දී Phil Foden වාර්තා කළ ගෝලයක් විනිසුරු VAR යොදාගෙන නිෂ්ප්‍රභා කළා.

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු හයකට පසුව Ilkay Gundoganගේ පන්දු හුවමරුවක් ලබා ගත් Jesus පන්දුව ගෝල රාමුවේ ඉහළ කෙළවරට යොමු කරමින් තරගයේ පළමු ගෝලය රැස් කළා.  

හිටපු ප්‍රිමියර් ලීග්‍ ශූරයින්ට වෘක ප්‍රහාරයක්

සුපිරි තරගයක් අවසානයේ Wolverhampton Wanderers..

ඊට මිනිත්තු හතකට පසුව City ඔවුන්ගේ ලකුණු පුවරුව දෙගුණ කළ අතර Kevin De Bruyne හා Mahrezගේ අනගි පන්දු හුවමාරුවකට පසුව ලැබුණු පන්දුව Jesus පහසුවෙන් දැල් ගත කළා.  

71 වැනි මිනිත්තුවේ දී Richarlison, Everton වෙනුවෙන් ගෝලයක් වාර්තා කළත්, තරගය සමකර ගන්නට ඔවුන්ට තවත් අවස්ථාවක් නම් ලැබුණේ නැහැ.  

අවසන් ලකුණු තත්වය: Manchester City 02 – 01 Everton

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ 

  • Manchester City – Gabriel Jesus 51′, 58′
  • Everton – Richarlison 71′

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<