Liverpool නූලෙන් ජයගද්දී Chelsea හා Man Utdගෙන් ගෝල රැසක්

95

කෙටි විරාමයකට පසුව එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය නැවතත් ආරම්භ වුණේ උද්වේගකර තරග රැසක් සමඟින්.

නව වසර ආරම්භයේ දී Spurs, Chelseaට නොසිතූ ඉරණමක්!

2020 වසරේ පළමු දිනයේත් එංගලන්ත පාපන්දු පිටියට විවේකයක් ලැබුණේ නම් නැහැ. 2019 වසරේ අවසන් ප්‍රිමියර් ලීග්……

Liverpool හමුවේ Tottenham පසු බසියි 

Roberto Firminoගේ පළමු අර්ධයේ ගෝලයකින් Liverpool කණ්ඩායම ගෝල 1-0ක් ලෙස Tottenham Hotspur පරාජය කරන්නට සමත් වුනා. කණ්ඩායම් දෙකම ඉතා හොඳින් තරගයට අවතීර්ණ වුණු අතර Alex Oxlade-Chamberlainගේ ප්‍රහාරයක් ගෝල රාමුවේ වැදී ඉවත යද්දී Son Heung-minගේ ප්‍රහාරයක් ගෝල රාමුවෙන් ඉවතට ගියා. 

Virgil van Dijk හට Liverpool හට පෙරමුණ ලබා දෙන්නට ඉතා හොඳ අවස්ථාවක් ලැබුනත්, Jordan Hendersonගේ හරස් පන්දු යොමු කිරීමකට ඔහු හිසෙන් කළ ප්‍රහාරය Paulo Gazzaniga රැක ගත්තා.  

37 වැනි මිනිත්තුවේ දී Liverpool කණ්ඩායම තරගයේ පළමු ගෝලය වාර්තා කළා.  Mohamed Salahගේ පන්දු යොමු කිරීමකින් පැමිණි පන්දුව Firmino ප්‍රබල ප්‍රහාරයකින් ගෝල රාමුව වෙත එල්ල කළා. 

Spurs දෙවන අර්ධයේ දී ගෝලයක් සඳහා ප්‍රබල උත්සහයක් දරුවත්, Sonගේ උත්සහයක් ගෝල රාමුවෙන් ඉවත යද්දී Giovani Lo Celsoගේ ප්‍රහාරයක් ද නොසිතූ ලෙස අසාර්ථක වුනා. 

මේ Liverpool කණ්ඩායමේ 12 වැනි අඛණ්ඩ ජයග්‍රහණය වන අතර ඒ අනුවර ඔවුන් දෙවන ස්ථානය සමඟ ලකුණු පරතරය ලකුණු 16ක් දක්වා ඉදිරියට ගෙන යාමට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: Liverpool 01 – 00 Tottenham Hotspur 

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ

  • Liverpool – Roberto Firmino 37′ 

Chelsea කණ්ඩායමට දැවැන්ත ජයක්

යොවුන් Chelsea කණ්ඩායම ගෝල 3-0ක් ලෙස Burnley පරාජය කරන්නට සමත් වුනා. තරගය පැවැත්වුණේ ස්ටම්ෆොර්ඩ් බ්‍රිජ් හිදියි. Callum Hudson-Odoi සිය මංගල ප්‍රිමියර් ලීග් ගෝලය මේ තරගයේ දී වාර්තා කරන්නට සමත් වීම විශේෂත්වයක්. 

Jeff Hendrick 19 වැනි මිනිත්තුවේ දී ඔහු Burnley කණ්ඩායම ඉදිරියට ගෙන ආවා යැයි සිතුවත් ඔහු හිසෙන් වාර්තා කළ ගෝලය විනිසුරු VAR යොදා ගෙන නිෂ්ප්‍රභා කළා.

27 වැනි මිනිත්තුවේ දී Matthew Lowton විසින් Willian හට කරන ලද බාධා කිරීමක් නිසා ලැබුණු දඬුවම් පහරක් Jorginho සාර්ථක කර ගත්තා.   

38 වැනි මිනිත්තුවේ දී Chelsea ලකුණු පුවරුව දෙගුණ කළ අතර Reece Jamesගේ හරස් පන්දු යොමු කිරීමක් Tammy Abraham අලංකාර ලෙස දැල් ගත කළා.   

දෙවන අර්ධය ආරම්භ වීමෙන් මිනිත්තු හතරකට පසුව Hudson-Odoi, Cesar Azpilicuetaගේ හරස් පන්දු යොමු කිරීමකින් සිය මංගල ප්‍රිමියර් ලීග් ගෝලය වාර්තා කළා.

අවසන් ලකුණු තත්වය: Chelsea 03 – 00 Burnley

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Chelsea – Jorginho 27′ (pen), Tammy Abraham 38′, Callum Hudson-Odoi 49′ 

Manchester Cityගෙන් ගෝල වැස්සක්

Marcus Rashford ගේ ගෝල ද්විත්වයෙන් Manchester United ගෝල 4-0ක් ලෙස Norwich City පරාජය කළා.

Chelsea හා Liverpool තියුණු ජයග්‍රහණ වාර්තා කරයි

2019 වසරේ අවසන් ප්‍රිමියර් ලීග් පාපන්දු තරග කිහිපය මේ දිනවල පැවැත්වෙනවා. Chelsea අවසන් මොහොතේ සුපිරි…..

Rashford 27 වැනි මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය වාර්තා කළේ Juan Mataගේ හරස් පන්දු යොමු කිරීමක් හරවා ගෝල රාමුව වෙත එල්ල කරමින්. දෙවන අර්ධය ආරම්භ කිරීමෙන් මිනිත්තු හතරක් ගත වෙද්දී ඔහු United ලකුණු පුවරුව දෙගුණ කළේ Tim Krulගේ වරදක් නිසා හිමි වුණු දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින්.

ඊට පසුව Mataගේ තවත් හරස් පන්දු යොමු කිරීමක් ලබා ගනිමින් Anthony Martial ලකුණු පුවරුව ගෝල 3ක් දක්වා ඉහළ දැමුවා. තරගයේ අවසන් ගෝලය වාර්තා කරමින් පිටියට පැමිණ මිනිත්තු පහකින් Mason Greenwood පන්දුව දැල් ගත කළේ පහසු ජයක් United වෙත ගෙනෙමින්.

අවසන් ලකුණු තත්වය: Manchester United 04 – 00 Norwich City 

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Manchester United – Marcus Rashford 27′, 52′ (pen), Anthony Martial 54′, Mason Greenwood 76′ 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<