ඉන්දීය ක්‍රීඩකයෙකුට අකරතැබ්බයක්

1020

මේ දිනවල ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයක යෙදෙන අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භයට ප්‍රථම පැවති පුහුණු තරගයක දී ඉන්දීය යොවුන් ක්‍රීඩක ප්‍රිත්වී ෂෝ ආබාධයකට ලක්ව තිබෙනවා.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන කණ්ඩායම සමඟ සිඩ්නි හිදී පැවැත්වුණු පුහුණු තරගයේ දී වළලුකර ආබාධයකට ලක්වූ ෂෝ පිටියෙන් ඉවතට ඔසවාගෙන යන ලද බවයි වාර්තා වුනේ.   

නවසීලන්තයට යන අපේක්ෂිත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

මැක්ස් බ්‍රයන්ට් එල්ල කළ පහරක් හතරේ සීමාව අසල දී රැකගැනීමට ගිය ෂෝ එම අවස්ථාවේ දී වළලු කර ආබාධයකට ලක්ව ඇති අතර ඉන්දීය භෞත චිකිත්සක පැට්‍රික් ෆර්හාර්ට් ඉතා ඉක්මනින් ඔහුව පිටියෙන් ඉවතට රැගෙන ගොස් ඇත.  

19 හැවිරිදි ආරම්භක පිතිකරු ෂෝ රෝහල්ගත කර ඇති බව ඉන්දීය පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් නිවේදනය කර තිබුණි.

පොඩි කුසල් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට

මේ ආබාධය නිසා ඉන්දීය සංචිතයට දැඩි බලපෑමක් සිදුවන අතර දෙසැම්බර් 6 වැනිදා ඇඩිලේඩ් හිදී ඕස්ට්‍රේලියාව සමඟ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිතය. ෂෝ පසුගිය මස පැවැත්වූ තමන්ගේ මංගල ටෙස්ට් තරගයේ දී ම ශතකයක් වාර්තා කර ගැනීමට සමත් වූ අතර පුහුණු තරගයේ දී වේගවත් ලකුණු 66ක් වාර්තා කර ගත්තේ ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය තහවුරු කර ගනිමිනි.

ෂෝ හට පළමු ටෙස්ට් තරගයට සහභාගී වීමට නොහැකි වුවහොත් ඒ වෙනුවට බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියට කැඳවූ මායන්ක් අගර්වාල් හෝ කණ්ඩායමෙන් ඉවත් කළ ශිකර් ධවාන් කැඳවනු ඇත.  

Cricbuzz වෙබ් අඩවිය ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<