ඇෆ්ගන්වරුන් ඉන්දියාවට ද අනතුරු හඟවයි

242
Mohammad Shahzad

ආසියානු ක්‍රිකට් තරගාවලියේ පෙරළිකාර තරග නිමාවක් සනිටුහන් කළ ඉන්දිය සහ ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ ඊයේ (25) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළේ දෙරට අතර වාර්තා වූ පළමු ලකුණු සම වූ තරගය ලෙසිනි.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා මේ වන විට ද සුදුසුකම් ලබා සිටී. ඒ සුපිරි කණ්ඩායම් 4 අතර පැවති තරගවල දී පාකිස්තාන සහ බංග්ලාදේශය පරාජය කිරීමත් සමඟය.

පාසල් ක්‍රිකට් පිටිය බාධා මැදින් ඉදිරියටම

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න්..

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් තම ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 252ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ තරගයේ අවසන් පන්දුවට පෙර පන්දුවේ දී සියලුම දෙනා දැවී ලබා ගත්තේ ද ලකුණු 252ක් පමණි.

මෙය ලෝක එක්දින තරග ඉතිහාසයේ ලකුණු සම වීමෙන් නිමා වූ 72 වැනි තරගය වූ අතර ඉන්දීය තරග ඉතිහාසයේ 8 වැනි තරගය ද, ඇෆ්ගනිස්තාන ඉතිහාසයේ පළමු තරගය ද වූයේ ය.

ඉන්දීය හඹා යන ඉනිමේ අවසන් පන්දු වාරයේ දී ජයග්‍රහණ සඳහා ලකුණු 7ක් අවශ්‍ය වෙද්දී පිටියේ අවසන් කඩුල්ල ලෙසින් රැඳී සිටියේ රවින්ද්‍ර ජඩේජා සහ කාලීල් අහමඩ් ය. පන්දු යැවීමේ නිරත වූයේ රෂීඩ් ඛාන් ය.

Photo Album – Asia Cup Super Four Match 5 – India Vs Afghanistan

රෂීඩ්ගේ පළමු පන්දුව නිලකුණු පන්දුවක් විය. දෙවැනි පන්දුවේ දී හතරේ පහරක් එල්ල කළ ජඩේජා ඊළඟ පන්දුවේ දී ලකුණක් සඳහා පැති මාරු කර ගත්තේ ය. එතැන් සිට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් අවැසි ලකුණු ප්‍රමාණය වූයේ 2දෙකකි. පන්දු වාරයේ සිව්වැනි පන්දුවේ දී අහමඩ් එක් ලකුණක් ලබා ගත් අතර එම ලකුණත් සමඟ තරගය සම තත්වයට පිවිසුණි. පන්දු වාරයේ පන්දු දෙකක් ඉතිරිව තිබූ අතර ඉන්දීය ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ එක් ලකුණකි.

එවර සාර්ථක වූයේ පන්දු යවන්නා ය. රෂීඩ් විසින් පා ඉන්න දෙසින් යැවුණ පන්දුවට මිඩ් විකට් කලාපයෙන් දැවැන්ත පහරකට ජඩේජා උත්සාහ කළ ද එය පිත්තේ වැදී නජිබුල්ලා ෂඩ්රාන් අතට ගියේ උඩ පන්දුවක් ලෙසිනි. එම පහරෙන් ජඩේජා තම ඉනිම නිමා කර ගත් අතර තරගය ලකුණු සම වීමෙන් අවසන් විය.  

කොළඹ ජය ගනිද්දී වැඩි වාසිය ගාල්ලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශීය ක්‍රිකට් නංවාලීමේ අරමුණ ඇතිව සංවිධානය කරනු ලබන..

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන ඉනිම ආරම්භ කළේ මොහොමඩ් ශෂාඩ් සමග ජාවේඩ් අහමඩී ය. ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ලට ලකුණු 65ක සබඳතාවක් ගොඩ නැගුව ද ඒ වෙද්දී අහමඩ් විසින් ලබා ගෙන තිබුණේ ලකුණු 5ක් පමණි. ඒ ද පන්දු 30ක් විනාශ කරමිනි.

ඇෆ්ගන් ඉනිමේ කඩුලු 4ක් දැවී ලකුණු 82ක්ව තිබිය දී 5 වැනි කඩුල්ලට ශෂාඩ් සමඟ එක් වූ ගුල්බඩීන් නයිබ් (15) ලකුණු 50ක සබඳතාවක් එක් කිරීමට සමත් වූහ. එය පළමු කඩුල්ලෙන් පසුව ඇෆ්ගන් ඉනිමේ වාර්තා වූ හොඳම ලකුණු සබඳතාව ද විය.

මොහොමඩ් ශෂාඩ් තම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 5 වැනි ශතකය මෙම තරගයේ දී වාර්තා කිරීමට සමත් විය. එම ඉනිම ඔහුගේ පෞද්ගලික ලකුණු ගිණුමේ දෙවැනි තැන ගත්තේ සිම්බාබ්වේට එරෙහිව නොදැවී වාර්තා කරන ලද ලකුණු 131 පළමු තැනේ සිටි බැවිණි.

වසර දෙකකට පසු ශතක සමාජයට පිවිසි ශෂාඩ්ගේ ඉනිම පන්දු 116කින් සමන්විත වූ ඊට හතරේ පහර 11ක් සහ හයේ පහර 7ක් ඇතුලත් විය. තරගයේ වීරයා ලෙසින් සම්මානයට ප්‍රාත්‍ර වූයේ ද ශෂාඩ් ගේ මෙම ඉනිමයි.

කඩුලු ලබා ගැනීමේ දී රවින්ද්‍ර ජඩේජා ලකුණු 46කට කඩුලු 3ක් ලබා ගනිද්දී කුල්ඩිප් යාදව් කඩුලු 2ක් දවා ගත්තේ ය.

ඉන්දීය ඉනිමේ ආරම්භක කඩුල්ල ක්‍රියාත්මක වූයේ ඇෆ්ගන්වරුන්ව හිත් පිති නැතිව තරගයෙන් එළවා දැමෙන තත්ත්වයෙනි. ලොකේෂ් රාහුල් සහ අම්බති රායුදු එක්ව ගෙන ගිය එම සබඳතාව 110කි. රායුදු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තම 8 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 49කට මුහුණ දී ලකුණු 57ක් ලබා ගත්තේ ය. එම ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් ඇතුලත් කිරීමට ඔහු සමත් විය.

දෙවැනි කඩුල්ල ලෙසින් ලොකේෂ් රාහුල් දැවී යන විට පන්දු 66කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් ලබා සිටියේ ය. එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 2 වැනි අර්ධ ශතකයයි.

ඉන්දියාව පහසු ජයක් ලබද්දී බංගලියෝ තියුණු ජයක් ලබයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ තෙවැනි සහ සිව්වැනි තරග ඊයේ (23) නිමා වූ..

ඉන්දීය ඉනිම වරෙක කඩුලු 6ක් දැවී ලකුණු 205ක් ලබා ප්‍රබල තත්ත්වයේ පසු විය. ඒ වෙද්දී මෙම තරගයට නායකත්වය දුන් මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 8කට ද මනීෂ් පාන්ඩේ ලකුණු 8කට ද සහ කේඩර් ජාධව් ලකුණු 19කට ද තම ඉනිම් හැර ගොස් සිටිය හ.  

දිනේෂ් කාර්තික් පන්දු 66ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 44ක් ලබා ගනිමින් පසු පෙළින් ලකුණු පුවරුව ගොඩ ගත්ත ද නැවත යටි පෙළ අසාර්ථක වීමෙන් ඉන්දීය ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 245ක් බවට පත්විය.

අවසන් කඩුල්ලේ දී රවින්ද්‍ර ජඩේජා සහ කාලීල් අහමඩ් තරගය දිනවීමට උත්සාහ කළ ද රාහුල්ගේ ඉනිම නිමා වීමෙන් එම අවස්ථාව මග හැරී ගියේ ය. රාහුල් පන්දු 34කට මුහුණ දී හතරේ පහරක් සමඟ ලකුණු 25ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී අෆ්ටාබ් අලාම්, මොහොමඩ් නබී සහ රෂීඩ් ඛාන් කඩුලු 2 බැගින් දවා ගත්තේ ය.

ඇෆ්ගනිස්තානය; කඩුලු 8ක් දැවී 252 (50.0) මොහොමඩ් ශාෂාඩ් 124, මොහොමඩ් නබී 64, නජිබුල්ලා ෂඩ්රාන් 20, රවින්ද්‍ර ජඩේජා 3/46, කුල්ඩීප් යාදව්2/38

ඉන්දියාව; සියලුම දෙනා දැවී 252 (49.5) ලෝකේෂ් රාහුල් 60, අම්බති රායුදු 57, දිනේෂ් කාර්තික් 44, කාදර් ජාධව් 19, රවින්ද්‍ර ජඩේජා 25,අෆ්ටාබ් අලාම් 2/53, මොහොමඩ් නබී 2/40, රෂීඩ් ඛාන් 2/41  

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ අවසාන තරගය පාකිස්තානය සහ බංග්ලාදේශය සමඟින් අබුඩාබි හි දී අද (26) පැවැත්වීමට නියමිත අතර තරගයේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com අප සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<