ICC ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා පිටත්ව යන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (24) නම් කරනු ලැබීය. වසර දෙකක නිහැඬියාවකින් පසු ලසිත් මාලිංග එක්දින සංචිතයට පැමිණ තිබීම ද විශේෂත්වකි.

ශ්‍රී ලංකාව අත තිබූ ජය උදුරා ගත් ඕස්ට්‍රේලියානුවන් තරගාවලි ජය සමරයි

සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව අද (23) පැවති පස්වැනි එක්දින තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට…

විශේෂඥ පිතිකරුවන් අට දෙනෙක්, වේගපන්දු යවන්නන් 5 දෙනෙක් සහ දඟපන්දු යවන්නන් දෙදෙනෙකුගෙන් මෙම සංචිතය සමන්විත වේ. පාදයේ ආබාධිත තත්වයක් හේතුවෙන් තරගාවලි කිහිපයක්ම අහිමි වූ ඇන්ජලෝ මැතිව්ස්, නායකත්වයේ අසුන වෙත යළි පියමන් කොට ඇති අතර උපනායකයා ලෙස පත්කර ඇත්තේ උපුල් තරංගයි. පසුගිය දා අවසන් වූ අන්තර් පළාත් එක්දින තරගාවලියේ දී වේගවත් ශතක කිහිපයක්ම වාර්තා කළ චාමර කපුගෙදර, මැදපෙළ ශක්තිමත් කිරීම සඳහා යොදවා ඇත.

එළඹෙන මැයි 9 වැනිදා සිට දියතලාවේ දී පැවැත්වෙන, දරා ගැනීම ඉහළ නංවා ගැනීමේ පුහුණු සැසියක් සඳහා කණ්ඩායම පිටත්ව යාමට නියමිතව ඇති අතර ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා ඔවුන් දිවයිනෙන් පිටත්ව යන්නේ මැයි 18 වැනිදායි.

ස්කොට්ලන්තය සමඟින් පුහුණු තරගයකට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම, පසුව ඕස්ට්‍රේලියාව (මැයි 26) සහ නවසීලන්තය (මැයි 30) සමඟින් පෙර සූදානම් වීමේ තරග දෙකකට ද සහභාගී වනු ඇත.

ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ පකිස්තානය සමඟ “B” කාණ්ඩයෙන් තරගාවලියට එක්වන ශ්‍රී ලංකාව මෙවර ශක්තිමත් කණ්ඩායමක් වේ.

2013 වසරේ එංගලන්තයේ දී පැවති ශූරයන්ගේ කුසලාන තරගාවලිය ජය ගත්තේ ඉන්දියාවයි.

සංචිතය 

ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උ.නායක), නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සීක්කුගේ ප්‍රසන්න.

සංචාරයට එක්වන ආදේශක ක්‍රීඩකයන් – දිල්රුවන් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක.

සංචාරයට එක් නොවන ආදේශක ක්‍රීඩකයන් – විකුම් සංජය, ලහිරු කුමාර, සචිත් පතිරණ, මිලින්ද සිරිවර්ධන, අකිල ධනංජය.

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා තරග සටහන

  • ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකාව – ජුනි 3 – ඕවල් ක්‍රීඩාංගණය.
  • ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව – ජුනි 8 – ඕවල් ක්‍රීඩාංගණය.
  • ශ්‍රී ලංකාවට එරෙහිව පකිස්තානය – ජුනි 12 – කාඩිෆ් ක්‍රීඩාංගණය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<