වෙළඳසේවා දැල්පන්දුවේ ඒකාධිකාරය තවදුරටත් HNB යටතට

178
HNB Mercantile Netball 2019

2019 වෙළඳසේවා දැල්පන්දු ලීග් තරගාවලිය මෙවරත් ප්‍රබල කණ්ඩායම් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹ ටොරින්ටන් ක්‍රීඩා පිටියේ දී ක්‍රියාත්මක වූ අතර එහි දී සෙලාන් බැංකු කණ්ඩායම පරාජයට පත්කරමින් A කාණ්ඩයේ සමස්ත ශූරතාව අඛණ්ඩව තෙවැනි වරටත් දිනා ගැනීමට හැටන් නැෂනල් (HNB) බැංකු කණ්ඩායම සමත් වීම වඩාත් කැපී පෙනුනි.

අකුණු සර වන් මියුසියස් පන්දු හුවමාරුව හමුවේ ගේට්වේ බලාපොරොත්තු සුන් වේ

දෙවන වරටත් සංවිධානය කළ කොළඹ මියුසියස් විද්‍යාලය………

ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් මෙම අවසන් මහා තරගයේ පාලනය තරග ආරම්භයේ සිටම තමන් නතුකර ගැනීමට HNB ක්‍රීඩිකාවන් සමත් වූ අතර ඔවුන් හට කරට කර සටනක් ලබා දෙමින් තරගය තමන් දෙසට හරවා ගැනීමට සෙලාන් බැංකු කණ්ඩායම දැඩි උත්සහයක නිරත වනු දක්නට ලැබුණි. කෙසේ නමුත් සම්පූර්ණ කාලසීමාව අවසනායේ දී ලකුණු සටහන දිස්වූයේ ලකුණු 63-50ක් ලෙසින්  HNB කණ්ඩායමට තරගයේ ජය හිමිකර දෙමිනි.

ගියවර අනුශූරයන් බවට පත් වූ CDB ෆිනෑන්ස් කණ්ඩායම මෙවර මූලික වටයේ තරගයන් හිදී ප්‍රබල පසුබෑමකට ලක්වීම සෙලාන් බැංකු කණ්ඩායමට අවසන් මහා තරගය දක්වා ගමන් කිරීමේ දී අමතර වාසියක් වූ අතර එම කණ්ඩායම් දෙක අතර පැවති තරගයෙන් ලකුණු 60-43ක් ලෙස ඉතා පහසු ජයක් අත්කර ගැනීමට සෙලාන් බැංකු කණ්ඩායම සමත් විය.

CDB කණ්ඩායම සහභාගී වූ අනෙක් තරගය ප්‍රබල HNB බැංකු කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු අතර පසුගිය වර අවසන් මහා තරගයේ දී අත්වූ ඉරණමට නැවත වතාවක් මුහුණ දීමට CDB ක්‍රීඩිකාවන්ට සිදු වූයේ ලකුණු 70-46ක් ලෙසින් අත් වූ අමිහිරි පරාජය නිසාවෙනි.

B කාණ්ඩය යටතේ පැවති අවසන් මහා තරගයේ දී ඔමේගා ලයින් කණ්ඩායම පරාජයට පත් කළ නේෂන් ට්‍රස්ට් බැංකු කණ්ඩායම එම කාණ්ඩයේ ශූරයින් ලෙස අභිසෙස් ලැබූ අතර අවසන් ලකුණු සටහන 27-25ක් ලෙසින් දිස්වූ එම තරගයේ ජයග්‍රහණය අවසන් මොහොත දක්වා කණ්ඩායම් දෙක අතර දෝලනය වූයේ ප්‍රේක්ෂකයන් හට ඉතාමත් උණුසුම් සටනක් නැරඹීමට ඉඩ ප්‍රස්තාව සකසා දෙමිනි.

කොළඹ දෙකට දමා යාපනය සිසුවියන් අංක එකට

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ දැල්පන්දු තරග …..

C කාණ්ඩය යටතේ පැවති තරග අදියර දෙකකින් ක්‍රියාත්මක වූ අතර එම කාණ්ඩයේ කුසලානය උදෙසා පැවති අවසන් මහා තරගයෙන් ලකුණු 11-06ක් ලෙසින් ඉතා පහසු ජයක් හිමිකර ගැනීමට පෑන් ඒෂියා කණ්ඩායම පරාජයට පත්කළ බ්‍රැන්ඩික්ස් කණ්ඩායම සමත් විය. මෙම කණ්ඩායම් දෙක අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ පිළිවෙළින් ඔමේගා ලයින් ‘B’ සහ හයිඩ්‍රාමනි යන කණ්ඩායම් පරාජයට පත්කරමිනි.

C කාණ්ඩයේ පළිහ ශූරතාව කෙසේ හෝ තම කණ්ඩායම වෙත හිමිකර දීමේ අරමුණෙන් ගුවන්තොටුපල සහ ගුවන් සේවා කණ්ඩායම ද, ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ 3DH කණ්ඩායමට ද අවසන් සටන සඳහා එක්වූ අතර එහි දී 3DH කණ්ඩායමට ලකුණු 11-05ක පරාජයක් උරුම කර දුන් ගුවන්තොටුපල කණ්ඩායම අවසන් තරගයේ ජය තමන් සතු කරගත්තේය. 

අවසන් පූර්ව වටයේ තරගයන් හිදී ඇසෝසියේටඩ් මෝටර් වේ‍ස් (AMW) සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග් යන කණ්ඩායම් අභිබවා යමින් ගුවන්තොටුපල සහ 3DH කණ්ඩායම් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත්හ.

  • දැල්පන්දු රැජින – ගයාන්ජලී අමරවංස (HNB)
  • දක්ෂතම ක්‍රිඩකයා – ෂෙහාන් උදයංග
  • දක්ෂතම ගෝල විදින්නිය – මල්ෂා රත්නායක (සෙලාන්)
  • දක්ෂතම ආරක්ෂක පෙළ ක්‍රීඩිකාව – මන්දිරා චාරුනී (සෙලාන්)
  • දක්ෂතම මැදපෙළ පිටිය රකින්නිය – සමන්ති නිලුෂිකා (CDB)
  • දක්ෂතම නැඟී එන ක්‍රීඩිකාව – ඔමාශා සිල්වා (බ්‍රැන්ඩික්ස්)
  • හොඳම ක්‍රීඩා ඇඳුම – පෑන් ඒෂියා බැංකු කණ්ඩායම 
  • හොඳම කණ්ඩායම් හැඟීමෙන් යුතුව ක්‍රීඩා කළ කණ්ඩායම – ඇසෝසියේටස් මෝටර් වේස් (AMW)

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<