අසේල ගුණරත්නට විස්සයි විස්ස අහිමි වේ

532

බංග්ලාදේශය සමඟින් අද (15) ඩකා නුවර දී ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුතු විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කළ පහළොස් දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයෙන් අසේල ගුණරත්න ඉවත් කර ඇති බව වාර්තා වේ.

[rev_slider LOLC]

ඊයේ (14) පැවති පුහුණුවීම් අතරතුර දී අසේල ගුණරත්නගේ දකුණු අත ආබාධයකට  ලක්වීම තරගාවලියෙන් ඔහුව විවේක ගැන්වීමට හේතු වී ඇත.

අද (15) සවස් කාලයේ දී අසේල ගුණරත්න MRI ස්කෑන් පරීක්ෂාවකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව බලා පැමිණෙනු ඇත. ඉන්පසුව ඔහුව නැවතත් යතා තත්වයට පත්වීමට අවශ්‍ය ක්‍රියා මාර්ග සොයා බලා ඒවාට ඔහුව යොමු කරනු ඇත. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන තෙක් ඔහු වෙනුවට ආදේශ කරන්නේ කවුරුන්ද යන වග ප්‍රකාශයට පත් කර නොමැත.

කුසල් සංචිතයෙන් ඉවතට; කුසල් සංචිතයට

බංග්ලාදේශය සමඟින් ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී..

පසුගිය දා ජයග්‍රාහීව අවසන් කළ තරගාවලි දෙක සඳහා සහභාගී වූ සංචිතයම මේ විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණේ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය යටතේයි.

මීට දින කිහිපයකට ප්‍රථම විස්සයි විස්ස සංචිතය සඳහා නම් කර සිටි කුසල් ජනිත් පෙරේරා ද ආබාධ තත්වයක් නිසාවෙන් සංචිතයෙන් ඉවත් කළ අතර ඒ වෙනුවට තරගාවලිය සඳහා කුසල් මෙන්ඩිස් ආදේශ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<