මැකාවු තරගයට ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කෙරේ

266
23-man Sri Lanka squad FIFA World Cup 2022 Qualifier Macau
23-man Sri Lanka squad for FIFA World Cup 2022 Qualifier against Macau

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට හා 2023 AFC ආසියානු කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු තරගය වන මැකාවු කණ්ඩායම සමඟ තරගයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. එම කණ්ඩායම ක්‍රීඩකයන් 23 දෙනෙකුගෙන් සමන්විතයි.

World Cup Qualifier squad: Notable inclusions & exclusions

The Football Federation of Sri Lanka (FFSL) announced a pool of 31 players in preparation for the upcoming FIFA World…

පසුගිය මැයි මස 7 වැනිදා පාපන්දු සම්මේලනය විසින් ක්‍රීඩකයන් 31 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබූ අතර මෙම අවසන් සංචිතයට එයින් ක්‍රීඩකයන් 8 දෙනෙකු ඇතුළත්ව නැත. එම ක්‍රීඩකයන් සියලු දෙනාම පාහේ නවක ක්‍රීඩකයන් වේ. ද්විත්ව පුරවැසිභාවය සහිත මාවින් හැමිල්ටන්ට ද මෙම මැකාවු තරගය අහිමි වී ඇත. ඒ ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය නිසාවෙනි.

ඒ අනුව මොහොමඩ් ඉශාන්, මොහොමඩ් ඉජාස්, මොහොමඩ් වසීත්, අබ්දුල් රහුමාන් ඉසඩීන්, කලීඩ් අස්මිල්, සෙබෙස්තියම්පිල්ලයි ජේසුත්‍රාසන් හා සහයරාජා රෝචේ යන ක්‍රීඩකයින්ට සංචිතයේ ඉඩ අහිමි වී ඇත. ඒ අතරින් කලීඩ් අස්මිල් හා සෙබෙස්තියම්පිල්ලයි ජේසුත්‍රාසන් අතිරේක ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමට එක්වීමට නියමිතයි. තවමත් එම තීරණය නිල වශයෙන් දැනුම් දී නැත.

කණ්ඩායමේ නායකත්වය සුජාන් පෙරේරාට හිමිවී ඇති අතර කවිඳු ඉශාන් උපනායකත්වය දරනු ලබයි.

23 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය

සුජාන් පෙරේරා, රසීක් රිශාඩ්, මොහොමඩ් ලුත්ෆි, මනරම් පෙරේරා, චරිත රත්නායක, ඩක්සන් පියුස්ලාස්, මරියතාස් නිත්‍රාසන්, කවිදු ඉශාන්, හර්ශ ප්‍රනාන්දු, මොහොමඩ් ෆසාල්, ජූඩ් සුමාන්, සසංක දිල්හාර ජයසේකර, පැතුම් විමුක්ති, ශබීර් රසූනියා, මොහොමඩ් ශහීල්, මොහොමඩ් ආකීබ්, මොහොමඩ් මුස්තාක්, සුන්තරාජ් නිරේශ්, චලන චමීර, කීර්ති කුමාර, මදුශාන් ද සිල්වා, දිලීප් පීරිස්, නවීන් ජූඩ්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<