Blue Eagle සහ පොලිසිය අවසන් පූර්ව වටයට

108

2019/20 Vantage FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග දෙකක් අද (11) දිනයේ දී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. තියුණු තරග දෙකකට පසුව සිවිල් ආරක්ෂක සේවා ක්‍රීඩා සමාජය පරාජය කරමින් පොලිස් ක්‍රීඩා සමාජයත්, රිනවුන් ක්‍රීඩා සමාජය පරාජය කරමින් Blue Eagle ක්‍රීඩා සමාජයත් අවසන් පූර්ව වටයට පිවිසෙන්නට සමත්කම් දැක්වූවා. 

අළුත් ගමනක් සමඟින් යළි පිඹිදෙන කළුතර බ්ලූ ස්ටාර්

කළුතර බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයේ සභාපති ධූරයෙහි වෙනසක් සිදු කරමින් එම තනතුරෙහි වගකීම යෝෂිත රාජපක්ෂ………….

පොලිස් ක්‍රීඩා සමාජය සහ සිවිල් ආරක්ෂක සේවා ක්‍රීඩා සමාජය අතර තරගය 

සුගතදාස ක්‍රීඩා පිටියට ගෝල වැස්සක් වස්සවමින් මෙම තරගයේ දී පොලිස් ක්‍රීඩා සමාජය ගෝල 5 – 2 ක් ලෙස සිවිල් ආරක්ෂක සේවා ක්‍රීඩා සමාජය පරාජය කිරීමට සමත් විය. කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධයේ දී පොලිස් කණ්ඩායමට නොසිතූ පීඩනයක් එල්ල කරන්නට සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජය සමත් වීම විශේෂත්වයක්. 

තරගය ආරම්භ වී මිනිත්තු තුනක් ගතවත්ම සිවිල් ආරක්ෂක ක්‍රීඩකයෝ පොලිස් ක්‍රීඩකයින්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට සමත් වුනේ තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි. ඩී. එම්. සෙන්දුරන් ගෝල රකින්නා පසුකර පන්දුව දැල තුළට ස්ථාන ගත කළ අතර  7 වන මිනිත්තුවේ දී ගෝල තත්වය සම කරන්නට ලැබුනු අගනා අවස්ථාවක් පොලිස් ක්‍රීඩකයින්ට මඟ හැරුනි.

කෙසේ වෙතත් ඊට මිනිත්තු දෙකකට පසුව ක්‍රියාත්මක වුනු අශාන් සිරිවර්ධන පොලිස් කණ්ඩායම වෙනුවෙන් තරගයේ ගෝල තත්වය සම කළේ සිය කණ්ඩායම දිගටම තරගයේ රඳවා ගනිමිනි. 

24 වන මිනිත්තුවේ දී චරිඳු සම්පත් Corner අවස්ථාවකින් ලැබුනු පන්දුව සිය හිසෙන් දැල වෙතට යොමු කරමින් තරගයේ පෙරමුණ නැවත සිවිල් ආරක්ෂක කණ්ඩායමට රැගෙන ගියේ ප්‍රේක්ෂකයින්ට කම්මැලි නොවන තරගයක් දැක බලා ගැනීමට ඉඩ සලසමින්. 

තරගයේ 33 වන මිනිත්තුවේ දී සිවිල් ආරක්ෂක ක්‍රීඩක ෆහුමාන් හට ලැබුනු කහ කාඩ්පතක් නිසා පොලිස් කණ්ඩායමට නිදහස් පහරක් හිමි විය. චතුර ගුණරත්න දඬුවම් පහර චතුරශ්‍රයට මදක් පිටත සිට පන්දුව ගුවනේ රඳවමින් දැල වෙත එල්ල කළ අතර ගෝල රාමුවේ වැදී පන්දුව දැල තුළට ගියේ තරගයේ ගෝල තත්වය සම කරමිනි. 

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 2 – 2 සිවිල් ආරක්ෂක සේවා ක්‍රීඩා සමාජය 

තරගයේ දෙවන අර්ධය සම්පුර්ණයෙන්ම තමන්ගේ ග්‍රහණයට නතුකර ගන්නට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය. ඒ තවත් ගෝල තුනක් තමන්ගේ නමට ලියා ගනිමින්. 

50 වන මිනිත්තුවේ දී Corner අවස්ථාවකින් හිමි වූ පන්දුව චාමික කුමාර පහසුවෙන් දැල් ගත කළේ සිය කණ්ඩායම පෙරමුණට රැගෙන එමින්. කෙසේ වෙතත් සිවිල් ආරක්ෂක ගෝල රකින ක්‍රීඩකයාට නම් මීළඟ මිනිත්තු කිහිපය එතරම් සුභ වූයේ නැත. 

ගෝල රකින්නා වෙත කෙලින්ම පැමිණි පන්දුව ඔහු රැක ගැනීමට අසමත් වූ අතර ක්ෂණිකව ක්‍රියාත්මක වුනු එම්. ජේ. ආර්. මොහොමඩ් තරගයේ 65 වන මිනිත්තුවේ දී ගෝල රකින්නා ගෙන් ලිස්සා ගිය පන්දුව ගෝලය වෙත එල්ල කළේය. 

අවසන් මොහොතේ දී නිලන්ත පතිරණ පොලිස් කණ්ඩායමේ පස්වන ගෝලය වාර්තා කළේ නැවත වතාවක් සිවිල් ආරක්ෂක ගෝල රකින්නා අපහසුතාවයට ලක් කරමිනි. ඉදිරියට පැමිණි ගෝල රකින්නා මඟ හැරී ඔහු කිසිවෙකු නොසිටි ගෝලයට පහසුවෙන් පන්දුව යොමු කළේය. 

කොළඹ සහිරා විද්‍යාලයට සාර්ථක ආරම්භයක්

කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල ගෝල 5-1ක් ලෙස පරාජය කරමින් කොළඹ සහිරා විද්‍යාලය 2019 ThePapare…………

අවසන් ලකුණු තත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 5 – 2 සිවිල් ආරක්ෂක සේවා ක්‍රීඩා සමාජය 

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • සිවිල් ආරක්ෂක සේවා ක්‍රීඩා සමාජය – ඩී. එම්. සෙන්දුරන් 3′, චරිඳු සම්පත් 24′. 
  • පොලිස් ක්‍රීඩා සමාජය – අශාන් සිරිවර්ධන 10′, චතුර ගුණරත්න 34′, චාමික කුමාර 51′, එම්. ජේ ආර් මොහොමඩ් 65′, නිලන්ත පතිරණ 90+1′.  

Blue Eagle ක්‍රීඩා සමාජය සහ රිනවුන් ක්‍රීඩා සමාජය අතර තරගය 

දිනයේ දෙවන තරගය වූ මෙම තරගය පැවැත්වුනේ විදුලි ආලෝක ධාරා මධ්‍යයේ යි. ගෝල 2 – 1 ක් ලෙස තියුණු තරගයකට පසුව තරගයේ ජය හිමිකර ගත්තේ Blue Eagle ක්‍රීඩා සමාජය යි. 

තරගයේ පළමු අර්ධයේ කණ්ඩායම් දෙකෙන් එකකටවත් ගෝල වාර්තා කරන්නට නම් ඉඩක් හිමි වූයේ නැත. එකඳු කණ්ඩායමක් හෝ කිසිඳු ආසන්න අවස්ථාවක් ළඟා කර ගැනීමට අසමත් වූ අතර තරගයේ වැඩි කාලයක් කණ්ඩායම් දෙකම පිටියේ මාධ්‍ය රේඛාව ආසන්නයේ ක්‍රීඩා කරනු දක්නට ලැබිනි. 

දෙවන අර්ධයේ ක්‍රියාත්මක වූ Blue Eagle ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක නිරත වෙනු දක්නට ලැබිනි. ගෝල රහිතව තිබූ තරගයට 70 වන මිනිත්තුවේ දී ජීවය ගෙන එන්නට සමත් වුනේ Blue Eagle නායක ගුණසිංහ යි. පිටිය කොනේ සිට සිය සගයා යොමු කළ පන්දුව සාර්ථක ලෙස දැල වෙත ස්ථාන ගත කළ ඔහු තරගයේ පෙරමුණ සිය කණ්ඩායමට ගෙන ඒමට සමත් විය. 

අවසන් මිනිත්තු කිහිපයේ දඬුවම් පහර දෙකක් මගින් කණ්ඩායම් දෙකම ගෝල රැස් කිරීමට සමත් විය. එහිදී 78 වන මිනිත්තුවේ දී Blue Eagle ක්‍රීඩා සමාජය දඬුවම් පහර මගින් සිය ලකුණු පුවරුව දෙගුණ කළහ. 

නව වසර ආරම්භයේ දී Spurs, Chelseaට නොසිතූ ඉරණමක්!

2020 වසරේ පළමු දිනයේත් එංගලන්ත පාපන්දු පිටියට විවේකයක් ලැබුණේ නම් නැහැ. 2019 වසරේ අවසන් ප්‍රිමියර් ලීග්………….

කෙසේ වෙතත් තියුණු ආක්‍රමණයකින් අවසන් මිනිත්තුවේ ගෝලයක් රැස්කළ රිනවුන් ක්‍රීඩා සමාජය 81 වන මිනිත්තුවේ දී දඬුවම් පහරකින් තවත් ගෝලයක් රැස් කිරීමට බලාපොරොත්තු දල්වාගන්නට සමත් වුනත් ඉතිරිව තිබුනු කාලය මනා ලෙස භාවිත කළ Blue Eagle කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසෙන්නට සමත් විය. 

අවසන් ලකුණු තත්වය: Blue Eagle ක්‍රීඩා සමාජය 2 – 1 රිනවුන් ක්‍රීඩා සමාජය 

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ:

  • Blue Eagle ක්‍රීඩා සමාජය – දිමුතු ගුණසිංහ 71′, රොහාන් ප්‍රනාන්දු 79)
  • රිනවුන් ක්‍රීඩා සමාජය – දිලීප පිරිස් 81′

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<