මලාන් – මෝර්ගන්ගේ සුසංයෝගයෙන් කිවියන්ට අන්ත පරාජයක්

234

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ නේපියර් හිදී පැවති සිව්වැනි ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයෙන් ලකුණු 76ක දැවැන්ත ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම අද(8) සමත් විය.

රෝහිත්ගේ පන්දු ප්‍රහාරයෙන් බංග්ලාදේශය අසරණ වේ

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ රාජ්කොට් හිදී පැවති දෙවන ජාත්‍යන්තර…

තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කිරීමට නවසීලන්ත නායක ටිම් සවුති තීරණය කළේය. ඒ අනුව මුලින්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් බවට පත්වූයේ ටොම් බැන්ටන් සහ ජොනී බෙයාර්ස්ටෝ යුගලයයි.

නමුත් අසාර්ථක ආරම්භයක් ලබා ගත් බෙයාර්ස්ටෝ ලකුණු 8ක් ලබා සිටිය දී ආ විගසින්ම ක්‍රීඩාගාරයට හැරී ගියේ මිචෙල් සැන්ට්නර්ගේ පන්දුවක් හමුවේ ය. ඔහු දැවී ගියේ එංගලන්ත පුවරුව 16/1ක් වශයෙන් සටහන් කරමිනි.

අනතුරුව බැන්ටන් හා එක් වූ ඩේවිඩ් මලාන් දෙවන  කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක සබඳතාවයක් පැවැත්වු අතර මුළු ලකුණු සංඛ්‍යාව 58ක් වන විට බැන්ටන් ද දැවී ගියේය. දෙවන වරටත් ක්‍රියාත්මක වූ සැන්ට්නර් හමුවේ ඔහු දැවී ගියේ පන්දුවාර 7.2ක් වන විට ය.

අනතුරුව මලාන්ගේ සහයකයා බවට පත්වූයේ නායක ඔයින් මෝර්ගන් ය. එහෙත් නවසීලන්තය කිසිසේත් බලාපොරොත්තු නොවූ පරිදි ඔවුන් දෙදෙනා එක්ව පිටිය සිසාරා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේ ලකුණු 182ක සුවිසල් සබඳතාවයක් ගොඩනංවමිනි.

මෙහි දී ඩේවිඩ් මාලන් එංගලන්තය වෙනුවෙන් නොදැවී ලකුණු 103ක් ලබා ගත්තේ ඒ සඳහා පන්දු 51ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් හා යෝධ හයේ පහර 6ක් අන්තර්ගත විය.

ඊට නොදෙවැනි ඉනිමක් ක්‍රීඩා කරමින් මාලන්ට අනගි සහයක් ලබා දුන් නායක මෝර්ගන් පන්දු 41ක දී ලකුණු 91ක් ලබාගත්තේ සිය ඉනිමට හතරේ පහර 7ක් හා හයේ පහර 7ක් අන්තර්ගත කරමිනි.

නේපියර් පිටිය ගිනිකෙළියක් බවට පත් කළ ඔවුන් දෙදෙනා නවසීලන්ත පන්දු යවන්නන්ට එළව එළවා බැට දුන්නේ තරගයේ ආධිපත්‍යය තමන් සන්තක කරගනිමිනි.

ඔවුන් දෙදෙනා එක්ව එංගලන්ත ඉනිම 240ක් දක්වා රැගෙන ගිය අතර ඉනිම නිමා වීමට යන්තම් පන්දු දෙකක් පමණක් තිබිය දී මෝගන් දැවී ගියේ ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ ඩැරල් මිචෙල් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

ෂාගේ අර්ධ ශතකයකට සුබ පතන්න ගිය ඉක්‍රම්ගේ කඩුල්ල දැවී යයි

සංචාරක ඇෆ්ගනිස්තාන හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරය අරඹමින් දෙරට අතර ලක්නව් හිදී…

ඒ සමඟින් නියමිත පන්දු වාර 20 අවසානයේ දී එංගලන්ත ඉනිම 241/3 වශයෙන් සටහන් වූයේ අති දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි.

පන්දු යැවීමේ දී නවසීලන්තය වෙනුවෙන් සාර්ථක වූ එකම පන්දු යවන්නා බවට පත් වූ මිචෙල් සැන්ට්නර් 32/2 ලෙස තම පන්දු යැවීම සටහන් කළේය.

අනතුරුව ලකුණු 242ක විශාල ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට නවසීලන්ත කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් බවට පත්වූයේ මාටින් ගප්ටිල් සහ කොලින් මනිරෝ යුගලයයි. සාර්ථක ආරම්භයක් ලබා ගත් ඔවුන් දෙදෙනා පළමු පන්දුවාර 4.3 තුළ ලකුණු 54ක් රැස්කළේ දෙපිළටම විවෘත තරගයක පෙරනිමිති පහළ කරමිනි. 

නමුත් තරගය යළිත් එංගලන්තය දෙසට හරවමින් අනතුරුව ක්‍රියාත්මක වූ  එංගලන්ත පන්දු යවන්නන් විසින් ගප්ටිල්ව ලකුණු 27 (14)කට හා මන්රෝව ලකුණු 30 (21)කට එක ආසන්නයේම දවා ගනු ලැබුවේ නවසීලන්ත ලකුණු පුවරුව 59/2ක් බවට පත්කරමිනි.

ඉන් නොනැවතුනු එංගලන්ත පන්දු යවන්නෝ නවසීලන්ත ඉනිමේ තවත් කඩුලු 2ක් ලකුණු 13ක් තුළ දී දවා ගැනීමට සමත් වූයේ ලකුණු පුවරුව 70/4ක් බවට පත්කරමිනි. එහි දී ටිමි සෙයිෆාර්ට් හා කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් පිළිවෙළින් ලකුණු 3කට හා 7කට දැවී ගියේ ක්‍රිස් ජෝර්ඩන්ගේ සහ පාකින්සන්ගේ පන්දු හමුවේ ය.

කඩුලු 800 මහ රජු – මුරලි

මුරලේ.. මුරලේ… මුරලේ… ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පුරාවටම එකම ජය ඝෝෂා හඬකි…

අනතුරුව පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන්ගෙන් ටිම් සවුති හැරුණු කොට අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාව හෝ ඉක්මවීමට ඉඩ ලබා නොදීමට එංගලන්ත පන්දු යවන්නන් වග බලා ගත්තේ එංගලන්තයට මෙය ඉතා පහසු තරගයක් බවට පරිවර්තනය කරමිනි.  

එහි දී නවසීලන්ත මැදපෙළ පිතිකරුවන් අතරින් රොස් ටේලර් ලකුණු 14කටත්, ඩැරල් මිචෙල් ලකුණු 2කට හා මිචෙල් සැන්ට්නර් ලකුණු 10කට දැවී ගියේය. ඔවුන් දැවී ගියේ නවක පන්දු යවන්නන් ත්‍රිත්වයක් වූ පැට් බ්‍රවුන්, පාර්කින්සන් හා සෑම් කරන් තිදෙනාගේ පන්දු හමුවේ ය.

අනෙක් අන්තයෙන් එකා පිට එකා දැවී යද්දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් හුදකලා සටනක් දියත් කළ ටිම් සවුති පන්දු 15ක දී ප්‍රවේගකාරී ලකුණු 39ක් රැස් කළේ නවසීලන්තය පත්වීමට තිබූ අවමානයෙන් ගලවා ගනිමිනි. 

ඔහුගේ ඉනිමට හතරේ පහර 2ක් හා දැවැන්ත හයේ පහර 4ක් අන්තර්ගත විය. කෙසේ වෙතත් එය නවසීලන්ත ජයග්‍රහණයට හෝ ඒ ආසන්නයටවත් පැමිණීමට කිසිසේත් ප්‍රමාණවත් නොවීය. අවසානයේ ඔහු පාර්කින්සන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි.

වැඩි වේලාවක් යාමට මත්තෙන් නවසීලන්ත අග පෙළ පිතිකරුවන් වූ ඊෂ් සෝධි ලකුණු 9කට හා ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 8කට දැවී ගියේ පන්දු වාර 16.5ක දී නවසීලන්ත ඉනිම ලකුණු 165කට සීමා කරමිනි. 

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ මැට් පාකින්සන් කඩුලු 4ක්ම දවාලනු ලැබීය.

ඒ සමඟින් එංගලන්තය ලකුණු 76ක අතිදැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගත්තේ තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 2-2ක් ලෙස සම තත්ත්වයට පත් කරමිනි. දෙරට අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය එළඹෙන ඉරිදා(10) ඕක්ලන්ඩ්හීදී පැවැත්වීමට නියමිතව ඇත.

එංගලන්තය – 241/3 (පන්දුවාර 20): ඩේව්ඩ් මලාන් 103*(51), ඔයින් මෝර්ගන් 91(41), ටොම් බැන්ටන් 31(20), මිචෙල් සැන්ට්නර් 2/32

නවසීලන්තය – 165 (පන්දුවාර 16.5): ටිම් සවුති 39(15),  කොලින් මන්රෝ 30(21),  මාටින් ගප්ටිල් 33(14), මැට් පාකින්සන් 4/47

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<