පුහුණුවීම් අතරතුර ඇඳ වැටුණු ත්‍රිත්ව සිසුවා ජීවිතක්ෂයට

6150

වයස අවුරුදු 18ක් වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ රගර් ක්‍රීඩකයෙක් සිය පුහුණුවීම් අතරතුර ඇඳ වැටීම නිසා මහනුවර මහ රෝහලට ඇතුළත් කළ අතර, ඔහු මීට සුළු මොහොතකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇත.

පාසල් රග්බි ආකෘතියේ වෙනසක්?

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් දැනට පවතින පාසල් රග්බි ආකෘතිය තුළ යම් යම් වෙනස්කම් කිහිපයක් සිදු කරමින් ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන රග්බි තරගාවලිවල තරගකාරීත්වය..

ත්‍රිත්ව විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි භාතිය ඒකනායක නම් මෙම යොවුන් රග්බි ක්‍රීඩකයා ඊයේ (30) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී සිදු කරන ලද පුහුණුවීම් සැසියක් අතරතුර දී මෙලෙස ඇඳ වැටී තිබූ අතර, ඉක්මනින්ම ක්‍රියාත්මක වූ පුහුණුකරු ඇතුළු කාර්ය මණ්ඩලය ඔහුව මහනුවර මහ රෝහලට ඇතුළත් කරන ලදි. පසුව ඔහුව දැඩි සත්කාර ඒකකයට යොමු කළ නමුත්, පැය 12කට ආසන්න ජීවිතය බේරා ගැනීමේ සටනකට පසුව අද (1) දහවල් ඔහු මෙලොවින් සමුගෙන ගොස් ඇත.

රග්බි ක්‍රීඩාව සඳහා දැඩි ඇල්මකින් ක්‍රීඩා කළ භාතිය, කනිෂ්ඨ රග්බි කණ්ඩායම තුළ ද කැපීපෙනෙන දස්කම් අතර සිටි ක්‍රීඩකයෙකි. ඔහු ලබන වසරේ දී  ත්‍රිත්ව විද්‍යාලයීය ප්‍රධාන රග්බි කණ්ඩායම නියෝජනය කිරීමේ දැඩි සිහිනයක් සහිතව ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයෙක් බව විද්‍යාලයේ රගර් පුහුණුකරු ඇතුළු නිලධාරීන්ගෙන් දැනගන්නට ලැබුණි. ඒ සඳහා දැඩි කැපවීමකින් යුතුව පුහුණුවීම් කළ භාතිය අවාසනාවන්ත නොසිතූ ලෙස මෙම ඉරණමට ගොදුරුව ඇත.

“තරුණ ත්‍රිත්ව ශිෂ්‍යයෙක් අවාසනාවන්ත ලෙස අප අතරින් වියෝ වීම නිසා ඇතිවන දුක හා ශෝකය මා ඇතුළු සමස්ත ත්‍රිත්ව පවුලටම විශාල කනගාටුවක්, ඔහුගේ දෙමව්පියන් ඇතුළු පවුලේ සාමාජිකයන් හට මේ අවස්ථාවේ දී අප අපගේ ශෝකය හා අනුකම්පාව ප්‍රකාශ කරනවා. “ යැයි ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පති ඇන්ඩෘ ෆල්වර් – වොට් මහතා ප්‍රකාශ කළේය.

මෙම අවාසනාවන්ත සිදුවීම ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවට ඇලුම් කරන සමස්ත ප්‍රජාවටම කණගාටුදායක දිනයක්, එසේම ThePapare.com අපි ඔහුගේ දෙමව්පියන් ඇතුළු පවුලේ සැමටම අපගේ ශෝකය ප්‍රකාශ කර සිටින්නෙමු.

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට