CR & FC ආධිපත්‍ය, CH & FC හමුවේ බිඳ වැටේ

916

2017/18 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය ආරම්භ කරමින් අද (17) CR & FC ක්‍රීඩා සමාජයත්, CH & FC ක්‍රීඩා සමාජයත් තුරඟ තරග පිටියට පිවිසි අතර එහි දී ලකුණු 19-12ක් ලෙස විශිෂ්ට ජයක් ලබා ගැනීමට CH & FC ක්‍රීඩකයන් සමත් විය.

තරින්ද රත්වත්තේගේ ප්‍රහාරය නාවික ආධිපත්‍යය බිඳ දමයි

2017/18 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ, CR & FC කණ්ඩායම හා නාවික…

තරගාවලියේ ප්‍රථම සහ දෙවැනි සතිවල දී CH & FC කණ්ඩායම පරාජය වූ නමුත්, ගිය වසරට වඩා වැඩි සටන්කාමී ක්‍රීඩා විලාසයක් ඔවුන්ගෙන් දිස්විය. කෙසේ නමුත් රග්බි පිටියේ ආධිපත්‍ය පතුරුවා සිටින CR & FC ක්‍රීඩකයෝ පසුගිය සතියේ සහභාගී වූ තරගයේ දී නාවික හමුදාව පරාජය කිරීමට සමත් වූහ.

CR & FC දෙසින් පන්දුව ගුවන් ගත වීමත් සමඟ තරගය ආරම්භ විය. මෙම තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම අත්‍යාවශ්‍ය එකක් වූ නිසාවෙන් ආරම්භයේ පටන් තියුණු මුහුණුවරක් ගන්නා ලදි.

තරගයේ 10 වන මිනිත්තුව ආසන්නවත්ම දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් සැමුවෙල් මධුවන්ත CH කණ්ඩායමේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය (03-00).

ඉන් මිනිත්තු කිහිපයක් ගතවත්ම CH & FC කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ ලී කීගල් තරගයේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය මධුවන්තට මග හැරී ගියේය (08-00).

තරගයේ මෙතෙක් වේලා නිශ්ෂබ්දව සිටි CR & FC ක්‍රීඩකයින් ද කල්යල් බලා ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ රීසා රෆයිඩීන් ලබා ගත් උත්සාහක දිනුම සමඟිනි. තරින්ද රත්වත්තේ ඊට උපරිම සාධාරණය ඉටු කරමින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය (08-07).

තියුණු සටනකින් පසු අගනුවර බලය යුද හමුදාව යටතට

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන සතිය ආරම්භ කරමින්…

කණ්ඩායම් ද්විත්යම තව තවත් ලකුණු පසුපස හඹා ගිය අතර පළමු අර්ධය අවසානවත්ම තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට මධුවන්ත සමත් වූයේ CH & FC කණ්ඩායම තවත් ඉදිරියට රැගෙන යමිනි.

පළමු අර්ධය: CH & FC කණ්ඩායම 11 – 07 CR & FC කණ්ඩායම

ලැබුණු කෙටි විවේකයෙන් පසුව නැවතත් කණ්ඩායම් දෙකම පිටියට අවතීර්ණ වූ අතර CR & FC කණ්ඩායමේ ක්‍රීඩකයින් සිය ආරක්ෂාව පිටිය සෑම තැනකම ස්ථාපිත කරන විට, එම ආරක්ෂක වළල්ලේ සිදුරක් අතරින් ඉදිරියට පීනා ගිය ලී කීගල් ධවල රේඛාව පසුකර යමින් සිය දෙවැනි උත්සාහක දිනුමත් CH & FC කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළේය.

කණ්ඩායම් ද්විත්වයම සිය ආරක්ෂක බැමි තරකර ගනිමින් ක්‍රීඩා කරන්නට වූයේ තරගයේ උද්වේගකර බව තවත් වැඩි කරමිනි. ඉතාමත් තරගකාරීව තරගය ගලා යන අවස්ථාවක දී CR & FC කණ්ඩායමේ ගයාන් ඩිල්ෂාන් හට මිනිත්තු කිහිපයක් පිටියෙන් ඉවත් වන්නට සිදු වූයේ තරගය අතරතුර දී සිදු වූ වරදක් නිසාවෙන් ඔහුට කහ කාඩ්පතක් විනිසුරුවරයා විසින් නිකුත් කර බැවිනි.

යුධ හමුදාවත්, CR&FCත් පිටුපසින් පැමිණ පහර දෙයි

හැව්ලොක් ක්‍රීඩා සමාජය ගැන ඔබ දන්නේ මොනවාද?…

කෙසේ වෙතත් තවත් මිනිත්තු කිහිපයක් ගතවත්ම CH & FC කණ්ඩායමටත් ඒ ඉරණම අත් වෙමින් සසංක ආරියරත්න හටත් කහ කාඩ්පතක් විනිසුරුවරයා විසින් නිකුත් කරන ලදි.

තරගයේ උද්වේගකර බව අවසන් මිනිත්තුව දක්වාම ගලා ගිය අතර තරගයේ අවසාන මිනිත්තුව පෙනෙන මානයේ දී කුෂාන් ඉදුනිල් ලබාගත් උත්සාහක දිනුම CR පිලට අස්වැසිල්ලක් ගෙන දුන්නද තමා වෙනුවෙන් ලැබුණු දඩුවම් පහරක ද ලකුණු CH & FC කණ්ඩායම වෙනුවෙන් එකතු කර ගැනීමට පසුබට නොවූ සැමුවෙල් මදුවන්ත සාර්ථකව තරගය නිමා කළේ ප්‍රබල CR & FC ක්‍රීඩා සමාජය හමුවේ CH & FC කණ්ඩායම ප්‍රථම ජයග්‍රහණය වාර්තා කර ගනිමිනි.

අවසන් ලකුණු තත්ත්වය: CH & FC කණ්ඩායම 16 (2T, 3P) 12 (2T, 1C) CR & FC කණ්ඩායම

ThePapare.com තරගයේ වීරයා: ලී කීගල් (CH & FC)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • CH & FC – ලී කීගල් 2T, සැමුවෙල් මදුවන්ත 3P
  • CR &FC – රීසා රෆයිඩීන් 1T, කුෂාන් ඉදුනිල් 1T, තරින්ද රත්වත්තේ 1C

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට