T20 තරග රටාවට ඉක්මනින්ම සමුදෙනවා – ඩේවිඩ් වෝනර්

155

ඕස්ට්‍රේලියා ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් විස්සයි විස්ස ක්‍රිකට් දිවියට සමුදීම පිළිබඳව සැලසුම් කරන බව පසුගිය දා පවසා තිබුණි. 

පසුගිය දා ESPNcricinfo වෙබ් අඩවිය සමඟින් අදහස් දක්වමින් වෝනර් පවසා සිටියේ එළඹෙන 2020 හා 2021 විස්සයි විස්ස ලෝක කුසලාන වලින් අනතුරුව තමන් විස්සයි විස්ස තරගවලට සමුදීමට ඉඩ ඇති බවයි. මෙම වසරේ බිග් බෑශ් තරගාවලියට සහභාගි නොවීමට හේතුව ද එය බව ඔහු පවසා සිටියා. 

කෙසේ වෙතත් වෝනර් විස්සයි විස්ස තරග වලින් සමුගත්ත ද එක්දින හා ටෙස්ට් තරග තුල තවදුරටත් ක්‍රීඩා කරනු ඇත. 

කොදෙව් පුහුණු තරගයට නවකයන් රැසක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වීමට ………..

ඩේවිඩ් වෝනර් පසුගිය දා පැවති ඕස්ට්‍රේලියා ක්‍රිකට් සම්මාන උළෙලේ දී ජාතික කණ්ඩායමේ හොඳම ක්‍රීඩකයාට හිමි ඇලන් බෝඩර් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. එම පදක්කම සියලු තරග රටාවල දී දස්කම් දැක්වූ ක්‍රීඩකයාට හිමිවන පදක්කම වීම විශේෂත්වයකි. 

2019 වසරේ අළුබඳුන ටෙස්ට් තරගාවලිය තුල කැපී පෙනෙන දස්කම් දැක්වීමට ස්ටීව් ස්මිත් හා මාර්නස් ලබුශේන් සමත් වූ අතර වසරක තරග තහනමකින් අනතුරුව ඕස්ට්‍රේලියා කණ්ඩායමට පැමිණි ඩේවිඩ් වෝනර් තම සුපුරුදු ක්‍රීඩා රටාවට අවතීර්ණ වෙමින් තරගාවලිය තුල ප්‍රබල දස්කම් දැක්වීමට සමත් විය.

එම තරගාවලිය ජය පරාජයකින් තොරව නිමා වූ අතර ඕස්ට්‍රේලියා කණ්ඩායම එංගලන්තයේ දී අළුබඳුන කුසලානය ආරක්ෂා කරගත්තේ 2001 වසරෙන් පසුව වීම විශේෂත්වයකි. 

වසරක පමණ විරාමයකින් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණි වෝනර් ප්‍රහාරාත්මක පිතිකරණයට නැවතත් අවතීර්ණ වූ අතර ඕස්ට්‍රේලියාවෙන් පිටත දී එලෙස දස්කම් දැක්වීම ඔහුගේ ප්‍රබලත්වය මනා ලෙස පෙන්වූ අවස්ථාවක් විය. එයට අමතරව ඕස්ට්‍රේලියා කණ්ඩායම සහභාගි වූ ඉන්දීය තරගාවලියේ දී ද වෝනර් තම සුපුරුදු දස්කම් අතරට පැමිණීමට සමත් විය. 

වෝනර් මේ වන විට 33 හැවිරිදි වේ. 2020 හා 2021 වසරවල දී ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගි වීමෙන් අනතුරුව තමන් එක්දින හා ටෙස්ට් තරග පිළිබඳව තම ප්‍රධාන අවධානය යොමු කරන බවත් ඒ නිසාවෙන් මෙලෙස විස්සයි විස්ස තරග සඳහා සමුදීමට ඉඩ ඇති බව පවසා සිටියේය. 

“මම බිග් බෑශ් ක්‍රීඩා කළේ නෑ. මම මේ කාලයේ දී විවේකයක් ගන්න තීරණය කළා. ඒක මගේ ශරීරය හා මනසට අවශ්‍ය වුන විවේකයක්. මට අවශ්‍ය වුනා මම ඊළඟ අභියෝගයට සූදානම් කියලා සහතික කරගන්න.” වෝනර් පවසා සිටියා. 

“විස්ස විස්ස තරගාවලි දිහා බැලුවම පේනවා එක ළඟ ලෝක කුසලාන දෙකක් එනවා. මම හිතන්නේ මම ඒ තරග රටාවට ඉදිරියේ දී සමුදේවි.”

“මම බලන්න ඕන කාලසටහන ගැන. ඒක මට ගොඩක් අමාරු තරග කාල සීමාවක් වේවි. විශේෂයෙන් තරග රටා තුනේම ක්‍රීඩා කරන නිසා. ඒ බී. ඩිවිලියර්ස් හෝ විරේන්ද්‍ර ශෙවාග්ගෙන් අහලා බැලුවොත් ඔබට තේරේවි මේ තරගාවලිවල තියන අසීරු බව. ඔවුන් ඒ තරග රටාවට සමුදුන්නේ ඒ නිසා. ඒ වගේම මගේ දරුවන් තිදෙනා හා බිරිඳ නිවසේ ඉන්න විට මට එක දිගටම තරගාවලි වලට යෑමට සිදුවීම අසීරු දෙයක්. මම හිතන්නේ මට එක් තරග රටාවකට සමුදීමට සිදුවේවි. ඒක විස්සයි විස්ස තරග රටාව වේවි.”

බිග් බෑශ් තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් වෝනර් පවසා සිටියේ අධික තරග සංඛ්‍යාව එයට සහභාගි නොවීමට ප්‍රධානම හේතුව බවයි. 2005 වසරේ දී තරග 20ක තරගාවලියක් ලෙස ඇරඹි බිග් බෑශ් තරගාවලිය ඉන් අනතුරුව තරග 31, 35, 43 හා 59 ලෙස වර්ධනය විය. 

වෝර්නර්ගේ කළමනාකරු පසුගිය වසරේ දී පවසා ඇත්තේ තම සේවාදායකයා බිග් බෑශ් තරගාවලියෙහි ක්‍රීඩා කිරීම ගැන සලකා බලනු ඇති බවයි. නමුත් එසේ ක්‍රීඩා කිරීමට වඩා ඔහුගේ කාලය වටින බව ඔහු පසුව පවසා තිබුණි. බිග් බෑශ් පූර්ණ තරගාවලිය සඳහා සහභාගි වූ ඕස්ට්‍රේලියා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහෝ දෙනා මෙම අධික තරග සංඛ්‍යාව පිළිබඳව නොසතුට පලකර ඇති බව ද වාර්තාවේ. 

වසරේ ටෙස්ට් පිතිකරුවා සහ T20 පන්දුයවන්නා ශ්‍රී ලංකාවෙන්

ලොව වඩාත්ම ප්‍රචලිත ක්‍රිකට් වෙබ් අඩවියක් වන ‘Cricinfo’ වෙබ් ……

“මට නම් එය එකිනෙකට වෙනස් තරගාවලි සඳහා වෙනස් කාලරාමු සකස් කිරීම පිළිබඳව තියන ප්‍රශ්නයක්. ඔබට ටිකක් විවේකයක් අවශ්‍ය විට හඳුනා ගන්න එක වැදගත්.” වෝනර් පවසා සිටියේය. 

“සාමාන්‍යයෙන් අපි ටෙස්ට් තරගමාලාවක් ක්‍රීඩා කර එක්දින තරගමාලාවකට යනවා. අපි ඉන්දියාවට ගියා. සාමාන්‍යයෙන් අපි ඕස්ට්‍රේලියාවේ දී එක්දින තරගමාලාවක් ක්‍රීඩා කරලා තමයි විදෙස් තරගාවලියකට යන්නේ. මේ වසරේ ටිකක් වෙනස්. මට අවශ්‍ය වුනා විවේකයක් ගන්න. මම සතුටු වෙනවා ඒ විවේකය ගන්න පුළුවන් වීම ගැන.” 

“ගොඩක් ක්‍රීඩකයන් ආපහු ගිහින් තමන්ට පුළුවන් තරම් සෙල්ලම් කරන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට ඔවුන් අවසන් තරගය පමණක් ක්‍රීඩා කරනවා. ඔවුන් ආපසු ඇවිත් වෙනත් ක්‍රීඩකයෙකුගේ ස්ථානයක් අරන් අවසන් තරගය ක්‍රීඩා කරනවා. එය සෑම විටම ක්‍රීඩකයෙකුට දුක්බර අවස්ථාවක්. නැවත පැමිණ එක් තරගයක් සඳහා යමෙකුගේ ස්ථානය ලබා ගන්න එක එතරම් හොඳ නෑ. මේ ක්‍රීඩකයන්ට පිටතට ගොස් සෙල්ලම් කිරීමට මේක ලොකු අවස්ථාවක්. ස්මිති සහ ගැසා (නේතන් ලියොන්) සහභාගී වෙලා මේ තරගාවලිය ජයග්‍රහණය කිරීම ගැන සතුටුයි.”

ඩේවිඩ් වෝනර් 2019 වසර වන විට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්ව සිටි අතර ඔහුට එම වසරේ ඕස්ට්‍රේලියා ක්‍රිකට් සම්මාන උළෙල සඳහා ආරාධනා කර තිබුණේ නැත. මෙවර ඇලන් බෝඩර් පදක්කම දිනා ගැනීමෙන් පසුව ඔහු කඳුළු සලමින් ඒ අතීතය මතක් කර සිටියේය. 

“මට නැවත මෙහි පැමිණීමේ හැකියාව තියනවා කියලා මට කිසිම සැකයක් තිබුණේ නෑ. මට මේ පදක්කම දිනා ගැනීමට සුදුසුකම් ලබා ගැනීමම ලොකු ජයග්‍රහණයක්. මා දන්නා දේ කරන්න, ඒ වගේම මම ක්‍රීඩා කරන ඕනෑම තරගයක දී මට හැකි තරම් ලකුණු ලබා ගැනීමට උත්සාහ කරන එක තමයි මගේ බලාපොරොත්තුව” වෝනර් පැවසීය.

“අප තිදෙනා නැවත සමාජගත කිරීම සඳහා තිරය පිටුපස විශාල වැඩ කොටසක් සිදුවෙලා තියනවා. ඒ සියල්ල දිග හැරුණු ආකාරය සහ අප නැවත කණ්ඩායමට නැවත ඒකාබද්ධ කරන ලද ආකාරය මම අගය කරනවා. ඒ සඳහා පුහුණු සැසි පැවැත්වීමෙන් වගේම ටෙස්ට් තරගවලට සහභාගි කරවීමෙන් ගුණාත්මක පන්දු යැවීමට එරෙහිව අපගේ තියුණු බව පවත්වා ගන්න අපි උත්සාහ කළා. ඒ සඳහා මම අතිශයින් කෘතඥ වෙනවා.”

“මට ඉතා දුෂ්කර කාලයන් තිබුණා. මගේ බිරිඳට ගබ්සාවන් දෙකක් සිදු වෙලා තියනවා, මගේ ජීවිතයේ බොහෝ දේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් බාහිරව වෙලා තියනවා. මට ඒවා කරන්න පුළුවන් වුනා. මට එහි හොඳම දේ කුමක් දැයි සොයා බලන්න සිදු වුනා. මගේ යෝග්‍යතාවය මත වැඩ කරන්න සිදු වුනා. මා සහ මගේ බිරිඳ විශිෂ්ට කණ්ඩායමක්, අපට ලස්සන දියණියන් තිදෙනෙක් ඉන්නවා. අපි එකිනෙකාගේ ආදරය සැබවින්ම භුක්ති විඳිනවා.”

ඕස්ට්‍රේලියාවේ මීළඟ පැවරුම වන්නේ විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග තුනක් සඳහා දකුණු අප්‍රිකානු සංචාරයක් සඳහා එක්වීමයි. වෝනර් සහ ස්මිත් වසර දෙකකට ආසන්න කාලයකට පසුව පළමු වරට ඔවුන්ගේ වැරදි සිදු වූ ස්ථානයට නැවත යාමට සූදානම්‍ව සිටී.

වෝනර් පැවසුවේ පසුගිය වසරේ එංගලන්තයේ ලැබූ අත්දැකීම්, කිසි විටෙකත් පලිගැනීමක් සිදු නොවූවත්, ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර ප්‍රයෝජනවත් මතකයන් වනු ඇති බවයි

එංගලන්ත නිසැක ජය අහිමි කළ අවසන් පන්දුවාරයේ විජ්ජාව!

ඉතාමත් කලාතුරකින් දැකිය හැකි ආකාරයේ තියුණු මුහුණුවරක් ගත් ……….

“මම එංගලන්තයට යන විට දැනගෙන හිටියා ගමන් කරන්නේ කුමකට ද කියලා. මම දකුණු අප්‍රිකාවේදිත් ගමන් කරන්නේ කුමකට දැයි මම හරියටම දන්නවා.”

“එංගලන්තයට එරෙහි මෑත තරගාවලිය දෙස බැලුව ද, ලෝකයේ කොතැනට ගියත්, යම්කිසි දෙයක් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. ඒ බලපෑමෙන් ඉවත් වෙන්න නම් ඔබට එය උත්සාහ කර ඔබේ හිසෙන් ඉවතට ගත යුතු වෙනවා. මම අවසාන වරට මගේ පාඩම් හොඳින් හා සැබවින්ම ඉගෙන ගෙන ඉන්නේ. නැවත එහි යෑමට ලැබීම සතුටක් වේවි. ඒ වගේම දකුණු අප්‍රිකාවට එරෙහිව ජයග්‍රහණයක් ලබා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<