ICC චෝදනාව චන්දිමාල් විසින් ප්‍රතික්ෂේප කරයි

794

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති සංග්‍රහයේ 2.2.9 වගන්තිය කඩ කිරීම, එනම් පන්දුවේ හැඩය වෙනස් කිරීම/ පන්දුව පළුදු යටතේ චෝදනා ගොනු කර ඇත.

ශ්‍රී ලංකාව වැරදිකරු වෙයි; චන්දිමාල්ට දඬුවම් කිරීමට සැරසේ

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර සාන්ත ලුසියා හිදී පැවැත්වෙන දෙවන..

නීතියේ දැක්වෙන්නේ “පන්දුවේ ස්වභාවය පවත්වා ගෙන යාම සඳහා හෝ ඉහළ නැංවීම සඳහා කරන ක්‍රියාවන්, ඒ සඳහා බාහිර ද්‍රව්‍යයක් භාවිතා නොකරන තාක් සිදුකිරීමට අවසර ඇත යන මූලධර්මය අදාළ කර ගැනීමට විනිසුරුවන් ඔවුන්ගේ විනිශ්චය භාවිතා කළ යුතුය. පන්දුවේ තත්වයට හානි කිරීම හෝ පන්දුවේ තත්වය හානි වීම වේගවත් කිරීම අරමුණු කරගෙන සිදු කරන කිසිදු ක්‍රියාවකට අවසර නොමැත.” යනුවෙනි.    

Gros Islet, St Lucia හි ඩැරන් සැමී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ දී (ජුනි 16) ශ්‍රී ලංකා ක්‍රීඩකයින් උදෑසන පැය දෙකක පමණ කාලයක් පිටියට පිවිසීමට ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. ඒ පිටියේ විනිසුරුවන් යුගළය වූ අලීම් ඩා සහ ඉයන් ගූල්ඩ් දිනය ආරම්භයේ දී පන්දුව වෙනස් කිරීමට අවශ්‍ය බව පවසා කොදෙව් කණ්ඩායමට දඬුවම් ලකුණු 5ක් ප්‍රදානය කිරීමත් සමඟ යි. ඒත් සමඟ දෙවන දිනය අවසන් වන විට කොදෙව්වන් කඩුලු 2ක් දැවී ලබාගෙන සිටි ලකුණු 118, ලකුණු 123ක් දක්වා ඉහළ යන ලදි.

ධනංජය පන්දුව පළුදු කළා ද?

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ…

ශ්‍රී ලංකා නිලධාරීන් එහි දී විනිසුරුවරුන් සහ තරග තීරක ජවගල් ශ්‍රීනාත් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වී නැවතත් ක්‍රීඩක විවේකාගාරය වෙත පැමිණියේ ය.

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ‘තරගයේ අඛණ්ඩතාව තහවුරු කිරීම’ සඳහා ක්‍රීඩකයින් හට පිටියට පිවිසෙන ලෙස උපදෙස් ලබා දීමත් සමඟ තරගය ආරම්භ කරනු ලැබීය. එහි දී කොදෙව් ඉනිම සියලු දෙනා දැවී ලකුණු 300කට සීමා වූ අතර දිනය අවසන් වන විට ශ්‍රී ලංකා දෙවන ඉනිමේ ලකුණු පුවරුව දැක්වුණේ එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලෙසයි. ඒ වන විට ශ්‍රී ලංකාව කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 13ක් පසුපසින් පසුවිය.

මෙහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ‘ඕනෑම අවස්ථාවක දී කණ්ඩායමේ ක්‍රීඩකයෙක් හට එල්ල වන අයුතු චෝදනාවක්’ හමුවේ ඔවුන්ට සහය පළකරන බව කණ්ඩායමට තහවුරු කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවට පසුව එම තීරණය සඳහා අභියෝග කිරීමේ හැකියාව පවතී.

පන්දුව පළුදු කිරීමේ සිදුවීම ගැන SLC ප්‍රකාශයක් නිකුත් කරයි

සාන්ත ලුසියා හි දෙවන කොදෙව් ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ තෙවන දිනය ආරම්භයට පෙර …

දිනයේ අවසන් සැසියේ රූපවාහිනී දර්ශන හරහා දිනේෂ් චන්දිමාල් සිය වම් සාක්කුවෙන් යමක් පිටතට ගෙන එය මුඛයේ දමා පසුව එම කෘත්‍රිම ද්‍රව්‍ය පන්දුවේ දවටන ආකාරය අනාවරණය වීමෙන් අනතුරුව අදාළ නිලධාරීන් විසින් චෝදනා ගොනු කළ බව ‘ICC’ය විසින් අනාවරණය කරනු ලැබීය.

කෙසේ නමුත් චන්දිමාල් විසින් අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් පවසා සිටින්නේ තමන් වරදක් සිදු නොකළ බවයි. සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව පැවැත්වීමට නියමිත අතර අදාළ වීඩියෝ පට සාක්‍ෂි නඩු විභාගයේ දී ද භාවිතා කෙරෙනු ඇත. ඒ සඳහා තරගයේ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය ද සහභාගී වනු ඇත.

2 වන මට්ටමේ වැරදි සඳහා තරග මුදලෙන් 50% සිට 100% දක්වා දඩ මුදලක් සහ/හෝ තරග තහනම් ලකුණු 2ක් දක්වා සහ අවගුණ ලකුණු (demerit points) 3ක් හෝ 4ක් පැනවේ.   

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<