චන්දික හතුරුසිංහ පුහුණුකරු ධූරය බාර ගනී?

1835
Chandika Hathurasinghe brushes aside Sri Lanka coach job

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන මේ වන විට බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරය හොබවන 48 හැවිරිදි චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධූරය බාර ගනු ඇතැයි පැවත ගිය ආරංචිය අසත්‍ය එකක් බව ඔහු අවධාරණය කළේය.

“ටෙන්ඩුල්කාර්, ද්‍රාවිඩ්ගේ තරම් දෙයක් කෝලිගේ නැහැ” – මොහොමඩ් යූසෆ්

පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ යුදෙව් ජාතික යූසෆ් යොහානා ක්‍රිකට්ලෝලීන්ට මතක ඇති. අද ඔහු මොහොමඩ් යූසෆ් නම් හිටපු පාකිස්තානු පිතිකරුවායි…

ඔහු පවසා සිටියේ එංගලතයේ දී හා වේල්සයේ දී පැවැත්වෙන 2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායම සූදානම් කිරීම කෙරෙහි ඔහු මේ වන විට සිය පූර්ණ අවධානය යොදවා ඇති බවයි.

ග්‍රැහැම් ෆෝඩ් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඒ හිස්වූ ධූරය චන්දික හතුරුසිංහ බාර ගනු ඇතැයි ආරංචි පැතිර ගිය අතර ඒවා අසත්‍ය බව ඔහු ඊයේ (02) සනාථ කළේය. මේ වන විට ඔහුට පැවරී තිබෙන බංග්ලාදේශ කණ්ඩායම පුහුණු කිරීමේ කාර්යය කෙරෙහි අවධානය යොමු කරමින් ඉදිරියේ දී නවක ක්‍රීඩකයින් හට ද අවස්ථාව ලබා දීමට කටයුතු කරන බව ඔහු මෙහි දී වැඩිදුරටත් පවසා සිටියේය.

“අපි ඉදිරියේ දී ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි ක්‍රීඩකයින් 20කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන සිටින්නේ. මගේ මූලික ඉලක්කය 2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය. මේ සෑම ක්‍රීඩකයෙකුටම දැඩි කැපවීමෙන් පුහුණුවීම් කටයුතු සිදු කරන්න පුරුදු වෙන්න වෙනවා. ඔවුන් දේශීය වශයෙන් සිදු කරන පුහුණුවීම් කටයුතුවල තත්වය එතරම් ඉහළ තැනක නැහැ. නමුත් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් සමඟ පුහුණුවීම් කටයුතු සිදුකරද්දී ඔවුන්ට තේරෙනවා ජාතික කණ්ඩායමට තේරෙන්න තියෙන්නේ කොයි වගේ තරගයක් ද කියලා. ඒ වගේම අවශ්‍යතාවයක් ආවොත් සංචිතය විශාල කරන්නත් අවධානය යොමු කරනවා.”

හතුරුසිංහ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.

ඔහුගේ පවතින කොන්ත්‍රාත්තුව අවසන් වීමෙන් අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඔහුට නව කොන්ත්‍රාත්තුවක් ලබා දීමට ඉදිරිපත් වන්නේ නම් ඉදිරියටත් බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ධූරය දැරීමට තමන් කැමති බවද ඔහු මෙහි දී තවදුරටත් ප්‍රකාශ කළේය.

“ඒක තීරණය වෙන්නේ මගේ වගකීම්වල සාර්ථකත්වය මත. බලධාරීන් සිතනවා නම් මට තවදුරටත් කණ්ඩායම දියුණු කරන්න පුළුවන් කියලා මට ඒක කරන්න ලැබෙයි. ඒ වගේම එකම ක්‍රීඩකයින් සමඟ කාලයක් කටයුතු කරන කොට මට වගේම ඔවුන්ටත් ඒක පහසුවක්. ඔබ දන්නවා ක්‍රීඩකයින් පුහුණුකරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක් ද කියලා. ඔවුන් පුහුණුකරුවන්ගේ රටාවට හුරු වෙනවා. ඔවුන් දිනෙන් දින දියුණු වෙනවා නම් ඒක තමයි වැදගත්. ඔවුන්ව ඒ විදිහට දියුණු කරන ඒක මගේ වගකීම.”

එමෙන්ම ඔහු මේ වන විට සිය මූලික අවධානය යොමු කර තිබෙන්නේ ඉදිරියේ දී සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය කෙරෙහි ය. නමුත් ඔහු බංග්ලාදේශයෙන් පිටත දී පැවැත්වෙන තරගාවලිවල දී කණ්ඩායමේ දක්‍ෂතා ඉහළ නංවා ගැනීමේ බලාපොරොත්තුවෙන් ද පසුවයි.

“අපි දැන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙත් තරමක දියුණුවක් ළඟා කරගෙන තිබෙනවා. ආසියාවේ පැවැත්වෙන තරගාවලි ජයග්‍රහණය කරන්න අපි සැලසුම් කරලා තියෙන්නේ. ඒ අනුව අපි ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරග දෙක ජයග්‍රහණය කිරීම අවශ්‍යයි. ඊට පස්සේ අපිට තියෙන අභියෝගය දකුණු අප්‍රිකාවේ වාතාවරණයට හැඩගැසීම. ඒ නිසා දකුණු අප්‍රිකාවේ දී පළමු ටෙස්ට් තරගයට පෙර තිබෙන සති දෙකක කාලය පිට ගොඩක් වැදගත් වෙනවා.”

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දක්‍ෂතා පසුගිය කාලය පුරාවට දිනෙන් දින ඉහළ ගිය අතර ඔවුන් පසුගිය දා අවසන් වූ ICC ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට ද සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. එය ඔවුන් ICC ය මඟින් පැවැත්වූ තරගාවලියක ලබාගත් ඉහළම තත්වයයි. කෙසේ නමුත් ඔවුන් අවසන් පූර්ව තරගය ඉන්දියානු කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.

“අපි ඉදිරියට යද්දී මේ ලබාගෙන තිබෙන සාර්ථකත්වයත් ඉදිරියට පවත්වාගෙන යා යුතුයි. අපි මුලින් ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. පසුව ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබන්න සමත් වුනා. ඒ වගේම අපි මේ වන විට ආසියාවේ පැවැත්වෙන තරග ගොඩක් දුරට ජයග්‍රහණය කරන තත්වයකට ළඟා වෙලා තිබෙනවා. නමුත් අපි තවමත් දියුණු කර ගත යුතු පති ගොඩක් තිබෙනවා. ඒ නිසා ඉදිරියේ දී ස්ථාවරත්වයක් ගොඩනඟා ගන්න උත්සාහ කරනවා.”

එමෙන්ම ඔහු විවිධ අංශවල පුහුණුකරුවන්ගේ අවශ්‍යතාවය ද මෙහි දී Cricbuzz වෙබ් අඩවිය සමඟ අවධාරණය කළේය.

“මැක්ගිල් මෙහෙට ඇවිත් ඉන්නේ මාස තුනක කාලයකට. නමුත් ඔහු කැමති නම් වගේම ක්‍රීඩකයින්ගේ දියුණුවක් තිබෙනවා නම් ඔහුගේ සේවය දීර්ඝ කාලීන වෙන්න පුළුවන්. හැම පුහුණුකරුවෙකුටම වගේ ලැබෙන තත්වය ඒක. කල්පගේ අයින් වුනාට පස්සේ අපිට දඟපන්දු පුහුණුකරුවෙක් සිටියේ නැහැ. අපිට ඒ නිසා දඟපන්දු පුහුණුකරුවෙක් අවශ්‍යයි. ඒක වෙනම පැතිකඩක් නිසා ඒ වෙනුවෙන් විශේෂඥ පුද්ගලයෙක් ඉන්න ඕනේ. දැනට ඉන්න සෑම පුහුණුකරුවෙක්ම ඉතා හොඳින් ඔවුන්ගේ කාර්යය සිදු කරනවා. ඒ වගේම ඔවුන් දන්නවා ඔවුන් කරන්නේ මොකක්ද කියලා. ඒ නිසා මගේ වැඩකටයුතු කරගෙන යන්න මට ගොඩක් ලේසියි. මට කරන්න තියෙන්නේ ඔවුන්ට නිදහස සහ අවස්ථාවන් ලබා දීලා, ක්‍රීඩකයින් සමඟ කටයුතු කරන්න පුළුවන් වාතාවරණයක් සකස් කරලා දෙන එක.”

ඔහු අවසාන වශයෙන් පවසා සිටියේය.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට<<