පළමු දිනයට වර්ෂාවට අරක්ගනී

62

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ නැගිඑන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ දෙවන නිල නොවන ටෙස්ට් තරගයේ පළමු දිනය බංග්ලාදේශයේ කොක්ස් බසාර් ෂෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අද (03) ආරම්භ වීමට නියමිතව තිබුණි. 

එහෙත් අද දිනය පුරාවටම වර්ෂාව පතිත වීම හේතුවෙන් තරගයේ පළමු දිනය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදු විය. 

ශකිබ් මෝටාසාට දෙහි කපයි

2019 ලෝක කුසලාන තරගාවලිය නිමා වී මාසයකට වැඩි කාලයක් ගතව ඇතත් තවමත් එය ලොව පුරා…

කණ්ඩායම් දෙක මෙහෙයවනු ලබන්නේ දක්ෂ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන චරිත් අසලංක සහ නජ්මුල් හොසේන් ෂන්ටෝ දෙදෙනා විසිනි. මෙම තරගාවලියේ පැවති පළමු නිල නොවන ටෙස්ට් තරගයත් වර්ෂාවට සේදී ගිය අතර කුල්නා හි ෂෙයික් අබු නසර් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ දී අතිවිශිෂ්ට ශතකයක් ලබා ගැනීමට බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් ෂන්ටෝ සමත් විය.

කාලගුණ වාර්තාවලට අනුව ඉදිරි දින කිහිපය පුරාවට ද වර්ෂාව පතිත වීමට අවකාශ ඇති නමුත් ඉදිරි දින තුන තුළ දී හෝ වර්ෂාවෙන් කිසිම බාධාවකින් තොරව ක්‍රීඩා කිරීමට කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් දැඩි බලාපොරොත්තුවකින් පසු වේ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<