Home Sinhala එංගලන්ත පරාජයෙන් ක්‍රිකට් රන් දෙවොල රත් වෙයි

එංගලන්ත පරාජයෙන් ක්‍රිකට් රන් දෙවොල රත් වෙයි

1228

වමතින් වේගපන්දු යවන 29 හැවිරිදි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ජේසන් බෙහෙරෙන්ඩොෆ්ගේ දක්ෂතා හමුවේ අතරමං වූ එංගලන්ත ක්‍රීඩකයෝ, අද (25) ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති තරගයේ දී ලකුණු 64කින් පරාජයට පත්වූහ. 

ශකීබ්ගේ තුන් ඉරියව් දස්කම් බංගලියන්ට ජය ගෙනෙයි!

මෙම වීඩියෝ පටය ශ්‍රී ලංකාව තුල දී පමණක් නැරඹීමට හැකි අතර නිකුත් කළ දින සිට දින 3ක් දක්වා පමණක් මෙය නැරඹීමට………….

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වෙතැයි බොහෝ දෙනෙකුගේ සිහින වල සැරිසරන එංගලන්ත කණ්ඩායම, ක්‍රිකට් රන් දෙවොලේ දී ම පරාජය වීම බොහෝ දෙනෙකුගේ විමතියට හේතු විය. මෙම තරගය නිමා වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ එංගලන්තය සිව්වැනි ස්ථානයටත්, ඕස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයටත් පැමිණ තිබුණි. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව කඩුලු 7ක් දැවී ලකුණු 285ක් රැස්කර ගත් අතර පිළිතුරු ඉනිමේ දී එංගලන්තයට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 221ක් පමණි. එම ඉනිම විනාශ කිරීමේ දී නවක ක්‍රීඩක ජේසන් බෙහෙරෙන්ඩොෆ් ලකුණු 44කට කඩුලු 5ක් දවා ගත්තේය. එම දක්ෂතාව ඔහුගේ තරග දිවියේ හොඳම දක්ෂතාව ද විය. 

කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක ඔයින් මෝර්ගන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 285ක් ලබා ගත්හ. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක ඒරන් ෆින්ච් ය. ඔහු පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තේය. ෆින්ච් අද වාර්තා කළේ තම ජාත්‍යන්තර එක්දින තරග දිවියේ 15 වැනි ශතකයයි. 

පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව, එංගලන්ත නායකයාගෙන් ලැබූ ත්‍යාගයක් සේ සැලකූ ඕස්ට්‍රේලියානුවෝ ඉනිම ආරම්භයේ සිටම එංගලන්තයට එරෙහිව ඉතා හොඳ කඩුලු සබඳතා ගොඩ නගමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන ලදි. 

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

ඔවුන්ගේ පළමු කඩුල්ලේම සබඳතාව ලකුණු 123කි. නායක ඒරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් අතර එක්වූ මෙම සබඳතාව නිමා වූයේ වෝනර් ලකුණු 53කට දැවී යෑමත් සමඟිනි. පන්දු 61ක් පුරා ක්‍රියාත්මක වූ එම ඉනිමට හතරේ පහර 6ක් ඇතුළත් විය. 

අනතුරුව උස්මාන් කවාජා (23) සමඟ එක්වූ ෆින්ච් දෙවැනි කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් එක් කිරීමට දායක විය. ෆින්ච් ඉනිම හැර යන විට ඕස්ට්‍රේලියා ඉනිම කඩුලු 3කට ලකුණු 185ක් ලෙස දැක්විය. ඒ වන විට ඉනිමේ ක්‍රියාත්මක වෙමින් තිබුණේ 36 වැනි පන්දු වාරය ය. 

එතැන් සිට ඉනිම භාර ගැනීමට මැදපෙළ පිතිකරුවන්ට සිදු වූ අතර එහි දී වැඩි කාර්ය භාරයක් කළේ ස්ටීව් ස්මිත් සහ ඇලෙක්ස් කේරි ය. ස්මිත් පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත් අතර ඇලෙක්ස් පන්දු 27කට මුහුණ දී හතරේ පහර 5ක් තම ඉනිමට එක්කර ගනිමින් නොදැවී ලකුණු 38ක් ලබා ගත්තේය. 

පන්දු යැවීමේ දී ආරම්භක වේගපන්දු යවන ක්‍රිස් වෝක්ස් ලකුණු 46කට කඩුලු 2ක් දවා ගත් අතර අනෙක් පන්දු යවන්නන්ට හිමි වූයේ කඩුල්ල බැගිනි.

ස්ටොක්ස්ගේ උඩපන්දුව අතඇරුනම මම බය වුනා – මෙන්ඩිස්

ගෙවී ගිය වසර කිහිපය පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීම ඉතාමත් පහළ මට්ටමක තිබුණි. එය අවසන් වශයෙන්…….

ලකුණු 286ක් හඹා ගිය එංගලන්ත ඉනිමේ ඉදිරිපෙළ කඩුලු 4 ලකුණු 53ක් තුළ දවා ගනිමින් ඉනිම අඩපණ කිරීමට ඕස්ට්‍රේලියානු ආරම්භක වේගපන්දු යවන්නන් වූ ජේසන් බෙහෙරෙන්ඩොෆ් සහ මිචෙල් ස්ටාර්ක් සමත් වීම කැපී පෙනුනි. 

ආරම්භක පිතිකරු ජේම්ස් වින්ස් ඉනිමේ දෙවැනි පන්දුවේ දී ම කඩුල්ල හැර ගියේය. අනතුරුව ජෝ රූට් (8) සහ නායක ඔයින් මෝර්ගන් (4) ද අඩු ලකුණුවලට සීමා වන විට අනෙක් ආරම්භක පිතිකරු ජොනී බෙයාර්ස්ටෝව් පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තේය. 

එතැන් සිට එංගලන්ත ඉනිම තරමක් දුරට ගොඩ ගැනීමට බෙන් ස්ටෝක්ස් සහ ජොස් බට්ලර් සමත් නොවන්නට මෙහි ඉරණම මීට වඩා බොහෝ සෙයින්ම වෙනස් වන්නට තිබුණි. එංගලන්ත ඉනිමේ 5 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 71කි. එවර දැවී ගියේ ජොස් බට්ලර් (25) ය. 

බෙන් ස්ටෝක්ස් පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 89කට දැවී ගියේ එංගලන්තයේ අවාසනාවට ය. මිචෙල් ස්ටාර්ක්ගේ ඉහළ නොනැගි පන්දුවකට ඔහු දැවී යන විට එංගලන්ත ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 177ක් විය.

ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ අනෙක් කණ්ඩායම්වලට විශාල ආදර්ශයක්

ඉයන් චැපල් යනු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ …….

එතැන් සිට එංගලන්ත ඉනිම ගොඩ ගැනීම සිහිනයක්ම විය. ඉතිරි කඩුලු 4 ලකුණු 43කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නෝ සමත් වූහ. ඉන් ලකුණු 25ක් ම හිමි වූයේ ආදිල් රෂීඩ්ටය. ඔහු පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් එල්ල කරමින් අවසන් අවස්ථාවේ දී එංගලන්තයට ජීවය දුන්නේය. 

පන්දු යැවීමේ දී ජේසන් බෙහෙරෙන්ඩොෆ්ට අමතරව මිචෙල් ස්ටාර්ක් ද ලකුණු 43කට කඩුලු 4ක් දවා ගත්තේය. 

එංගලන්ත ක්‍රිකට් රන් දෙවොලේ දී දැක්වූ මෙම දක්ෂතාව හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙසින් නම් කෙරෙතැයි විශ්වාස කළ ද, තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණේ ශතකයක් වාර්තා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච් ය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


England
221/10 (44.4)

Australia
285/7 (50)

Batsmen R B 4s 6s SR
Aaron Finch c Chris Woakes b Jofra Archer 100 116 11 2 86.21
David Warner c Joe Root b Moeen Ali 53 61 6 0 86.89
Usman Khawaja b Ben Stokes 23 29 1 0 79.31
Steve Smith c Jofra Archer b Chris Woakes 38 34 5 0 111.76
Glenn Maxwell c Jos Buttler b Mark Wood 12 8 1 1 150.00
Marcus Stoinis run out () 8 15 1 0 53.33
 Alex Carey not out 38 27 5 0 140.74
Pat Cummins c Jos Buttler b Chris Woakes 1 4 0 0 25.00
Mitchell Starc not out 4 6 0 0 66.67


Extras 8 (b 0 , lb 4 , nb 0, w 4, pen 0)
Total 285/7 (50 Overs, RR: 5.7)
Fall of Wickets 1-123 (22.4) David Warner, 2-173 (32.2) Usman Khawaja, 3-185 (35.3) Aaron Finch, 4-213 (38.2) Glenn Maxwell, 5-228 (41.5) Marcus Stoinis, 6-250 (45.4) Steve Smith, 7-259 (47.1) Pat Cummins,

Bowling O M R W Econ
Chris Woakes 10 0 46 2 4.60
Jofra Archer 9 0 56 1 6.22
Mark Wood 9 0 59 1 6.56
Ben Stokes 6 0 29 1 4.83
Moeen Ali 6 0 42 1 7.00
Adil Rashid 10 0 49 0 4.90


Batsmen R B 4s 6s SR
JM Vince b Jason Behrendorff 0 2 0 0 0.00
Jonny Bairstow c Pat Cummins b Jason Behrendorff 27 39 5 0 69.23
Joe Root lbw b Mitchell Starc 8 9 2 0 88.89
Eoin Morgan c Pat Cummins b Mitchell Starc 4 7 1 0 57.14
Ben Stokes b Mitchell Starc 89 115 8 2 77.39
Jos Buttler c Usman Khawaja b Marcus Stoinis 25 27 2 0 92.59
Chris Woakes c Aaron Finch b Jason Behrendorff 26 34 2 0 76.47
Moeen Ali c  Alex Carey b Jason Behrendorff 6 9 1 0 66.67
Adil Rashid c Marcus Stoinis b Mitchell Starc 25 20 3 1 125.00
Jofra Archer c David Warner b Jason Behrendorff 1 4 0 0 25.00
Mark Wood not out 1 2 0 0 50.00


Extras 9 (b 1 , lb 5 , nb 0, w 3, pen 0)
Total 221/10 (44.4 Overs, RR: 4.95)
Fall of Wickets 1-1 (0.2) JM Vince, 2-15 (3.3) Joe Root, 3-26 (5.5) Eoin Morgan, 4-53 (13.5) Jonny Bairstow, 5-124 (27.2) Jos Buttler, 6-177 (36.6) Ben Stokes, 7-189 (39.3) Moeen Ali, 8-202 (41.3) Chris Woakes, 9-211 (43.3) Jofra Archer, 10-221 (44.4) Adil Rashid,

Bowling O M R W Econ
Jason Behrendorff 10 0 44 5 4.40
Mitchell Starc 8.4 1 44 4 5.24
Pat Cummins 8 1 41 0 5.12
Nathan Lyon 9 0 43 0 4.78
Marcus Stoinis 7 0 29 1 4.14
Glenn Maxwell 2 0 15 0 7.50