ඉන්දීය ක්‍රීඩකයෝ පහසුවෙන්ම බංග්ලාදේශය පරාජය කරයි

338

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය ආරම්භ කරමින් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී (21) නිමා වූ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වෙති.

ඇෆ්ගනිස්තානය බංගලියන්ගේ හැව අරී

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිමා වූ හය වැනි තරගයේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 136ක ජයග්‍රහණයක් ලබා ගත් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ පළමු වටය නිමා වෙද්දී A කාණ්ඩයේ…

කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන් සතු කළ අතර එහි දී බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 173කට සීමා වූහ. එම පහසු ඉලක්කය ඉන්දීය ක්‍රීඩකයන් සපුරා ගනු ලැබුවේ 37 වැනි පන්දුවාරයේ කඩුලු 3ක් පමණක් දැවී යමිනි.

බංග්ලාදේශ ඉනිමේ කැපී පෙණෙන පිතිකරු වූයේ මෙහෙදි හසන් මිර්සා ය. දකුණතින් පිත්ත හසුරුවන මිර්සා පන්දු 50කට මුහුණ දෙමින් හතරේ සහ හයේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 42ක් ලබා ගන්නේ ය. එය ඔහුගේ එක්දින තරග දිවියේ හොඳම ඉනිම් අතර දෙවැනි තැන ගන්නේ ය.

ඊට අමතරව නායක මෂ්රෆි මොර්ටාසා ලකුණු 26ක් සහ මහමුදුල්ලා රියාද් ලකුණු 25ක් ලබා ගන්නේ ය. ඉනිමේ ඉහළම කඩුලු සබඳතාව වූයේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් මෂ්රෆි මොර්ටාසා සහ මෙහෙදි හසන් මිර්සා එක්ව වාර්තා කළ ලකුණු 66යි.

කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟපන්දු යැවූ රවින්ද්‍ර ජඩේජා ලකුණු 29කට කඩුලු 4ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3 බැගින් දවා ගත්හ.

අවස්ථාවක් ලැබුනොත් ආපසු එනවා – ඩිල්ෂාන්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොසිතූ විරූ ලෙස ආසියානු කුසලානයෙන් ඉවත් වීමත් සමඟ හිටපු ප්‍රවීණ ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් සමාජ මාධ්‍ය ඔස්සේ නැවත කණ්ඩායමට පැමිණීමට…

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ තරගය නිමා වීමට තවත් පන්දු 82ක් ඉතිරිව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගත්හ. එම ඉනිමේ දී නායක රෝහිත් ෂර්මා පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 83ක් ලබා ගත්තේය. එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 36 වැනි ජාත්‍යන්තර එක්දින ශතකය වූ අතර මෙම තරගාවලියේ දී පිට පිට එල්ල කරන ලද දෙවැනි අර්ධ ශතකයයි. ඔහුගේ එම දක්ෂතාව තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට ද හේතු විය.

රෝහිත් සහ ෂිකර් ධවාන් අතර පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ලකුණු සංඛ්‍යාව 61කි. ධවාන් පන්දු 47ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තේ ය. ඊට අමතරව මහේන්ද්‍ර සිං දෝනි පන්දු 37කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී මෂ්රෆි මොර්ටාසා, සකීබ් අල් හසන් සහ රුබෙල් හුසේන් කඩුල්ල බැගින් දවා ගත්හ.

බංග්ලාදේශය; සියලුම දෙනා දැවී 173 (49.1) මුෂ්ෆිකර් රහීම් 21, මහමුදුල්ලා රියාද් 25, මෂ්රෆි මොර්ටාෂා 26, මෙහෙදි හසන් මිර්සා 42, බුවනේෂ්වර් කුමාර් 3/32, ජස්ප්‍රිට් බුම්රා 3/37, රවින්ද්‍ර ජඩේජා 4/29

ඉන්දියාව; කඩුලු 3ක් දැවී 174 (36.2) රෝහිත් ෂර්මා නොදැවී 83, ෂිකර් ධවාන් 40, මහේන්ද්‍ර සිං දෝනි 33


මලික් ඇෆ්ගන්වරුන්ගේ සිහිනය බොඳ කරයි

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ පැවති දෙවැනි තරගයේ දී ඇෆ්ගනිස්තානය පරදවා කඩුලු 3ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් විය. අබුඩාබි හි දි පැවති මෙම තරගයේ දී පාකිස්තානය ජයග්‍රහණය කළේ පන්දු 3ක් පමණක් ඉතිරිව තිබිය දී ය.

තීරණය කුමකින් කුමක් වේ දැයි අවසාන මොහොත දක්වාම අවිනිශ්චිත වූ මෙම තරගයේ දී කෝඩුකාර ඇෆ්ගන්වරුන්ගේ සටන්කාමීත්වය ෂොයිබ් මලික්ගේ පිතිහරඹයත් සමඟින් වියැකි ගියේය. අවසන් පන්දු වාරයේ දී පාකිස්තාන ජයග්‍රහණය සඳහා ලකුණු 10ක් අවශ්‍ය වන අතර මලික් හයේ පහරකින් එම ඉලක්කය සපුරා ගන්නේ ය.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගන්වරුන්ගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීමයි. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 26ක් විය. ඔවුන්ගේ දෙවැනි කඩුල්ල ද ලකුණු 31ක් ව තිබිය දී දැවී ගියහ.

ආරම්භය අසාර්ථක වූව ද තෙවැනි කඩුල්ලේ දී එම අවාසිය මග හරවා ගැනීමට ඇෆ්ගන්වරුන් සමත් වූයේ රාමඩ් ෂා සහ හෂ්මතුල්ලා ෂහිඩ් එක්ව ලකුණු 63ක සබඳතාවක් එක් කිරීමත් සමඟිනි. ෂා පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තේය.

හෂ්මතුල්ලා ඉනිම අවසන් වන විට නොදැවී ලකුණු 97ක් ලබා සිටියේය. ඔහුගේ ඉනිමට පන්දු 118ක් වැය කර තිබූ අතර හතරේ පහර 7ක් ද ඊට ඇතුලත්ව තිබුණි. 23 හැවිරිදි වමත් පිතිකරුවෙක් වන හෂ්මතුල්ලා ගේ මෙම ඉනිම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළම ලකුණු සංඛ්‍යාව විය. ඊට ප්‍රථම ඔහුගේ ඉනිම් අතර පළමු ස්ථානයේ තිබුණේ බංග්ලාදේශයට එරෙහිව ඩකා හි දී 2016 වසරේ දී රැස් කරල ලද ලකුණු 72යි.

ඇෆ්ගන් ඉනිමේ පාකිස්තානයට හිසරදයක් වූ කඩුලු සබඳතාව වූයේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් හෂ්මතුල්ලා සහ නායක අස්ගර් අෆ්ගන් එක්ව කළ අරගලයයි. ඔවුන් දෙදෙනා ඇෆ්ගන් ඉනිම කඩුලු 4කට ලකුණු 188ක් දවා රැගෙන එන විට ලකුණු සබඳතාව 94ක් විය.

අස්ගර් මෙම ඉනිමේ දී වාර්තා කළේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරග 22කට පසුව රැස් කරන ලද අර්ධ ශතකයයි. හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟින් පන්දු 56කට මුහුණ දුන් අස්ගර් දැවී යන විට ලකුණු 67ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකාව ලබාගත් ආරම්භයට බාධාවක්!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (21) කොළඹ කොල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වූ නමුත් තරගයට එල්ල වූ වර්ෂාව නිසා තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.

පන්දු යැවීමේ දී මොහොමඩ් නවාෂ් ලකුණු 57කට කඩුලු 3ක් දවා ගත්තේ ය. ඊට අමතරව මෙම තරගයේ දී පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග වරම් දිනා ගැනීමට ෂහීන් ෂා අෆ්රිඩි ලකුණු 38කට කඩුලු 2ක් දවා ගත්තේ ය. දකුණතින් මද වේගපන්දු යවන ෂහීන් ෂා තවමත් 18 වැනි වියේ පසුවෙන යෞවනයෙකි.

පාකිස්තාන ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම කිසිදු ලකුණක් නොදී දවා ගත් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ තරගයට අමුතු ජවයක් එක් කළ ද දෙවැනි කඩුල්ලේ වූ ලකුණු සබඳතාව ඒ සියල්ල සුනුවිසුනු කළේය.

ඉමාම් උල් හක් සහ බාබර් අෂාම් එක්ව දෙවැනි කඩුල්ල සඳහා එක් කළ ලකුණු සබඳතාව 154කි. ඔවුන් දෙදෙනා ඉනිමේ 34 වැනි පන්දුවාරය දක්වාම ඇෆ්ගන්වරුන්ට එරෙහි අරගලය ක්‍රියාත්මක කළහ. මෙවර ආසියානු ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය රැස් කළ ඉමාම් දුවද්දී දැවී යෑමකට හසු වෙමින් තම ඉනිම සේ ම දෙවැනි කඩුල්ලේ ද සබඳතාව නිමා කරගනිද්දී පන්දු 104කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 80ක් ලබා සිටියේ ය.

බාබර් අෂාම් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 66කි. පන්දු 94ක් පුරා පිටියේ රැඳී සිටි බාබර් හතරේ පහර 4කින් සහ හයේ පහරකින් තම ඉනිම සරසා ගත්තේ ය. මෙය බාබර්ගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙ 8 වැනි අර්ධ ශතකයයි.

ඔවුන් දෙදෙනාගේ දැවී යෑමත් සමඟින් ලකුණු පුවරුව ක්‍රියාත්මක වීම මන්දගාමී කිරීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. එහෙත් මැද පෙළ ශක්තිමත් කරමින් ෂොයිබ් මලික් නොදැවී ලබා ගත් අර්ධ ශතකය තරගයේ හැරවුම් ලක්ෂයක් විය. මලික් තම කණ්ඩායම වෙනුවෙන් දැක්වූ දායකත්වයට තුටු පඬුරක් ලෙසින් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

මලික් පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා ගත්තේය. මලික්ගේ මෙම ඉනිම වසරකට පසුව වාර්තා වූ දීර්ඝතම ඉනිම විය. ඔහු මීට පෙර අර්ධ ශතකයක් වාර්තා කරගෙන සිටියේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ය.

පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් ලකුණු 46කට කඩුලු 3ක් දවා ගනිද්දී මජීබ් උර් රහ්මන් කඩුලු 2ක් දවා ගත්තේ ය.

ඇෆ්ගනිස්තානය; කඩුලු 6ක් දැවී 257 (50.0): මොහොමඩ් ශෂාඩ් 20, රමාට් ෂා 36, හෂ්මතුල්ලා ෂාහීඩ් නොදැවී 97, අස්ගර් අෆ්ගාන් 67, ෂශීන් අෆ්රිඩි 2/38, මොහොමඩ් නවාෂ් 3/57

පාකිස්තානය; කඩුලු 7ක් දැවී 258 (49.3) ඉමාම් උල් හක් 80, බාබර් අෂාම් 66, ෂොයිබ් මලික් නොදැවී 51, මජීබ් උර් රහමන් 2/33, රෂීඩ් ඛාන් 3/46

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ ජයග්‍රාහී පාකිස්තානය සහභාගී වෙන දෙවැනි තරගය ඉන්දියාව සමගින් 22 වැනිදා පැවැත්වෙන අතර තරගයේ උණුසුම් පුවත් සමගින් යාවත්කාලීන වීමට රැඳී සිටින්න ThePapare.com සමග ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<