ඉන්දියාවට යන කොදෙව් සංචිතවල වෙනස්කම් කිහිපයක්

81

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය සඳහා  ක්‍රීඩා කරන කොදෙව් එක්දින සහ විස්සයි විස්ස සංචිතයන් ඊයේ (28) නිකුත් විය.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තරග කාලසටහන නිකුත් වෙයි

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල එළඹෙන දෙසැම්බර් ……

කිරන් පොලාර්ඩ්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 15 දෙනෙකු බැගින් වූ මේ සංචිත දෙකේ විස්සයි විස්ස සංචිතය සඳහා ඔවුන් සතු දක්ෂ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන ශායි හෝප් සහ අල්සාරී ජෝසප් යන දෙදෙනා ඇතුළත් කර නොතිබීම සුවිශේෂී වේ. 

වර්තමාන ලෝක විස්සයි විස්ස ක්‍රිකට් ශූරයින් වන කොදෙව්වන් පසුගිය දා ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස පරාජයට පත්වීම සැලකිල්ලට ගනිමින් කොදෙව් තේරීම් කමිටුව මේ වෙනස්කම් දෙක සිදුකර ඇත.

ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ දිනේෂ් රාම්ඩීන් වෙනුවට එක් විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කළ හෝප් එම අවසන් විස්සයි විස්ස තරගයේ දී පන්දු 46කදී ලකුණු 52ක් වාර්තා කරගත්තේය. එසේ තිබිය දී වුවද මේ විස්සයි විස්ස සංචිතය සඳහා හොප් ඇතුළත් වී නොතිබීම ගැන බොහෝ ක්‍රිකට් විචාරකයින් අතර දැඩි ලෙඩ කතා බහට ලක්වෙමින් පවතියි.

කෙසේ නමුත් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ දී කණ්ඩායම් උපනායකයා ලෙස කටයුතු කරනු ලබන්නේ හොප් ය. 

දණ හිසේ ඇතිවූ ආබාධයක් නිසාවෙන් ඇෆ්ගනිස්තානය සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය මඟ හැරී ගිය ෆාබියන් ඇලන් ඉන් සුවය ලබා නැවතත් කොදෙව් විස්සයි විස්ස සංචිතයට පැමිණ තිබෙන අතර රාම්ඩීන්ගේ ද ආබාධය මේ වන විට සුව වී තිබෙන නිසා ඔහුව ද සංචිතය සඳහා ඇතුළත් කර තිබේ. 

සංචිතයට ඇතුළත් කිරීමට පෙර ඔවුන් දෙදෙනාව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සඳහා යොමු කොට තිබෙන අතර ඔවුන් දෙදෙනා ඉන් සමත් වීම නිසා කොදෙව් තේරීම් කමිටුව ඔවුන් දෙදෙනාව සංචිතයන් සඳහා ඇතුළත් කිරීමට තීරණය කර ඇත.

කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානය අතර පැවති විස්සයි විස්ස තරගාවලිය තරග 2-1ක් ලෙස කොදෙව්වන් පරාජය වුවත් එක්දින තරගාවලිය තරග 3-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලබා ගැනීමට ඔවුන් සමත් විය. ඒ නිසාවෙන් ඔවුන් ඇෆ්ගනිස්තානය සමඟම ක්‍රීඩා කළ කොදෙව් එක්දින සංචිතය මේ එළඹෙන ඉන්දීය තරගාවලිය වෙනුවෙන් ද නම් කර තිබේ. 

MCA ඇකඩමියට වසර 17යි; පොඩ්ඩන්ගේ තරගාවලිය දෙසැම්බර් මුලදී

වෙළඳසේවා ක්‍රිකට් සංවර්ධන කමිටුව සහ DFCC බැංකුව ……

“විස්සයි විස්ස තරගවල රටාව තවත් දියුණු කර ගන්න අපේ ක්‍රීඩකයින්ට ලැබෙන හොඳ අවස්ථාවක් ලෙස මම මෙය දකින්නේ. ඇෆ්ගනිස්තානය හමුවේ අපි පරාජයට පත් වුනත් අපි එහෙම පරාජය වෙන්න ඕන කණ්ඩායමක් නෙමෙයි. මොකද අපි අනෙක් තරග රටාවන් දෙකට වඩා විස්සයි විස්ස තරග රටාවන් තුල ඉතාමත් හොඳින් තරග වදිනවා. අපේ කණ්ඩායම ඉන්දියාව එක්ක සෙල්ලම් කරන්නේ කියලා අපි හොඳ විමසිල්ලෙන් ඉන්නවා.” යැයි කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන පිල් සිමන්ස් පැවසීය. 

විස්සයි විස්ස සංචිතය: කිරන් පොලාර්ඩ් (නායක), ෆාබියන් ඇලන්, ශෙල්ඩන් කොට්රල්, ශිම්රන් හේට්මයර්, ජේසන් හෝල්ඩර්, කීමෝ පෝල්, බ්‍රෙන්ඩන් කිං, එවින් ලුවිස්, කෙරී පෙයිරි, නිකලස් පූරාන්, දිනේෂ් රාම්ඩීන්, ශෙර්ෆාන් රදර්ෆර්ඩ්, ලෙන්ඩල් සිමන්ස්, කැස්රික් විලියම්ස්, හේඩ්න් වොල්ෂ්.

එක්දින සංචිතය: කිරන් පොලාර්ඩ් (නායක), සුනිල් අම්බ්‍රිස්, රොස්ටන් චේස්, ශෙල්ඩන් කොට්රල්, ශිම්රන් හේට්මයර්, ජේසන් හෝල්ඩර්, ශායි හෝප්, අල්සාරී ජෝසප්, බ්‍රෙන්ඩන් කිං, එවින් ලුවිස්, කෙරී පෙයිරි, කීමෝ පෝල්, නිකලස් පූරාන්, හේඩ්න් වොල්ෂ්, රොමරියෝ ශෙෆර්ඩ්.

එක්දින සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය දෙසැම්බර් 6 වැනිදා හයිද්‍රාබාද් හිදී පැවැත්වෙන විස්සයි විස්ස තරගයෙන් ආරම්භ වේ. තරගාවලියේ අවසන් එක්දින තරගය දෙසැම්බර් 22 වැනිදා පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<