පිට පිට දෙවැනි වරටත් ශ්‍රී ලංකාවට පරාජයක්

167

16න් පහළ කාන්තා ආසියානු පාපන්දු ශූරතාවය වෙනුවෙන් සුදුසුකම් ලැබීම සඳහා පැවැත්වෙන තරගාවලියේ අද (17) පැවති තරගයකින් ජෝර්දානය හමුවේ 7-0ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු විය. තරගය පැවැත්වුණේ කොළඹ CR & FC ක්‍රීඩාංගණයේ දී ය. ඒ අනුව ආසියානු තරගාවලියට සුදුසුකම් ලැබීම මේ වන විට ශ්‍රී ලංකාවට අපහසු කරුණක් වී ඇත.

ආරක්ෂක පෙළෙහි දුර්වලතා ශ්‍රී ලංකාව අඩපන කරයි

ලබන වසරේ තායිලන්තයේ දී පැවැත්වෙන වයස අවුරුදු 16න් පහළ කාන්තා ආසියානු ශූරතාවය සඳහා සුදුසුකම් ලැබීමේ තරගයකින් අද (15) ශ්‍රී ලංකාව…..

තරගයේ මුල් මිනිත්තු කිහිපයේ දී ප්‍රබල ජෝර්දාන් කණ්ඩායමට හොඳ අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි විය. ජෝර්දානය දුර සිට පහරවල් එල්ල කිරීමට  වැඩි කැමැත්තක් දක්වන බව පෙනී ගිය අතර ශ්‍රී ලංකා ආරක්ෂක පෙළ ක්‍රීඩිකාවන් ද ඉතා සාර්ථකව එම ප්‍රහාර වළක්වාලන ලදි.

28 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකාවේ ගෝල රකින ක්‍රීඩිකාවගෙන් සිදු වූ අතපසුවීමකින් ජෝර්දානයට ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණ ද ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඉමේෂා බණ්ඩාරගේ විශිෂ්ට ක්‍රීඩා රටාව හමුවේ එම අවස්ථාව ජෝර්දානයට මඟහැරුණි.

ජෝර්දානය වැනි ප්‍රබල රටකට ශ්‍රී ලංකාව හොඳින් මුහුණ දුන්න ද, 41 වැනි මිනිත්තුවේ දී ජෝර්දාන කණ්ඩායමේ සෙයිනා හසන් විසින් තරගයේ පළමු ගෝලය වාර්තා කරන ලදි. ඉන් මිනිත්තුවක් ගතවන්නටත් මත්තෙන් පසුගිය තරගයේ දී ගෝල ද්විත්වයක් වාර්තා කළ ශ්‍රී ලංකාවේ රගුදාස් කිරුශාන්තිනී හට ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණ ද එම අවස්ථාව සාර්ථක කරගැනීමට නොහැකි වූයේ ඇයගේ සහයට ක්‍රීඩිකාවක් නොසිටි බැවිනි.

පළමු අර්ධයේ අවසන් මිනිත්තුව තුල දී ඉතා කදිම පන්දු හුවමාරුවකින් (Passes) අනතුරුව ශ්‍රී ලංකා ආරක්ෂක වළල්ල බිඳ දැමූ ජෝර්දානය  සිය දෙවැනි ගෝලය වාර්තා කළේය. එම ගෝලයේ හිමිකාරිනිය වූයේ ලීනා අල්මයියා ය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 00 – 02 ජෝර්දානය

දෙවැනි අර්ධයේ දී ජෝර්දානය පන්දුව ඔවුන් වෙතම තබා ගැනීමට සමත්වූවත්, ශ්‍රී ලංකාව ද හොඳින් ක්‍රීඩා කරනු දක්නට ලැබීය. නමුත් 52 වැනි මිනිත්තුවේ දී ජෝර්දානයේ ඒනාස් අල්ජමායීන් විසින් ජෝර්දානයේ තෙවැනි ගෝලය රැස් කළාය.

තරගයේ දී විනිසුරුවරිය විසින් පෙන්වන ලද එකම කහ කාඩ් පත ජෝර්දානයේ ජමාල් අබු-ගූෂ් හට නිකුත් කළේ ඇය විසින් ශ්‍රී ලංකාවේ සෙනුරි බණ්ඩාර හට අනිසි බලපෑමක් (Foul) සිදු කළ බැවිනි.

චෙල්සි, මැන්චෙස්ටර් සිටි දැවැන්ත ජයග්‍රහණ වාර්තා කරද්දී ලිවර්පූල් පල්ලම් බසී

සතියක ජාත්‍යන්තර තරග විරාමයෙන් පසු එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය පසුගිය සෙනසුරාදා (15) නැවත ඇරඹුණු අතර විරාමයෙන් පසු පළමු……

78 වැනි මිනිත්තුවේ දී ජෝර්දානයේ යසීන් අල්බටූෂ් විසින් තරගයේ සිව්වැනි ගෝලය රැස් කළාය. ඉන්පසුව දිගින් දිගටම ගෝල වාර්තා කිරීමට ජෝර්දානයට හැකි විය. 82 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකාවේ ගෝල රකින්නියගෙන් සිදු වූ සුළු අතපසුවීමක් ගෝලයක් බවට හරවා ගැනීමට ඒනාස් අල්ජමායීන්ට හැකි විය.

86 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකාවට ද ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමිවුන ද එය offside යැයි පැති විනිසුරු සංඥා කලෙන් තරගයේ එක ගෝලයක් හෝ වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට තිබූ අවස්ථාව අහිමි විය.

ඉන් තත්පර කිහිපයක් ගත වන විට ජෝර්දානය වෙනුවෙන් 6 වැනි ගෝලය වාර්තා කිරීමට ශෙයිමා අල් හදීන්ට හැකි විය. ඇය අතිරේක ක්‍රීඩිකාවක් ලෙසින් පිටියට පැමිණියාය. 90 වැනි මිනිත්තුවේ දී ශෙයිමා විසින් තවත් ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කළ ද ශ්‍රී ලංකා ගෝල රකින ක්‍රීඩිකා සංකලානි බණ්ඩාර විසින් එම උත්සාහය ව්‍යර්ථ කරන ලදි.

තරගයේ අතිරේක කාලයේ දී සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කිරීමට ජෝර්දානයේ එනාස් අල්ජමායීන්ට හැකි විය. ඒ අනුව තරගයේ ප්‍රතිඵලය දැක්වුණේ 7-0ක් ලෙසිනි.

නමුත් තවතවත් ගෝල වාර්තා කිරීමට ජෝර්දානය උත්සාහය දැරූ අතර ශ්‍රී ලංකාවේ ටශානි ජයකඩුගේ විශිෂ්ට ක්‍රීඩා රටාව නිසා 8 වැනි ගෝලය වාර්තා කිරීමට ජෝර්දානයට නොහැකි විය. ටශානි විසින් නියත ගෝලයක් වළක්වාලන ලදි.

16න් පහළ ශ්‍රී ලංකා කාන්තා පාපන්දු සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා වයස අවුරුදු 16න් පහළ කාන්තා පාපන්දු කණ්ඩායම අද (15) ගුවාම් කණ්ඩායමට එරෙහිව AFC වයස අවුරුදු 16න් පහළ කාන්තා පාපන්දු ශූරතා…….

ඒ අනුව තරගය 7-0ක් ලෙසින් ජෝර්දානයට ජය හිමිකර දෙමින් නිමා විය. පළමු තරගයේ දී ශ්‍රී ලංකාවේ ගෝල රකින ක්‍රීඩිකාව ලෙසින් ක්‍රීඩා කළ ජෙගනාදන් ජෙතුන්ශිකා වෙනුවට මෙම තරගයට ක්‍රීඩා කළේ සංකලනි බණ්ඩාරයි. තමාව තෝරාගැනීම වෙනුවෙන් උපරිම සාධාරණයක් සිදු කිරීමට සංකලනිට හැකි විය. නමුත් ප්‍රබල ජෝර්දානයේ ගමන නැවැත්වීමට ඇයට නොහැකි විය.

අද පැවති අනෙක් තරගයෙන් 20-00ක් ලෙසින් අතිවිශාල ජයක් ලැබීමට චීනයට හැකි විය. ඒ ගුවාම් දේශයට එරෙහිවයි. ශ්‍රී ලංකාව සහභාගී වන අනෙක් තරගය අනිද්දා (19) චීනයට එරෙහිව පැවැත්වෙනු ඇත. එම තරගය ද ThePapare.com හරහා සජීව ලෙස විකාශය කරනු ඇත.

අවසාන ප්‍රතිඵලය: ශ්‍රී ලංකාව 00 – 07 ජෝර්දානය

ගෝල වාර්තා කළ ක්‍රීඩිකාවන්:

ජෝර්දානය – සෙයිනා හසන් (41′), ලීනා අල්මයියා (45′), ඒනාස් අල්ජමායීන් (52′,82′,90+1′), යසීන් අල්බටූෂ් (78′), ශෙයිමා අල් හදීන් (90′)

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<