හිටපු බොක්සිං ක්‍රීඩකයින් දෙදෙනෙක් ක්‍රීඩාවේ උන්නතියට සහාය

559

ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන 93 වැනි ජාතික බොක්සිං ශූරතා තරගාවලියේ සාර්ථක දෙවන දිනය ඊයේ (21) කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී නිමාවට පත්විය.

එහි දී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලාභියෙකු වන හිටපු බොක්සිං ක්‍රීඩක සුමිත් ප්‍රසන්න සහ හිටපු ජාතික බොක්සිං ශූරයෙකු වන මොහොමඩ් හම්සා විසින් ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාව නඟා සිටුවීමට සහාය පිණිස ප්‍රදානය  තිබූ රු. 200,000ක මුදල ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ වර්තමාන සභාපති වන ඩයන් ගෝමස් මහතා හට ලබා දීම සිදු විය.

පළමු දිනයේ දී ම නාවික හමුදාවෙන් දැඩි ප්‍රහාර

ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන “93 වැනි ජාතික බොක්සිං ශූරතා තරගාවලිය”…

පිරිමි, කි. ග්‍රෑ. 52 ෆ්ලයි වෙයිට් බර පන්තිය

පොලිස් ක්‍රීඩා සමාජයේ වී. එල්. එරන්ද සහ MAS Slimline ක්‍රීඩා සමාජයේ එම්. ආර්. සඳරුවන් අතර පැවති තරගය 3-2ක් ලෙස ජූරි බහුතරය සමඟ ජයග්‍රහණය කිරීමට එරන්ද සමත් විය.

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ එම්. එස්. ද සිල්වා සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ඩී. ආර්. සංජීව අතර පැවති තරගයෙන් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ 4-1ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් සංජීවයි.

පේරාදෙණිය බොක්සිං සමාජය නියෝජනය කළ ප්‍රසංග දිල්ෂාන් සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ජී. ඊ. මදුෂාන් අතර පැවති තරගය නිමා වූයේ 5-0ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් මදුෂාන් හට ජයග්‍රහණය හිමිකර දෙමිනි.

පිරිමි, කි. ග්‍රෑ. 64 ලයිට් වෙල්ටර් වෙයිට් බර පන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එස්. බී. රාජකරුණා සහ පොලිස් ක්‍රීඩා සමාජයේ ඩී. ඩී. වීරසිංහ අතර පැවති තරගයේ ජයග්‍රහණය 5-0ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් රාජකරුණා හට හිමි විය.

MAS Slimline ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඩී. ඩී. සපරමාදු සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඩී. සී. උදයකුමාර අතර පැවති තරගයෙන් 5-0ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් සපරමාදු හට ජයග්‍රහණය හිමි විය.

පිරිමි, කි. ග්‍රෑ. 69 වෙල්ටර් වෙයිට් බරපන්තිය

නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ජී. එස්. කුමාරසිංහ සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඩී. ඩී. මදුරංග අතර පැවති තරගය ජයග්‍රහණය කිරීමට 5-0ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් කුමාරසිංහ සමත් විය.

පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඩී. සී. නිලංග සහ MAS Slimline ක්‍රීඩා සමාජය නියෝජනය කළ එන්. එම්. හෙට්ටිආරච්චි අතර පැවති තරගයෙන් ජයග්‍රහණය හිමිකර ගැනීමට 5-0ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් හෙට්ටිආරච්චි සමත් විය.

ප්‍රවීණයන්ගේ දඩබිම – 93 වැනි ජාතික බොක්සිං ශූරතා තරගාවලිය

ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන “93 වැනි ජාතික බොක්සිං ශූරතා තරගාවලිය”…

පිරිමි, කි. ග්‍රෑ. 75 මිඩ්ල් වෙයිට් බරපන්තිය

MAS Slimline ක්‍රීඩා සමාජයේ ඩී. ඒ. ගුණසේකර සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පී. ආර්. කුමාර අතර පැවති තරගයෙන් ජයග්‍රහණය කිරීමට 3-2ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් කුමාර සමත් විය.

පොලිස් ක්‍රීඩා සමාජයේ ජී. පී. රත්නසිරි සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එම්. ඩී. පුෂ්පකුමාර අතර පැවති තරගයේ ජයග්‍රහණය 5-0ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් රත්නසිරි හට හිමි විය.

පිරිමි, කි. ග්‍රෑ. 81 ලයිට් හෙවි වෙයිට් බරපන්තිය

නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඒ. එන්. ප්‍රනාන්දු සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ පී. එම්. සිල්වා අතර පැවති තරගයෙන් 5-0ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් ප්‍රනාන්දු හට ජයග්‍රහණය හිමි විය.

MAS Slimline ක්‍රීඩා සමාජයේ සිසිර කුමාර සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඒ. ආර්. සඳකැලුම් අතර පැවති තරගයෙන් 4-1ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගෙන ජයග්‍රහණය කිරීමට සඳකැලුම් සමත් විය.

පිරිමි, කි. ග්‍රෑ. 91 හෙවි වෙයිට් බරපන්තිය 

MAS Slimline ක්‍රීඩා සමාජය නියෝජනය කළ අයි. එච්. අබේසිංහ සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඩබ්. එල්. සඳුන් අතර පැවති තරගයේ ජයග්‍රහණය 3-2ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් සඳුන් හට හිමි විය.

පොලිස් ක්‍රීඩා සමාජයේ එම්. එන්. රත්නායක සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඒ. පී. ජයසේන අතර පැවති තරගයෙන් ජයසේන හට ජයග්‍රහණය හිමි වූයේ ප්‍රතිවාදී පුහුණුකරු විසින් දෙවන වටයේ දී තරගය නවත්වන ලෙස කළ ඉල්ලීම හේතුවෙනි.

පිරිමි, කි. ග්‍රෑ. 91+ සුපර් හෙවි වෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ බී. ඊ. තිලකරත්න සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ එම් . එම්. මීගස්තැන්න අතර පැවති තරගයෙන් ජයග්‍රහණය කිරීමට 5-0ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් තිලකරත්න සමත් විය.

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ඒ. ඩබ්. හෙට්ටිගේ සහ ටී. බී. රත්නදිවාකර අතර පැවති තරගයෙන් ජයග්‍රහණය හිමි වූයේ 5-0ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් රත්නදිවාකර හටයි.

තරගාවලියේ තෙවන දිනය වන අද (22) දිනයේ දී පිරිමි හා කාන්තා අංශ වල තරග පැවැත්වීමට නියමිත අතර එහි සියලුම තරග වාර්තා ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<