17න් පහළ ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 74ක් තරග බිමේ

460
u17 division 1

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය මේ මස 23 වැනිදා සිට ආරම්භ වේ. තරගාවලිය සඳහා දිවයිනේ පාසල් 74ක් සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් කාණ්ඩ 10ක් යටතේ පළමු වටයේ දී තරග වදිනු ඇත.

ජෝසප්වරුන් කුසලානය මරදානට රැගෙන යයි

පුරා මාස පහකට ආසන්න කාලයක් පුරාවට පැවති සිංගර් කුසලාන පාසල් ක්‍රිකට් තරගාවලියේ .

පසුගිය වසරේ ශූරයන් වූ මාතර සාන්ත සර්වේස් විද්‍යාලය මෙවර J කාණ්ඩයෙන් තරග වදින අතර අනුශූරතාව දිනූ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය G කොටසින් තරග වදිනු ලැබේ.

පසුගිය වසරේ දෙවැනි කොටසේ ශූරයන් වූ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ අනුශූරතාව දිනූ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය ද මෙවර පළමු කොටසේ තරගාවලිය සුදුසුකම් ලබා ගත්තේය.

ඊට අමතරව ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම ද මෙවර පළමු කොටසට උසස් වීම් ලබා ගනිමින් තරගාවලියට එක් වෙනු ඇත. පසුගිය වසරේ පළමු කොටසේ තරගාවලිය නියෝජනය කළ වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය සහ කෑගලු විද්‍යාලය පළමු කොටසින් පහත දැමුණ අතර ඔවුන් මෙවර තරග වදිනුයේ දෙවැනි කොටසේ තරගාවලියයි.

පෙරළිකාර ජෝසප්වරුන්ගේ නායකයා “ජෙහාන් ඩැනියෙල්”

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු

තරගාවලියේ පළමු වටය ලීග් තරගාවලියක් සේ පැවැත්වෙන අතර දෙවැනි වටය සඳහා කණ්ඩායම් 32ක් තෝරා ගැනීමට නියමිත ය. දෙවැනි වටය ද ලීග් තරගාවලියක් සේ කාණ්ඩ 8ක් යටතේ තරග වදිනු ඇත. එම කාණ්ඩ 8 ජයග්‍රාහී සහ අනුශූර කණ්ඩායම් 16 පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇත.

මෙවරත් මෙම තරගාවලිය සඳහා සිංගර් ශ්‍රී ලංකා සමාගම පූර්ණ අනුග්‍රහය දක්වනු ලැබේ.

A කාණ්ඩය

එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය (දෙහිවල), සාන්ත ඇන්තනීස් විද්‍යාලය (වත්තල), වික්‍රමශීලා ජාතික පාසල (ගිරිඋල්ල), නාලන්ද විද්‍යාලය (කොළඹ), සාන්ත සේවියර් විද්‍යාලය (කොළඹ), ධර්මපාල විද්‍යාලය (පන්නිපිටිය), සාන්ත පීතර විද්‍යාලය (මීගමුව), බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය (ගම්පහ)

 

B කාණ්ඩය

තර්ස්ටන් විද්‍යාලය (කොළඹ), කේරි විද්‍යාලය (කොළඹ), සාන්ත ජෝන්ස් විද්‍යාලය (නුගේගොඩ), සාන්ත තෝමස් විද්‍යාලය (ගල්කිස්ස), ඩිලාසාල් විද්‍යාලය (කොළඹ), සිරි කුරුස විද්‍යාලය (කළුතර), සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (වෙන්නප්පුව), ජනාධිපති විද්‍යාලය (කෝට්ටේ)

සාන්ත ජෝසප් ජයග්‍රහණයට මූලික වුවෝ – ජෙහාන්, නිපුන් සහ රෙවාන්

වසර කිහිපයකට පස්සේ මරදානට පාසල් ක්‍රිකට් ශූරතාවයක් දිනා දෙන්නට සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ සමත් වුනේ

C කාණ්ඩය

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය (ගලහිටියාව), සාන්ත සෙබස්තියන් විද්‍යාලය (මොරටුව), පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය (පිළියන්දල), මොරටු විද්‍යාලය (මොරටුව), සාන්ත ජෝන්ස් විද්‍යාලය (පානදුර), ලුමිබ්ණි විද්‍යාලය (කොළඹ), සාන්ත පීතර විද්‍යාලය- A කණ්ඩායම (බම්බලපිටිය), සාන්ත බෙනඩික්ට් විද්‍යාලය- A කණ්ඩායම (කොටහේන)

D කාණ්ඩය

ආනන්ද ශාස්ත්‍රාලය (කෝට්ටේ), මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (මීගමුව), රාජකීය විද්‍යාලය (කොළඹ), ඉසිපතන විද්‍යාලය (කොළඹ), ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය (කෝට්ටේ), අසෝක විද්‍යාලය (කොළඹ), මහානාම විද්‍යාලය (කොළඹ)

E කාණ්ඩය

ද මැසිනද් විද්‍යාලය (කොටහේන), ශ්‍රී සුමංගල විද්‍යාලය (පානදුර), ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය (කැළණිය), සාන්ත ජෝසප් විද්‍යාලය (කොළඹ), ආනන්ද විද්‍යාලය (කොළඹ), රාජකීය විද්‍යාලය (පානදුර), වෙස්ලි විද්‍යාලය (කොළඹ)

F කාණ්ඩය

වේල්ස් කුමර විද්‍යාලය (මොරටුව), සාන්ත මරියා විද්‍යාලය (හලාවත), ඩී. එස්. සේනානායක විද්‍යාලය (කොළඹ), ගුරුකුල විද්‍යාලය (කැළණිය), සාන්ත සෙබස්තියන්ස් විද්‍යාලය (කටුනේරිය), මහානාම විද්‍යාලය (කොළඹ), තිස්ස මධ්‍ය මහා විද්‍යාලය (කළුතර)

රැජිනියන්ගේ සටනේ කිරුළ පළමු වරට ගම්පහ රත්නාවලියට

නුගේගොඩ අනුලා විද්‍යාලය හා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය අතර දෙවන වරටත් පැවති “රැජිනිවරුන්ගේ මහා සටන”

G කාණ්ඩය

සඳලංකා මධ්‍ය මහා විද්‍යාලය (සඳලංකාව), සාන්ත ආනා විද්‍යාලය  කුරුණෑගල), සාන්ත තෝමස් විද්‍යාලය – A කණ්ඩායම (මාතලේ), සාන්ත ජෝන්ස් විද්‍යාලය (යාපනය), ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය (ඉබ්බාගමුව), මලියදේව විද්‍යාලය (කුරුණෑගල), ශ්‍රී රාහුල විද්‍යාලය (කටුගස්තොට), සාන්ත අන්තෝනි විද්‍යාලය (මහනුවර)

H කාණ්ඩය

ධර්මරාජ විද්‍යාලය (මහනුවර), සාන්ත මරියා විද්‍යාලය (කෑගල්ල), සාන්ත සිල්වෙස්තර විද්‍යාලය (මහනුවර), ශ්‍රී සුමංගල විද්‍යාලය (මහනුවර), ත්‍රිත්ව විද්‍යාලය (මහනුවර), විද්‍යාර්ථ විද්‍යාලය (මහනුවර), කිංස්වුඩ් විද්‍යාලය (මහනුවර)

J කාණ්ඩය

පී. ද එස්. කුලරත්න විද්‍යාලය (අම්බලන්ගොඩ), රාහුල විද්‍යාලය (මාතර), සාන්ත ඇලෝසියස් විද්‍යාලය (ගාල්ල), සාන්ත සර්වේශස් විද්‍යාලය (මාතර), දෙබරවැව ජාතික පාසල (දෙබරවැව), මහින්ද විද්‍යාලය (ගාල්ල), විද්‍යාලෝක විද්‍යාලය (ගාල්ල)

K කාණ්ඩය

ශ්‍රී දේවානන්ද විද්‍යාලය (අම්බලන්ගොඩ), ධර්මාශෝක විද්‍යාලය (අම්බලන්ගොඩ), දේවපතිරාජ විද්‍යාලය (රත්ගම), රිච්මන්ඩ් විද්‍යාලය (ගාල්ල), කළුතර විද්‍යාලය (කළුතර), සාන්ත තෝමස් විද්‍යාලය (මාතර), රේවත විද්‍යාලය (බලපිටිය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<