රුහුණු මයා සටන ජය පරාජයෙන් තොරයි

1154
Dharmapala College Vs Rahula College

මාතර රාහුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර 6 වන වරටත් පැවැත්වූ රුහුණු මායා  සටන අද (1) මොරටුව ටිරොන් ප්‍රනාන්දු පිටියේ දී ජය පරාජයෙන් තොරව අවසන් විය.

සදීර සහ අසලංක ශ්‍රී ලංකාව අවසන් සටනට ගෙන යයි

ආසියානුකරයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රමුඛ පෙළ රටවල් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන නැගී එන ක්‍රීඩකයින්ගේ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට පිවිසෙන්නට අද (01) ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, සුරාජ් රන්දිව් වැනි ක්‍රිකට් තරු ශ්‍රී ලංකා කණ්ඩායම වෙත දායාද කල පාසල් ද්විත්වයක් වන මෙම පාසල් අතර මහා ක්‍රිකට් තරගය ඊයේ (31) දෙදින තරගයක් ලෙසින් ආරම්භ විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කල පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කල අතර, ඒ අවසරයෙන් පිටියට පැමිණි රාහුල විද්‍යාලය වෙනුවෙන් ලක්දිනු චමෝද්‍ය විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් ලකුණු 55ක් තම විදුහල් ලකුණු පුවරුවට එක් කළ අතර ඔහුගේ පෞද්ගලික අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට ද ඔහු ඉඩ හසර වෙන් කරගත්තේය. ඔහු සමඟින් රාහුල පළමු ඉනිම ලකුණු 210ක් දක්වා ඔසවා තැබූ බිනුර සංගීත් ලකුණු 38ක් රැස්කර ගත්තේ මැදපෙළ පිතිකරණය සවිමත් කරමිනුයි. එම ඉනිම අවසාන කළ චමිදු සමරසිංහ ලකුණු 61ක් තුළ රාහුල විද්‍යාලයේ කඩුලු 4ක් දවාලමින් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 210ක් ලබාගෙන සිටිය දී තම පළමු ඉනිම අත්හිටුවීමට රාහුල විද්‍යාලය තීරණය කරන ලදි.

අනතුරුව තම පළමු ඉනිම දියත් කළ ධර්මපාල විද්‍යාලයට අභියෝගාත්මක පන්දු යැවීමක නිරත වුනු නුවන් මදුසංක කඩුලු 5ක් දවාලමින් තරගයේ වැඩි වාසිය තම විද්‍යාලයට හරවා දෙන විට, තනිවම සටනක් දියත් කල චමිදු සමරසිංහ විසින් වැදගත් ලකුණු 36ක් රාහුල විද්‍යාලය වෙනුවෙන් රැස්කරගන්නා ලදි.

ලකුණු 114කට ධර්මපාල පළමු ඉනිම සීමා වූ අතර, ලකුණු 96ක වාසියක් ද සහිතව තම දෙවන ඉනිම ආරම්භ කළ රාහුල විද්‍යාලය වේගවත් පිතිකරණයක නිරත වීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය අසාර්ථක වී, රාහුල ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 80ක් ලෙස සනිටුහන් විය. එහිදී පිරුන හේවාමද්දුම ලකුණු 28ක් ලබා ගන්නා විට, දුලාජ් එගොඩගේ කඩුලු 3ක තමන් සතුකරගත්තේය.

ලකුණු 177ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පැමිණි ධර්මපාල විද්‍යාලයට දෙවන දිනය අවසානයේ ලබාගැනීමට හැකිවූයේ කඩුලු 3ක් දැවී ලකුණු 41ක් පමණි. එහිදී පසන් සමරතුංග ලකුණු 26ක් තුල කඩුලු 2ක් දවාලීමට සමත් විය.

අවසානයේ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර එහි පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට මාතර රාහුල විද්‍යාලයට හැකිවිණි.

රාහුල විද්‍යාලය පළමු ඉනිම – කඩුලු 9ක් දැවී ලකුණු 210 dec (පන්දුවාර 75.2): ලක්දිනු චමෝද්‍ය 55, බිනුර සංගීත් 38, සසිත් මනුරංග 32, භාග්‍ය හිමත් 24, චමිදු සමරසිංහ 4/61, ශසික ඩිල්ශාන් 2/45

ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 114 (පන්දුවාර 49): චමිදු සමරසිංහ 36, අවිශ්ක හසරින්ද 21, නුවන් මදුසංක 5/54, පසන් සමරතුංග 3/21, විනුශ්ක චතුරංග 2/08

රාහුල විද්‍යාලය දෙවන ඉනිම – කඩුලු 6ක් දැවී ලකුණු 80 dec (පන්දුවාර 15): පිරුන හේවාමද්දුම 28, දුලාජ් එගොඩගේ 3/16, අවිශ්ක හසරින්ද 2/13

ධර්මපාල විද්‍යාලය දෙවන ඉනිම – කඩුලු 3ක දැවී ලකුණු 41 (පන්දුවාර 19): පසන් සමරතුංග 2/26

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට