නායකත්වයේ ඉනිමක් දියත් කළ පුලින නොදැවී ශතකයක් වාර්තා කරයි

1353
60th Battle of Babes St. Sylvester's college v Vidyartha College Day 1

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර 60 වැනි වරටත් පවත්වනු ලබන “සුරතලුන්ගේ මහා ක්‍රිකට් සංග්‍රාමය” අද (21) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

සුරතලුන් සටනට කැඳවන සා. සිල්වෙස්තර සහ විද්‍යාර්ථ මහ තරගය

අඩසිය වසරක් තිස්සේ නොලැබූ ජයග්‍රහණයක් සොයමින් වෙහෙසෙන මහනුවර විද්‍යාර්ථයින් සමඟ…

කාසිය වාසිය දිනාගත් සාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය ක්‍රීඩකයින් ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරා ගත් අතර විද්‍යාර්ථ ඉනිම ආරම්භ කරමින් ශාමල් ප්‍රියභාශණ හා කසුන් කරුණාතිලක පිටියට පිවිසිය හ.

ආරම්භක සබඳතාවය ලකුණු 27කට සීමා කරමින් ප්‍රථම කඩුල්ල ලබා ගැනීමට නිම්සර අතරගල්ල සමත් වූයේ ප්‍රියහාෂණ ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කරමිනි.

ඉන් අනතුරුව පිටියට පිවිසි අංක 3 පිතිකරු ඉසුරු ප්‍රබෝද (01) ද වැඩි වේලාවක් යෑමට ප්‍රථම, අවිඳු හේරත් අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. එවිට මුලු ලකුණු තත්වය 32ක් ලෙස සටහන් විය.

ඉන් අනතුරුව පිටියට පිවිසි නායක පුලින ගුණතිලක ආරම්භක පිතිකරු කසුන් කරුණාතිලක සමඟ එක්වී ලකුණු 38ක සබඳතාවයක් ගොඩනැගූ අතර එම සබඳතාවය නිමා කරමින් කසුන් ලකුණු 28කට රුසිඳු නිස්සංකගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ඔහුගේ එම ලකුණු 28ට හතරේ පහර 4ක් අන්තර්ගත විය.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට විද්‍යාර්ථ ක්‍රීඩකයන් පන්දුවාර 30ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 82ක් රැස් කරගෙන සිටියේය.

නාලන්දාව අභිබවා යමින් ත්‍රිත්වයින් තවත් පිම්මක් පනී

සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රිකට් පිටියේ දී නිමා වූ වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 …

දිවා විවේකයෙන් පසුව මෙදුනක විජේතිලක හා පුලින ගුණතිලක ස්ථාවර සබඳතාවයක් ගොඩනගමින් සිටියත්, එම සබඳතාවය අවසන් කිරීමට අභිෂේක් සුරංග සමත් වූයේ මෙදුනක (18) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි.

පිට දඟපන්දු යවන ක්‍රීඩක නදීර පබසර එවූ පන්දුවකට 5 වැනි කඩුල්ල ලෙස රවිෂ්ක උපනන්ද කඩුල්ල මුවා කිරීමේ වරදකට හසු වී දැවී යන විට ඔහු ලකුණු 13ක් ලබා ගෙන සිටියේය.

සිල්වෙස්තර කණ්ඩායමේ මනෝහරන් පවිත්‍රන් හා නදීර පබසර දඟපන්දු සුසංයෝගය ඉතා විශිෂ්ට ආකාරයේ පන්දු යැවීමක නිරත වෙමින් විද්‍යාර්ථ ක්‍රීඩකයින් යම් පාලනයකට ලක්කිරීමට සමත් වූහ.

තේ පානය සඳහා තරගය නතර කරන විට නායක පුලින ගුණතිලක හා ගිහාන් ජයසේකර, විද්‍යාර්ථ විද්‍යාලය පන්දුවාර 63ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 193ක් දක්වා ඉහළට රැගෙන එන්නට සමත් විය.

තේ පානයෙන් අනතුරුව විද්‍යාර්ථ ක්‍රීඩකයින් පිටියට පිවිසියේ වේගයෙන් ලකුණු ලබා ගැනීමේ අපේක්ෂාවෙන් වුවත්, වේගයෙන් ලකුණු ලබා ගැනීමට ගොස් ගිහාන් ජයසේකර ලකුණු 28කට දැවී යන ලදි. ඔහු දැවී ගියේ 6 වන කඩුල්ල ලෙසයි.

නදීර බාලසූරිය විසින් විද්‍යාර්ථ ඉනිමේ 7 වැනි කඩුල්ල දවා ගැනීමට සමත් වූ අතර දුමිඳ ඉමන්ත පිටියෙන් ඉවත්ව යන විට මුලු ලකුණු තත්වය 209/7ක් ලෙස දිස්විය.

එක පිට එක කඩුලු දැවී යද්දී එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් නායකත්වයේ ඉනිමක් දියත් කළ පුලින ගුණතිලක තම ශතකය සම්පූර්ණ කර ගැනීමට සමත් විය. පන්දු 176කින් වාර්තා වූ එම ශතකයට හතරේ පහර 5ක් හා හයේ පහර 6ක් අන්තර්ගත විය.

කෙසේ නමුත් සිල්වෙස්තර කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම හමුවේ අවසන් කඩුලු කිහිපය ද ඉතා ඉක්මනින් දැවී ගිය අතර 8 වන කඩුල්ල ලෙස කවිෂ්ක දිල්හාර ලකුණු 5ක් ලබා සිටිය දී ද, චතුරංග දිල්ෂාන් තමා මුහුණ දුන් දෙවැනි පන්දුවේ දී නදීර බාලසූරියගේ පන්දුවක් හමුවේ 9 වැනි කඩුල්ල ලෙස ද දැවී ගියහ.

කණ්ඩායමට තවත් එක ලකුණක් එකතු වෙද්දී අවසන් කඩුල්ල ලෙස ඉෂාන් සංගීත් (00) දැවී ගියේ නිම්සර අතරගල්ලගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි. ඒ අනුව විද්‍යාර්ථ ක්‍රීඩකයන්ට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 229ක් පමණි.

පිළිතුරු ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි සිල්වෙස්තර ක්‍රීඩක කෙවින් ශහසර හා අහිෂේක් විසුරංගගේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු18කට සීමා කරමින් පළමු කඩුල්ල ලෙස අභිෂේක් දවා ගැනීමට විද්‍යාර්ථයින් සමත් විය.

ප්‍රථම කඩුල්ල දැවී යාමෙන් අනතුරුව පිටියේ එක්වූ මදුශංක හෙට්ටිආරච්චි, කෙවින් සමඟ විශිෂ්ට සබඳතාවයක් ගොඩනැඟීමට සමත් වූ අතර ප්‍රථම දිනය අවසානයේ සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයන් එක් කඩුල්ලක් දැවී ලකුණු 53ක් ලබාගෙන සිටි.

තරගයේ දෙවැනි දිනය හෙට (22) ක්‍රියාත්මකයි.

විද්‍යාර්ථ විද්‍යාලය: පළමු ඉනිම 229/10 (74) පුලින ගුණතිලක 102*, කසුන් කරුණානායක 28, ගිහාන් ජයසේකර 28, නදීර බාලසූරිය 3/27, රුසිඳු නිස්සංක 3/47, නිම්සර අතරගල්ල 2/62

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය: පළමු ඉනිම 53/1 (19) කෙවින් ශහසර 36*, මදුශංක හෙට්ටිආරච්චි 8*, ඉෂාන් සංගීත් 1/23

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<